Jun
11

කොල්ලෝ වෂි කරගත් හිරු නිවේදිකා සජීගේ ඡායාරුපයට ශනුද්‍රි ඇඩෙන්නම කියපු දේ

 
2143 Views
   
 

හිරු FM සහ හිරු TV ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය නිවේදිකාවක් තමයි සජී මොහොට්ටිගේ කියලා කියන්නේ.ඇය මෙතරම් ජනප්‍රිය වෙන්න ඇයගේ නිවේදන හැකියව වගේම ඇයගේ සුන්දර රූ සපුව නිසාම මේ වනවිට බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වෙන සුරූපිණියක් වෙලා. සජී කලින් වැඩ කලේ සියත ගුවන්විදුලි නාලිකාවේ. ඊට පස්සේ ඇය හිරු FM නාලිකාවට ආවට පස්සේ ඉක්මනින්ම ශ්‍රාවකයන් සහ ප්‍රේක්ෂකයන් අතර ඉතාම ජනප්‍රිය වුණා. කොහොම නමුත් මේ දවස් වල සමාජ මාධ්‍ය වල සැරිසරන ඡායාරූපයක් නිසා ඇය ගැන වැඩි කතාබහක් ඇති වෙලා තියනවා.ඒ ඇගේ පරණ චයාරුපයක් සහා මේ දවස්වල ඇගේ චයාරුපයක් නිසා.ඉතින් ඇගේ චයාරුපයට ශනුද්රි මෙන්න මේ වගේ කතාවක් කියලා තිබුනා.

බුකියෙ පහලට පහලට යනකොට, පේජ් එකක දාල තිබ්බ පින්තූරයක් මේ. හා හා කොමෙන්ට් දහස් ගණනක් වැටිච්ච මේ ෆොටෝ එකට දාල තිබුන කොමෙන්ට්ස් දැක්කම මිනිස්සු ගැන ඇතිවෙන්නෙ පුදුම කලකිරීමක්. මට නන් මේ ෆොටෝ දෙකේ කිසි වෙනසක් නෑ. දෙකේම ඉන්නෙ ලස්සන ගෑනු ලමයෙක්. කලින් ෆොටෝ එකේ මදක් කෙට්ටුවට අදුරු පැහැ සමක් තිබුනු ලස්සන කෙල්ල ඊලග ෆොටෝ එකේ ටිකක් පැහැපත් වෙලා ලස්සනටම ඉන්නවා. මට තියෙන ප්‍රශ්නෙ මිනිස්සුන්ට මේකෙ හිනාවෙන්න තියෙන්නෙ මොකද්ද කියන එක. මිනිස්සු වෙනස් වෙනවා. තමන්ගෙ උත්සාහය අනුව, කැපකිරීම් අනුව සහ තමන්ගේ රුචිකත්වය පරිදි මිනිස්සු ජීවිතේ වෙනස්වීම් කරගන්නවා. අතීශය දියුණු තාක්ෂණයක් එක්ක දුවන ලෝකෙ මිනිස්සු හොද විදියට වෙනස් වෙන එක කවදාවත් වැරැද්දක් හෝ හිනාවෙන්න දෙයක් නෙමෙයි. ලංකාවෙ ඉන්න සමහර අයගෙ මානසිකත්වය අනුව දුප්පත්ව ඉපදිච්ච මිනිස්සු දුප්පත් වෙලාම ඉන්න ඕන, අදුරු පැහැ සමක් තියෙන අය ඒ විදියටම ඉන්න ඕන, මහත කෙනෙක් නන් මහතටම ඉන්න ඕන, කෙට්ටු කෙනෙක් නන් කෙට්ටුවටම ඉන්න ඕන. තමන්ගෙ හැකියාව, දක්ෂතාවය කියන එක ලෝකෙට පෙන්නන්න බෑ. ඔවුන්ට ඒක තවත් හිනාවෙන්න තියන එක කාරණාවක් විතරයි.

තව ටික් දවසකින් වෙන්නෙ මේ පින්තූරෙ ඉන්න කෙල්ලගේ අතීශය පෞද්ගලික තොරතුරු ඉතා ප්‍රසිද්ධියේ හංවඩු ගහල හෝද හෝද මඩේ දාන එක. ලංකාවෙ මෙහෙම හිතන ගොබ්බ හැතිකරේ ඉන්නකන් හැමදාම අපි මෙහෙම්මයි. ස්ත්‍රී ,පුරුෂ භේදයකින් තොරව, කුණු අඹ ගොඩකට වහන නිලමැස්සො වගේ කුණුගොඩේම ඉන්න එවුන් වැඩිපුරම ඉන්න සමාජයක් මේක. ඔබ දියුණු වෙන්න, හොද විදියට වෙනස් වෙන්න, නිල මැස්සෙක්ට ලංවෙන්න හිතන්නවත් බැරි උසම අත්තක තියෙන මලක් වෙන්න. එදාට ඔබ ලග හැමෝම ආදරෙන් ඉදීවි.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්