Oct
27

එක රටක් එක නීතියක් හදන යතුර ගලගොඩඅත්තේ ඥා ණ සා ර හිමිට දෙයි

 
862 Views
   
 

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥා න සා ර හිමියන්ගේ සභාපතීත්වයෙන් “එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ” පිහිටුවා තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ඊයේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඇති අතර, ඊට සාමාජිකයින් 13 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයන කර ඒ සදහා පනත් කෙටුම්පතක් සකස් කිරීම, අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වන විට මීට අදාළව සකස් කරන ලද නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයන කොට ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධනයන් වේ නම් ඒ සදහා යෝජනා ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන රාජකාරී වනවා.

මසකට වරක් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදෙන ලෙසත් අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි  මස 28 වැනි දිනට හෝ ඊට පෙර ලබාදෙන ලෙසත් අදාළ ගැසට් නිවේදනයේ සදහන්.

01.

02.

03.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්