Jun
20

ආනයනික සුරතල් සතුන් නිරෝධායනයට (වීඩියෝ)

 
1325 Views
   
 

සත්වයින් හරහා මිනිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වන බවට මෙතෙක් වාර්තා වී නොමැති අතර, මෙරටට ආනයනය කරන සුරතල් සතුන් ද නිරෝධායනයට ලක් කෙරෙන බව ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

ඒ හේතුවෙන් ජනතාව අනිසි බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ප්‍රකාශ වීමත් සමඟ ඒ පිළිබදව බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වුණා.

මෙම සිද්ධියත් සමඟ මෙම සතුන්ගේ රැකවලුන් නිරෝධායනයට යොමු කළ අතර ඔවුන්ගෙන් එක් අයෙකුට ද කොරෝනා ආසාදිත බව අනතුරුව තහවුරු වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය එරන්දික ගුණවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සිංහයාට මෙම වෛරසය ආසාදනය වී ඇත්තේ සේවකයාගෙන් බවට සැක කරන බවයි.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්