Jul
2

වසංගතය මැද රටේ ආර්ථිකය තවත් කඩාවැටෙයිද?

 
1162 Views
   
 

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට ඇති වූ බලපෑම නිශ්චිතවම ගණනය කිරීම තවමත් කළ නො’හැකි වී තිබේ. එසේ වුව ද, ලොව සෑම රටක් සම්බන්ධයෙන්ම එය සෘණාත්මක බලපෑමක්ය යන කාරණය සම්බන්ධයෙන් විවාදයක් නැ’ත. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි වසංගතය විසින් ලෝක දළ දේශීය නිෂ්පාදනයේ (GDP) වර්ධනයට ඇති කළ බලපෑම දැවැන්තය. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව ගෝලීය ආර්ථිකයට ඇති වූ විශාලම පසු බෑම වශයෙන් වසංගතය මඟින් ඇති කළ බලපෑම සටහන් වේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) 2021 අප්‍රේල් නිකුත් කළ වාර්තාව (World Economic Outlook) සඳහන් කරන පරිදි, 2019 ඔක්තෝබරයේදී පුරෝ කතනය කළ 3.4%ක වර්ධනය වෙනුවට 2020දී 7% සංකෝචනයක් සිදු වී ලොව සෑම රටකම ආර්ථික වර්ධනය සෘණ අගයක් ගන්නා බවය. දිළිඳු රටවල තත්ත්වය වඩාත් අ’යහපත්ය.
මේ වසර අග වන විට ලෝක ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් වනු ඇතැයි මත පළ වුව ද, දැනට පවතින දත්ත මඟින් පෙනී යන්නේ තවමත් එය වසංගතයට පෙර පැවති මට්ටමට වඩා පහළින් ඇති බවය. IMF (2021) ගණන් බැලීම්වලට අනුව වසර 2024 දී අඩු ආදායම්ලාභී රටවල දළ දේශීය නිෂ්පාදනය (GDP) 3%ක් වනු ඇත. එම ගණනය කිරීම් කර ඇත්තේ ඒ වන විට වසංගතය නො’පවතිනු ඇත යන උපකල්පනය මත පදනම් වෙමිනි. වෙනත් ගණනය කිරීම්වලට අනුව අප්‍රිකානු රටවල ද.දේ.නි අගය කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටමට වඩා 1% – 4% අතර අඩු මට්ටමක තිබෙනු ඇත.

වසංගතයේ බලපෑම් අ’වම කරගැනීම වෙනුවෙන් ලෝක මට්ටමින් 2020 වසරේදී දී ඇති මූල්‍ය සහායවල වටිනාකම අමෙරිකන්. ඩොලර් ට්‍රිලියන 16කට ආසන්න වේ. එය ගෝලීය ද.දේ.නි. න් 15%ක පංගුවකි. කෙසේ වුව ද ඒ ඒ රටවලට එවැනි සහායක් දිය හැකි වන්නේ එක් එක් මට්ටම් වලිනි.

අමෙරිකාව, දකුණු කොරියාව, ජපානය සහ ජර්මනිය යන රටවල ආර්ථිකය මේ වසර අග වන විට සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි ලෝක ආර්ථික සංසදය (World Economic Forum) අපේක්ෂා කරයි. එසේ වුව ද, දකුණු අප්‍රිකාව, ආජන්ටිනාව වැනි රටවලට ඒ වෙනුවෙන් 2025 වසර දක්වාත් බලා සිටීමට සිදු වනු ඇත. මූල්‍ය විශේෂඥයන් ද පෙන්වා දෙන පරිදි Covax පහසුකම යටතේ රටවල එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගත හැකිවන තරමට ආර්ථිකය යළි යහපත් අතට ගෙන ඒමට ඇති හැකියාව ද වැඩි වේ.

ඉකුත් වසරේදී එක්සත් රාජධානියේ ආර්ථිකය වසර 300කට පසුව විශාලම පසුබෑම වාර්තා කළේය. එය වි’රැකියාව විශාල ලෙස ඉහළ යෑමට බලපෑවේය. මේ තත්ත්වය 2009 ගෝලීය මූල්‍ය ආර්බුදය අවස්ථාවේ ඇති වූ බලපෑමට වඩා 10 ගුණයකින් වැඩිය. 2020 ලොව පුරා රැකියා අ’හිමි වූවන් සංඛ්‍යාව වාර්තා වන්නේ මිලියන 114ක් වශයෙනි.

ව’සංගතය හේතුවෙන් ආර්ථිකයේ බොහෝ ක්ෂේත්‍ර කඩාවැටීමට හා පසුබෑමට ලක්ව තිබියදී සෞඛ්‍ය ආ’රක්ෂාව වෙනුවෙන් වන නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍රවල වර්ධනයක් ඇති වී තිබේ. දෑත් සේදීම, විෂබීජහරණය, මුව ආවරණ, නිවසේ සිට රාජකාරි කටයුතුවල යෙදීම, අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීම, විදුලි සන්දේශ සේවා ආදිය ඔස්සේ එය පිළිබිඹු වේ. දෛනික අවශ්‍යතා සපයා ගැනීමේදී ජනතාවට භාණ්ඩ හිඟයන්ට මුහුණ දීමට මෙන්ම මිල වැඩි වීම් දරාගැනීමට ද සිදුව තිබේ. නිෂ්පාදනයේ සීමාකම් හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට නොහැකි වීම ද දැකිය හැකිය. පසුගිය කාලයේ පොසිල ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අ’ඩුවීමක් දක්නට ලැබුණ ද නැවතත් ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් බැරලයකට ගෙවිය යුතු මුදල ඉහළ ගොස් තිබේ. කොවිඩ් 19 වසංගතය මඟින් දරිද්‍රතාවට අදාළව ඇති කළ සම්පූර්ණ බලපෑම් දිස් වනු ඇත්තේ වසර කිහිපයක් ගත වන විටය. දැනට එය පෙන්නුම් කෙරෙමින් ඇත්තේ ගෘහ ඒකකවල දෛනික ජීවිතය පවත්වා ගැනීමේදී මුහුණ දීමට සිදු වන බලපෑම් වශයෙනි. වසංගතය හේතුවෙන් වැඩිම පීඩනයට ලක්ව ඇති ප්‍රජාවට සහන සැලසීම වෙනුවෙන් ලොව රටවල් නොයෙක් මට්ටමින් ප්‍රතිචාර දක්වමින් සිටී. සෞඛ්‍ය පහසුකම් සීමිත වන රටවලට වසංගතය සමඟ සටන් කිරීම වඩා අ’භියෝගාත්මක වී තිබේ.

ගෝලීය ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා වසංගතය පාලනය කිරීම පිණිස රටවල් අ’නුගමනය කරන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ද එන්නත්කරණ වැඩසටහන ද තීරණාත්මක සාධක වේ. සෑම රටකටම එන්නත් ලබා ගැනීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද බලවත් පරිශ්‍රමයක යෙදී සිටියදී, ඇතැම් දිළිඳු රටවලට තවමත් එන්නත් ලබා ගැනීම අ’භියෝගාත්මක වී තිබේ. සාධාරණ ලෙස එම අවස්ථා සපුරාලීමට හැකි වී ඇති බවත් පෙනෙන්නට නැ’ත. එන්නත්කරණ වැඩසටහන් ජීවිත ආරක්ෂා කිරීම සඳහා මෙන්ම ආර්ථිකය නඟා සිටුවීම සඳහා ද අ’ත්‍යවශ්‍ය වී තිබේ. More Jabs, More jobs යනුවෙන් ප්‍රකාශ වන්නේ ද මේ තත්ත්වයයි. සෑම අයකුම වයිරසයෙන් ආ’රක්ෂා වනතුරු කිසිවකුත් ආ’රක්ෂා නො’වනු ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ සෞඛ්‍ය පහසුකම් හා එන්නත්කරණ වැඩපිළිවෙළ සාධාරණ ලෙස සෑම රටකටම සහ සෑම සමාජ කොටසකටම ගලා යා යුතු බව අවධාරණය කිරීම වෙනුවෙනි. වසංගතය විසින් ගෝලීය ආර්ථිකයට එල්ල කළ බලපෑම දැනට පවතින අන්තර්ජාතික වෙළෙඳ ක්‍රමය තුළ ඇති අ’ස්ථාවර ස්වභාවය පිළිබිඹු කරන බව ද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පවතින ක්‍රමය යටතේ ලෝකයේ රටවල් එකිනෙකා මත විශාල වශයෙන් පරායත්ත වේ. එම අන්තර්පරයත්තතාව ද මෙම අර්බුදය තුළ අ’වධානයට ලක් විය යුතු තත්ත්වයකි. අන්තර්ජාතික වෙළෙඳාමට අදාළව එතරම් විශාල පරායත්තතාවක් පැවතිය ද වසංගතය පාලනය කිරීමේදී එන්නත්කරණය, සෞඛ්‍ය පහසුකම් ආදි කාරණා සම්බන්ධයෙන් ධනවත් හා දිළිඳු රටවල් අතර ඇති සහයෝගිතාවය පිළිබඳ ඇත්තේ සාංකාමය තත්ත්වයකි.

මෙරට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් කළ කතාවේ දී පවසා සිටි ආකාරයට සැප්තැම්බර් මාසය අගවන විට මෙරට ජනතාවගෙන් 60% කට කොරෝනා එන්නත ලබාදීමට හැකිවුව හොත් තාවකාලික පසුබෑමකට ලක්ව ඇති මෙරට ආර්ථිකය නගා සිටුවීමට එය මහත් පිටිවහලක් වනු ඇත.

මෙන්න බලන්න තවත් ගොසිප්