May
7

ලබ්බේ තොවිලේ…අංක 02

 
2137 Views
   
 

යන්නේ මෙහෙම නමි තොවිලේ ඉවරවෙන කොට නඩෙිම මහ මුහුද මැද ගිලිලා මැරෙන්නයි වෙන්නේ……..පීනලා බෙිරෙන්න පුළුවන් කියලා කවුරැවත් හිතන්නවත් එපා ගොඩබිමක් පේන තෙක් මානයක වත් නැහැ…

ගෝඨාභය ජනපති තම ධුරයෙන් ඉල්ලා අස්වෙන්නෙ නෑ. මහින්ද අගමැතිකමෙන් අස්වෙන්නෙත් නෑ.මොකද ඔවුන් මහජන ඦන්දයෙන් පත්වුන නියොජිතයන් නිසා. සජිත් හෝ අනුර අගමැතිකම අරන් අන්තර්කාලීන හෝ ජාතික හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහාය දෙන්න එන්නෙත් නෑ. ඔවුනට ඒ සඳහා ආත්ම ශක්තියක් නැති නිසා..කවදාවත් රටට වැඩදායක දෙයක් කරලත් නැති නිසා. විවෙිචන පමනයි..
සජිත් නායකයෙක් වශයෙන් පටිටම පටිට දුර්වලයෙක් බව පෙන්වූවා… මෙි අවස්ථාවෙිදී පාලනය තමන් අතට ගෙන අභියෝගයක් සේ සලකා නායකත්වය උරගා පෙන්වීමට ලැබුන මහඟු අවස්ථාව පැහැර හැරිය පටිට මෝඩයෙක්..මෙම දේශපාලන අර්බුධයේ සැබෑ වරදකරැවන් වන ඔවුන්ට ජනතාවගෙන් පවි සමාකර⁣ගෙන ජනතාවගේ ආදරය නැවත දිනාගැනීමට තිබුන අවස්ථාව මග හැරියා..ඒ ජනපති කිවි ලෙසටම 20 අහෝසිකර විධායක බලය සහිත අගමැති තනතුර බාර නොගැනීමෙන්. මහින්දව අගමැති ධූරයෙන් ඉවත්කර ගැනීමට ලැබුන එම ආරාධනාව ප්‍රතික්ෂේප කල නිසා සජිත් ගෝ හෝමි වීමක් ඉක්මනින්ම සිදුවනු ඇති..

විශ්වාසබංගයක් ගෙනාවට ආණ්ඩුව ගෙදර යවන්න විපක්ෂයට 113 ක් ඇත්තෙත් නෑ.
රජයේ ශක්තිය 148 කින් පෙන්වීමට විපක්ෂය උදවි කිරීම විපක්ෂයේම පරිහානියට හේතුවෙිවි.බල්ලා පිදුරැ කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ.පිදුරැ ගොඩෙි බුදියාගෙන ඉන්නවා..

මහින්ද ඉවත් කර වෙනත් කෙනෙකු අගමැති ලෙස පත්කරනතුරු ආණ්ඩුවට සහාය දෙන්න ස්වාධීන පක්ෂ 11 හා ශ්‍රී.ල.නි.ප.ය කැමති නෑ. රනිල්ට අගමැතිකම දෙනවට මෛත්‍රී , විමල් , සජිත් , අනුර කැමති නෑ. මෛත්‍රීට අගමැතිකම දෙනවට කවුරැවත් කැමති නෑ. ඩලස් දානවට ස්වාධීන පක්ෂ 11 හා ශ්‍රී.ල.නි.ප.ය කැමති වුණාට පොහොට්ටුවෙ පිරිස කැමති නෑ. පාටලීට අගමැතිකම දෙනවට සජිත් වගේම පොහොට්ටුවෙ පිරිසක් කැමති නෑ. ජනපති ඉවත් කිරීමට ව්‍යවස්තාවෙි ප්‍රතිපාදන අත්තෙත් නැහැ..ඒනිසා ආණ්ඩුවක් පිහිටුවන්න විපක්ෂයෙ එකඟතාවක් නෑ.තවමත් වත්මන් විපක්ෂයට වඩා ආණ්ඩුව බොහෝ සෙයින් ඉදිරියෙන් සිටිනා බව කිව යුතුයි..

දෝෂාභියෝගයක් ගෙනත් ගෝඨාභයව අයින් කරන්නත් ව්‍යවස්ථාපිත හේතුන් නෑ.ව්‍යවස්ථාව තමයි උත්තරීතර.. ගෝඨාභය අයින් වෙනතුරු විසඳුමකට එන්න අනුරත් කැමති නෑ. විශ්වාස භංගයකින් ජනපතිට අබමල් රේණුවක බලපෑමක් නැහැ..දෙමළ සන්ධානයට ඕන ගෝඨාභය අයින් කරන්න.ඒ 30 වසරකය යුද්ධය අවසන් කල නිසා පලිගැනීමට.. මුස්ලිමි අන්තවාදීන්ට සහ මුස්ලිමි පක්ෂවලට ඔිනෙත් ගෝඨාභය ඉවත් කරන්න. ඒ සිංහල ඦන්දවලින් පමනක් බිහිවුන ජනපති කෙනෙක් නිසා.

මැතිවරණයකට මේ මොහොතේ යන්න ගියත් මාස ගනනාවක් ගත වෙනවා. ප්‍රමාණවත් සම්පත් හා මුදල් නැති නිසා ඡන්දයක් කරන්න මැතිවරණ කොමිසම එකඟ නෑ.

මහින්ද දේශප්‍රිය හිටියානමි කියයි.
” දණහිසෙන් පහලට වෙඩි තියන්නේ මක්කටෙයි, ඔළුවටම තියන්න” කියයි. ප්‍රේමදාස කලා වගේ තවත් තරුණයන් ලක්ෂයක් වත් හබක් වෙයි..ටයර් උඩත් යයි.

මේ සියල්ල අතරේ ලංකාවේ ආර්ථිකය වැටීම වළක්වාගෙන ස්ථාවර කරගන්න මුදල් ඇමති අලි ශබ්රි , මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන , මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී,මහාචාර්ය ශාන්තා දේවරාජන් සමග ආචාර්ය ශිරන්ති කුරේ එකතු වෙලා අවංකවම ලොකු උත්සාහයක් ගන්නවා. සැලසුමි හදනවා. IMF , World Bank, ADB , UNDP, USAID වගේ තවත් එක්සත් ජාතීන්ගේ සංවිධාන සමග තව තව ආයතන හා ජපානය,චීනය සහ ඉන්දියාව වගේ රටවල් එක්ක සාකච්ඡා කරලා කෙටිකාලීන මූල්‍ය පහසුකම් ගන්න මහන්සි වෙනවා.පටිටම ගේමක්දෙනවා.. ස්ථිර ආර්ථික සැලසුම් හදනවා..හරිම සාර්ථකයි..

. ලංකාවට අත දෙන්න හිතමිත්‍ර රටවල් වගේම ජාත්‍යන්තර මූල්‍ය ආයතනත් සූදානම්. හැබැයි මුලින්ම රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගන්න ඕන.අද තායිලන්තය බාත් ලක්ෂ හතක ආධාර මුදලක් ලබාදෙන බව කීවා. සවුදිය,කටාර්, ඩුබායි සහ ඔිමානයත් ඉන්දුනීසියාව,ඔස්ට්‍රෙිලියාව,දකුනු කොරියාව සහ තවත් රටවල් ගනනාවක්ම අපට ආධාර දෙන්න කැමතියි. මෙි විදිහට අනෙක් රටනල ආධාරයෙන් තමයි ලෝකයේ වෙනත් රටවලුත් අර්බුධවලින් ගොඩ ආවෙි.

තියෙන්නේ ආර්ථික අර්බුදයක්. දැන් ඒක මතට දේශපාලන අර්බුදයක් ඇවිත්. ඒක විසඳගන්නෙ නැතුව අරක විසඳුගන්න බෑ. හරියට බැලුවොත් පැය දෙකක සාකච්ඡාවකින් හැමෝටම එන්න පුළුවන් එක තැනකට. හැබැයි ඒක වෙන්නේ නෑ….. දේශපාලන න්‍යායපත්‍ර නිසා.අවස්තාවාදීන් නිසා. මෙතනදි සියළුම පක්ෂ පවතින රජය ප්‍රජාතන්ත්‍රවාදීව පත්වුන රජයක් නිසා එයට සහාය දී රට ගොඩගෙන ඉන්පසු මැතිවරනයකට යායුතුයි..

මෙවන් උභතෝකෝටික තත්වයන් තුලින් හමුදා රජයක් බිහිවීම කාලය පිලිබඳව වන ප්‍රශ්නයක් පමනී..කැමති හෝ අකමැති හෝ වෙිවා බොහෝ දුරට වියහැක්කේ එයයි….!

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්