Jun
8

අත්‍යවශ්‍ය බැංකු සේවා සඳහා පමණක් ශාඛාවන් විවෘත වේ

 
1601 Views
   
 

කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ පොලිස්පතිගේ අනුමැතිය/එකඟතාව ලබාගැනීමෙන් අනතුරුව, සෞඛ්‍ය අංශවලින් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ හා විධිවිධාන තරයේ අනුගමනය කරමින් අත්‍යවශ්‍ය බැංකු සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස බලපත්‍රලාභී බැංකු වෙත මේ වනවිට උපදෙස් ලබාදී තිබේ. බැංකු සේවා සැපයීම සම්බන්ධව මෑතකදී බලපත්‍රලාභී බැංකු විසින් නිකුත් කර ඇති නිවේදන සැලකිල්ලට ගනිමින්, පහත කරුණුවලට යටත්ව අඛණ්ඩව බැංකු සේවා සැපයීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත අවධාරණය කර ඇත.

1. වෙළෙඳ මූල්‍ය පහසුකම්, භාණ්ඩාගාර සේවා, නිශ්කාශන කටයුතු, වේතන හා විශ්‍රාම වැටුප් ගෙවීම වැනි අත්‍යවශ්‍ය බැංකු සේවා සහ ගනුදෙනුකරුවන්ගේ අනෙකුත් හදිසි ඉල්ලීම්/විමසීම් සඳහා ප්‍රතිචාර සැපයීම වැනි කටයුතු සඳහා පමණක් බැංකු විවෘතව තැබිය යුතුය.

2. බැංකු සේවා සැපයීමේදී කාර්යය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව සැලකිල්ලට ගනිමින්, බලපත්‍රලාභී බැංකු ශාඛාවක වරකට සේවයට වාර්තා කළ යුතු උපරිම සේවක සංඛ්‍යාව 15කට සීමා කර ඇත.

3. සේවකයන් රාජකාරියට කැඳවීම සේවාමුර යටතේ සිදුකළ යුතු අතර, නො’එසේ නම්, ඒ ඒ ශාඛාවන්ගෙන් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් සලකා බලමින්, නිශ්චිත දිනයන් හිදී පමණක් ශාඛා විවෘත කර තැබීමට කටයුතු කළ යුතු වේ.

4. සේවකයන් රාජකාරියට කැඳවීමේදී ශාඛා කළමනාකරු විසින් ළඟම ඇති පොලිස් ස්ථානයෙන් පූර්ව අනුමැතිය ලබාගත යුතුවේ.

තවද බලපත්‍රලාභී බැංකු විසින් පහත අවශ්‍යතා සපුරාලිය යුතු වේ.

i. අත්‍යවශ්‍ය බැංකු සේවා ලබාගත හැකි ආකාරය පිළිබඳ මහජනතාව දැනුවත් කරමින් නිවේදන නිකුත් කිරීම.

ii. ගනුදෙනුකරුවන් ගනුදෙනු කරන විවිධ ආකාර සැලකිල්ලට ගනිමින්, තවද අභියෝගකාරී තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය බැංකු සේවා ලබාගැනීම සඳහා අදාළ බැංකු ශාඛාවල කාර්ය මණ්ඩලය හා සම්බන්ධ විය හැකි ආකාරය සහ ක්ෂණික ඇමතුම් අංක වැනි සම්බන්ධීකරණ තොරතුරු සම්බන්ධව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම.

iii. ගනුදෙනුකරුවන්ගේ විමසීම් සහ ඉල්ලීම් සඳහා කඩිනම් පිළිතුරු සහ විසඳුම් සැපයීමට කටයුතු කිරීම සහ,

iv. දැනට පවතින 6,100කට අධික ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, මුදල් තැන්පතු යන්ත්‍ර සහ ජංගම බැංකු සේවා සපයන රථ වැනි විද්‍යුත්/ඩිජිටල් මාධ්‍ය ඔස්සේ බැංකු සේවා අඛණ්ඩව සැපයීමට කටයුතු කිරීම.

පවතින අභියෝගකාරී තත්ත්වය හමුවේ, බලපත්‍රලාභී බැංකු වෙත සහාය දැක්වීමක් වශයෙන් තම එදිනෙදා ගනුදෙනු හැකිතාක් දුරට ඔන්ලයින් සේවාවන්/ගෙවීම් ක්‍රම භාවිතයෙන් සිදුකරන මෙන් සහ අත්‍යවශ්‍ය බැංකු සේවා සඳහා පමණක් බැංකු ශාඛාවන් අමතන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

ෂමිල පෙරේරා (ada.lk)
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්