Nov
6

ගයත්‍රි ඩයස් කැනඩාවේ දැන් ගත කරන ජීවිතේ

 
8022 Views
   
 

ගයාත්රී ඩයස් මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙලා සිටින්නේ කොළඹ ඉතාලියේ ආශා සහ පාර දිගේ නාට්යයේ පුෂ්පා නෝනා යන චරිත වලට අමතරව once upon a time in colombo නාට්ය රඟපාන චරිත නිසය. චරිත කිහිපයක් සමග මේ විදිහට ගයාත්රී ඩයස් අපට හමු වුණත් සැබෑ ජීවිතයේ දී ඇය හමු වෙන්න නම් සත් සමුදුරෙන් එහාට යන්නට වෙනවා. ඒ කියන්නේ අද අපට ඇය හමු වන්නට කැනඩාවට යන්න වෙනවා. මේ ගයත්රි කැනඩාවේ සිට අපට හමුවූ විදියයි. 

ගයාත්රී හිටි හැටියේම ලංකාවෙන් ගියේ ? 

හිටි හැටියෙම නෙවෙයි කාලයක් තිස්සේ ළමයින්ගේ අධ්යාපන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වෙන්න හිතාගෙන හිටියේ එයාලගේ අනාගතය ගැන හිතනවට වඩා සමහර වෙලාවට මගේ කලා කටයුතුවල දී මම කැප වී සිටියා ඉතින් තවත් කල් ගියොත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මට කාලයක් ඉතිරි වෙන එකක් නැහැ ඒ නිසා දරුවන් වෙනුවෙන් දැන් පෙරට වඩා සම්පූර්ණයෙන්ම කැප විය යුතු කාලය බව මම තේරුම් ගත්තා මට යුතුකම් ඉටු නොකර නිකංම මැරිල යන්න බැහැ ඒ නිසා මගේ සියලු වැදගත් කියන කටයුතු පැත්තකට දාලා දරුවන් වෙනුවෙන් මේ තීරණය ගත්තේ.

දුවලා දෙන්න මොනවද කරන්නේ ? 

ලොකු දුව මනෝවිද්යා අංශයේ උපාධිය හදාරනවා එහි masters එකක් කරන්න එයා අවුරුද්දක් විතර එංගලන්තයට යාවි. ඊට පස්සේ එයා පොඩි දුව සහ මා එක්ක ජීවිතේ ගත කරන්න කැනඩාවට ඒවි. පොඩි දුව ඉදිරි අධ්යාපන කටයුතු මෙහි සිට කරාවි.

කොහොමද කැනඩාවේ ජීවිතය ? 

ඒක හරියට ගිනි අව්වේ ඉඳලා සීතල වතුරට බැස්ස වගේ දෙයක්. කැනඩාව කියන්නේ ශීත දේශගුණයක් තියෙන රටක් බව අපි හැමෝම දන්නා දෙයක්නේ. ඉතින් ඒ ශීතලට ඔරොත්තු දෙන්න වෙනවා. දැන් මම ඒකට හුරු වෙමින් ඉන්නේ. ළමයි දෙන්නා වෙනුවෙන් මේ කැප කිරීම මම ආසාවෙන් කරන්නේ. ඇල්බර්ටා නගරය සහ මේ පළාත මේ රටේ වැඩිම හිම පතනයක් තියෙන පළාතක්. හරිම ලස්සන පළාතක්. මීට පෙර මේ රටට මම කිහිප වතාවක්ම ඇවිත් තියෙනවා. දිගු කාලයක් ඉන්න බලාගෙන ආවෙ මේ සැරේ. මම ඉන්නේ මගෙ නංගි සහ එයාගෙ සැමියාගේ ගෙදර. ඒ නිසා මට පාළුවක් නැහැ. එයාලගේ දුවලා තුන් දෙනෙක් ඉන්නවා. දැන් එයාලා ඉන්න ගෙදරට වඩා අපටත් එක්ක තවත් ලොකු ගෙදරකට යන්න එයාලා මේ දිනවල කටයුතු කරමින් ඉන්නේ.

01.

ගයත්රීගේ නංගි රඟපාලම නැද්ද ? 

නැහැ. එහා ලංකාවේ හිටියේ නැති තරම්. නංගියි එයාගේ සැමියයි ඔස්ට්රේලියානු පුරවැසිභාවය තියෙන අය. මෙහෙ ඇවිත් ඉන්නේ එයාලගේ රැකියා වලට. නංගි අවුරුදු 15 – 16 විතර ඉඳලා ලංකාවෙ නෙවෙයි ජීවත් වුණේ. අපේ අම්මා පසුගිය දිනවල කොවිඩ් නිසා මියයාම අපි දෙන්නටම ගෙන දුන්නෙ විශාල කම්පනයක්. අම්මගෙ මරණයෙන් පස්සේ මට ලංකාවේ ජීවිතේ එපා වුණා. අපි බොහොම වෙලාවට ලංකාවේ දී ජීවත් වෙලා තියෙන්නේ හරිම ආත්මාර්ථකාමී මිනිස්සු කොටසක් එක්ක කියන දේ තේරුම් ගන්න පුළුවන් වුණා.

ඒක තේරුම් ගන්න කොට මට ඉතුරු වුණේ තමන්ගේ අය කියන පිරිස විතරයි. එතැනදි තමයි මම තීරණය කළේ මේ ඔක්කොම දාලා ගිහින් ජීවිතයේ අන්තිම කාලයේදීවත් හිතට හරි යන තැනක ඉන්න ඕනෑ කියලා. කිසිම දරුවෙක් තමන්ගේ මවුපියන් මේ විදියට හුදෙකලා ව මරණයට යොමු වේවි කියලා හිතන්නේ නැහැනේ. අපේ අම්මා කොවිඩ් නිසා මැ රු ණා ම මට වාවන්නෙ නැතුව ගියා. මොකද කිව්වොත් අපේ අම්මා හරි ලස්සනට ඇඳල පැලඳල ජීවත් වුණ කෙනෙක්. මේ ජීවිතේ මොකක්ද කියන දේ අපේ අම්මගෙ මරණයෙන් පස්සේ මම හොඳින්ම වටහා ගත්තා. දැන් මට ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන්. දරාගන්න පුළුවන් තරමට හිත ශක්තිමත්.

මම දිගටම අඬමින් ඉන්නකොට මගේ දූලා දෙන්න ඇවිත්, “අම්මා දැන් අඩන්න එපා දැන් ඇති කියලා මාව සැනසුවා. එතකොට මම එයාලට කිව්වේ පුතේ ඔයාලාට මම නැති වුණා නම් මේ දුක තේරේවී ” කියලයි. මම නැති උනොත් මේ දරුවන්ට මොකද වෙන්නේ කියලා මට හිතුණ නිසා. දැන් මම ඒ දෙන්න එක්කම ජීවිතේ සෑම තත්පරයක්ම ඉන්න ඕනෑය කියන තැනට ආවා. මෙච්චර දුරට මේ තීරණය ඉක්මන් වුණෙත් ඒ නිසාමයි.

දූලා දෙන්නා ලංකාව අත්හැර යාමට සිදුවීම ගැන මොනවද කියන්නේ ? 

ඒ දෙන්නම අධ්යාපන කටයුතු කරමින් මාත් එක්ක ජීවත් වූ දරුවෝ දෙන්නෙක්. ඒ නිසා බාහිර කිසිම නරක දේවල් එයාලට ඇවිත් තිබුණෙ නැහැ. ඒ නිසා මේ ජීවිතයට පුරුදු වීම එයාලට අසතුටක් නෙවෙයි. එයාලා මේ තීරණය ගත්තේ කැමැත්තෙන්.

02.

මේ ගමන යනවට චන්න කැමැති වුණාද ? 

එයා කැමතියි. දවසක එයත් මෙහෙට ඒවි දරුවන්ගේ අනාගතය ගැන කටයුතු කරද්දී දරුවන්ට හොඳක් වෙන හැම තැනකදිම එයා කවදත් හිටියා. මොනම වෙලාවකදිවත් එයා පැති වලට ඇද්දේ නැහැ. දරුවන්ට හොදම දේ දෙන්න එයාටත් ඕනෑ වුණා. අනික දරු දෙන්නා ඉන්නේ මාත් එක්ක. ඒ ගැන එයාට තියෙන්නෙ ලොකු විශ්වාසයක්. මම දරු දෙන්නා රැකබලා ගන්න විදිය සහ මෙතෙක් රැකබලා ගත්ත විදිය ගැන එයා දන්නවා.

මුළු පවුලම කැනඩාවේදි එකතු වුණොත් හොඳයි නේද ? 

දරුවන් නිසා. දරුවන්ගේ දේ එක්ක ඇත්තටම එහෙම වෙන් වීමක් නැහැ. සදාකාලිකව අම්මා තාත්තා දරුවෝ එක්ක බැඳීම හැමදාම තියෙන දෙයක්. අවශ්ය වෙලාවේදී අපි පවුලක් ලෙස එකට හිටියා. අපි සමහරවිට හිත් වලින් යම් යම් ප්රශ්න මත දුරස් වෙලා නම් ඒ දේ ආයෙ හැදෙන එකක් නැහැ. ඒත් ඒ දරුවන් වෙනුවෙන් සිදුවිය යුතු දේ වෙනුවෙන් එදා වගේම හෙටත් අපි එකට එක්ව කටයුතු කරාවි. එතනින් එහා දෙයක් නම් සිදු නොවේවි.

03.

ගයත්රීගේ සැලුන් එකට මොකක් වේවිද ? 

ඒක මිලදී ගන්න හොඳ ඔෆර් එකක් ආවා. ඒත් තවම තීරණය කළේ නැහැ. මගේ ස්ටාෆ් එකට ඒක කරගෙන යන්න බාර දීලා ආවෙ. විශ්වාසවන්ත කෙනෙකුට මම බාර දෙන්න කැමතියි. මට තියෙන්නෙ බොහොම කලාත්මක විදිය සැලෝන් එකක්. එතන හරිම නිදහස් තැනක්. ඒ නිදහස මනසට ලැබෙන විදිහට කලාත්මක විදිහට නිර්මාණය කරලා තියෙන්නේ.

කොහොමද කැනඩාවේ සිටින ශ්රී ලාංකිකයන් ගෙන් ලැබෙන ප්රතිචාර ? 

මෙහෙට ආවට පස්සෙ තමයි මට දැනුනේ මිනිස්සු මොන තරම් ආසාවෙන් ඒ නාට්ය බලනවද කියලා. මෙහෙ ඉන්න සමහර අය “ආ පුෂ්ප නෝනා.. කොහොමද ?” කියලා අහන තරමට ඒ චරිතය එයාලගේ අතර ජනප්රියයි. ඒක සතුටට කරුණක්. නංගිගෙ යාලුවන්ට මම මෙහේ ඇවිත් ඉන්න බව ආරංචි වෙලා එයාලත් නිතර කෝල් කරනවා. එයාලා හරි සතුටින් ඉන්නෙ මාව දැකගන්න සහ මාත් එක්ක කතා කරන්න. මටත් ඒක ලොකු සතුටක්. හැබැයි ඒ මොන දේ වුනත් මම මාර විදියට ආසා කළ දෙයක් තිබුණා.

04.

ඒ මොකක්ද ? 

මාව කවුරුවත් දන්නෙ නැති තරමේ නිදහසකින් ජීවත්වීමට. මොකද කිව්වොත් මගේ ජීවිතේ භාගයකටත් වඩා කාලයක් ගෙවුණේ ජනප්රියත්වය කියන දේ එක්ක. ඒ නිසා මට පුද්ගලික නිදහසක් නොතිබුණ තරම්. ගෙවී ගිය මුළු ජීවිත කාලයේම මම ඉඳලා තියෙන්නේ අනෙක් අයට ඕනෑ විදියට. ඉතින් මම මගේ නිදහසත් එක්ක ඉන්න ආසා කළා. ජනප්රියත්වය එක්ක නිදහස බාධා වෙනවා. ඒ නිසා තවත් කාලයක් මම ලංකාවෙ හිටිය කියල කියමු. එතකොට මැරෙනකල්ම ඒ නිදහස ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ රට ඇතුලත හැකිතාක් නිදහසේ ජීවත්වෙන්න ලැබේවි. බොහොම සාමාන්ය මිනිසකු ලෙස සාමාන්ය විදිහේ ජීවිතයක් ගත කරන්න මට ආසයි.

 ඒ කියන්නේ කැනඩාවේදී රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් බාර ගන්නෙ නැහැ කියලා නේද ? 

අපේ කට්ටිය ඇවිත් මෙහෙ හොඳ වැඩක් කලොත් මම ඒකට දායක වේවි. මොකද මොන දේ කළත් කලාවට හදවතින්ම ආදරෙයි. කලාවට ආදරේ නිසාම ලංකාවෙදි මගේම නිර්මාණයන් කරන්න සැලසුම් කරලා තිබුණේ. ඒත් මෙහේදි හරි ඒ අදහස සාර්ථක කරගන්න උත්සාහ කරනවා. අධ්යක්ෂණය පැත්තට යන්න හරිම ආසයි. රඟපෑමට වඩා දැන් මම වැඩියෙන්ම ආස කරන්නේ අධ්යක්ෂණයට.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්