Jun
22

ගෑස් පාරිභෝගිකයින්ට සහන ලැබෙන තීරණ රැසක්

 
1490 Views
   
 

ශ්‍රී ලංකාවේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් කර්මාන්තය (LP ගෑස්) ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා වෙළඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මේ වනවිට වෙළඳපොළේ පවතින 12.5 Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරය අඛණ්ඩව වෙළඳපොලේ අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අමතරව ගෑස් මිලදී ගැනීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීම සඳහා හම්බන්තොට නව ගෑස් පර්යන්තය භාවිත කිරීමට යෝජනා කර ඇති අතර ප්‍රධාන සමාගම් දෙකටම ඒ සඳහා සම අවස්ථා හිමිවනු ඇති.

එමෙන්ම රටට අවශ්‍ය LP ගෑස් මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු ප්‍රවාහන හා ගබඩා කිරීමේ කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකේම අදාල ක්ෂේත්‍රය පිළිබද විශේෂඥ දැනුමැති නියෝජිතයින් ඇතුලත් වන පරිදි කමිටුවක් පත් කිරීමටත් මෙහිදී යෝජනා වී තිබෙනවා.

එමෙන්ම මෙම සියලු යෝජනා මාස 06ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමටත් එහි උපරිම ආර්ථික ප්‍රතිලාභ මහජනතාව වෙත ලබාදීමටත් මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ දී තීරණය වී තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය කාලසීමාව තුලදී ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකම කිලෝ ග්‍රෑම් 9.5ක් වන නව ගෑස් සිලින්ඩර් දෙකක් ලීටර පරිමාවෙන් වෙළඳපොළට හඳුන්වාදීම හේතුවෙන් බරපතල ගැටළු සහගත තත්ත්වය නිර්මාණය කෙරුණා.

මේ සම්බන්ධයෙන් පර්භෝගිකයින්ට සිදුවන අසාධාරණය පිළිබඳව දිගින් දිගටම පාරිභෝගික අධිකාරියට එල්ල කෙරුණු චෝදනා සහ බලපෑම් හමුවේ අදාල සමාගම් දෙකටම එම ගෑස් සිලින්ඩර වෙළඳපොලෙන් ඉවත්කර ගැනීමට නියෝග කෙරුණා. කෙසේ වෙතත් අදාල සමාගම් දෙකම මේ දක්වාත් එම අඩු බරැති ගෑස් සිලින්ඩර වෙළඳපොලෙන් ඉවත්කර ගැනීමට කටයුතුකර නැත්තේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ප්‍රශ්න කරමින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්