Nov
22

උපාලි ධර්මදාස සහ රඛිත රාජපක්ෂගේ නීතිවිරෝධී බලපෑම් නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමත් ICCය ප්‍රතික්ෂේප කරයි.

 
448 Views
   
 

ඩොලර් හිඟ රටට වූ පාඩුව ඩොලර් මිලියන 100ට වැඩියි.

උපාලි ධර්මදාස සහ රඛිත රාජපක්ෂ විසින් ICC ප්‍රධානීන් වෙන වෙනම හමුවී ලිපි ඉදිරිපත්කිරීමට ගන්නා ලද සියලු උත්සහයන් ICC ප්‍රධානීන් විසින් ප්‍රතිකෂේප කර ඇති බව වාර්තා වේ.
තව දුරටත් ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කරන ලද අතුරු කමිටුව අධීකරණය විසින් වාරණය කරන ලද පසුබිමක, නීතිවිරෝධී ලෙස මෙම සාමාජිකයින් දෙදෙනා විසින්
ICC ප්‍රධානීන් වෙන වෙනම හමුවීමට උත්සහ දැරීමේ සිදුවීම, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතට දේශපාලන බලපෑම් ඇති බව තවත් තහවුරු කිරීමක් වශයෙන් ICCය විසින් හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පුද්ගලිකවම කළ ඉල්ලීම සහ සභාපති ශම්මි සිල්වා විසින් සිදු කරන ලද ඉල්ලීමද ICCය වෙතින් ප්‍රතික්ෂේපවීමට, උපාලි ධර්මදාස සහ රඛිත රාජපක්ෂගේ නීතිවිරෝධී දේශපාලන බලපෑම්කිරීමද හේතු වී ඇති බව ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් දේශපාලකයින්ගේ වැරදිවලට ක්‍රීකඩ ක්‍රීඩිකාවන් වෙත දඬුවම් ලබාදීම අසාධාරණ බව ඒත්තු ගන්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම එලෙසම පැවතියද ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලබාගැනීමට සභාපති ශම්මි සිල්වා ඊයේ දිනයේ සමත් විය.

එනමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම තව දුරටත් දීර්ඝ කර ඇති අතර, එම නිසා 19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වූ අතර එය දකුණු අප්‍රිකාවට ලබාදීමට ICCය තීරණය කර ඇත. එයින් අප රටට සිදු වූ අලාභය ඩොලර් මිලියන 100ට වැඩි බව ගණන් බලා තිබේ. දැනටමත් කණ්ඩායම් සඳහා වෙන්කොට තිබූ හෝටල් කාමර 900ක් අවලංගු කර අතර,
තවත් 10,000ක පමණ සංචාරකයින් පිරිසක් රටට එන්නට තිබූ අවස්ථාව අහිමි කර ගැනීමෙන් සහ ICCය විසින් ගෙවන්නට නියමිතව තිබූ මුදල් අත්හිටුවීම නිසා අප රටට සිදුවන ඩොලර් මිලියන 100කට වැඩි පාඩුවට ක්‍රීඩා ඇමතිවරයා සහ විපක්ෂය ඇතුළු දේශපාලකයින් වගකියනවාදැයි ආර්ථීක විශ්ලේශකයින් ප්‍රශ්න කර සිටියි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්