Oct
10

යොහානි තවමත් ඉදිරියෙන් ඉන්න හේතුව දන්නවද? මෙන්න විස්තරේ

 
11060 Views
   
 

මේ කාලය යූ-ටියුබ් නාළිකා ගැන වැඩි වශයෙන් කතා බහට ලක් වෙන කාලයක්. වැඩිම subscribers (දායකවීම්) ගැන වගේම වැඩිම views (නැරඹුම්වාර) ප්‍රමාණය ගැනත් බොහෝ දෙනා කතා වෙනවා. ඒ නිසා අද දවසේ දී අපි ඔබට සමීප කරන්න හිතුවා. මේ වෙද්දී යූ-ටියුබ් නාළිකාවලින් වැඩි ම දෙනෙක් නැරඹූ සිංහල ගීත ගැන. අපි මේ සටහන තබන්නේ 2021.10.03 දින වන විට ලැබිලා තියෙන views ප්‍රමාණය මත.

 

01.මැණිකේ මගේ හිතේ, යොහානි & සතිෂාන් – මේ වෙද්දී ලෝකය පුරා රැව් පිළිරැව් දෙන මැණිකේ මගේ හිතේ ගීතය මේ වන විට මිලියන 137 ඉක්මවමින් රසික ආදරය ප්‍රතිචාර ලබමින් පවතිනවා. මේ ගීතය ගැන නම් ඔබ ට අමුතුවෙන් කිව යුතු නැහැ. මේ ගීතය ලියන්නේ දුලාන් ARX. සංගීතවත් කරන්නේ චමත් සංගීත්. ගීතය මුලින් ම නිර්මාණය කරන්නේ සතිෂාන් රත්නායක ට. ඒ මුල් ගීතය අන්තර්ජාලයට එකතු කරන්නේ 2019. ඊට පස්සේ මේ ගීතයට Official Cover එක නිර්මාණය කරලා අන්තර්ජාලයට එකතු කරන්නේ 2021 මැයි 22. එදා සිට අද අපි මේ සටහන තබන 2021.10.03 දින වන විට ලැබී ඇති views ප්‍රමාණය වන්නේ මිලියන 137ක් (137,860,144). මෙය අන්තර්ජාලය ට එකතු කරලා තියෙන්නේ යොහානිගේ යූ-ටියුබ් නාළිකාවෙන්. එය තමා මේ වෙද්දී subscribers ලා වැඩිම ප්‍රමණයක් ඉන්න යූ- ටියුබ් නාළිකාව. ඒ මිලියන 2.71ක්.

 

 

02.ප්‍රේම සටන – අශේන් සිල්වා – 2021.10.03 දින වන විට වැඩි ම පිරිසක් නැරඹූ ගීත අතර දෙවන තැන හිමි වෙලා තියෙන්නේ මෙම ප්‍රේම සටන ගීතයට. එහෙම නැත්නම් සඳ ගිනි ගන්නා ලෙසින් නම් කළ ගීතයට. මේ ගීතය ලියන්නේ නිසල් ප්‍රනාන්දු සංගීතය අශාන් ප්‍රනාන්දු. ගීතය ගයන්නේ අශේන් සිල්වා ඒ වගේම රැප් ගායනය නෙට් රයිම් විසින්. මේ ගීතයට රූප රචනාව නිර්මාණය කරමින් අධ්‍යක්ෂණය කරන්නේ චමු ශ්‍රී. ගීතයේ රූප රචනාවට දැඩි විවේචන එල්ල වූ අතර ඒ නිසා ගීතයේ හිමිකරු වගේම මේ සඳහා සම්බන්ධ වූ නිරුපණ ශිල්පිනිය ශිල්පියා ඇතුළු මේ කණ්ඩායමේ හැමෝම දැඩි විවේචනයකට ලක්වුණා. මේ ගීතය අන්තර්ජාලයට එකතු කර තියෙන්නේ 2017 ජුනි 28 වැනි දින චමු ශ්‍රීගේ යූ-ටියුබ් නාළිකාවෙන්. එය මේ වනවිට නැරඹුම් වාර මිලියන 126ක් (126,609,135) බලලා තියෙනවා.

 

 

03.තහනම් – අර්ශුල කුරේ – අර්ශුල කුරේ විසින් ගායනා කරන තහනම් ගීතය තමයි මෙතෙක් නැරඹුම් වාර වැඩි ම ගීත පහ අතරේ තුන්වෙනි තැනට තියෙන්නේ. මේ ගීතය අචල සොලමන්ස් ලියා ඇති අතර සංගීතවත් කරලා තියෙන්නේ චමත් සංගීත්. තහනම් ගීතය අන්තර්ජාලයට එකතු කරලා තියෙන්නේ 2019 මාර්තු 6වැනිදා. එදා සිට සටහන තබන 2021.10.03 දින වන විට නැරඹුම් වාර මිලියන 75ක් (75,004,287) ක් පසු කර තිබෙනවා. මෙහි රූප රචනාව සිදු කරන්නේ ද චමු ශ්‍රී.

04.මන්ද පමා – උමාරියා සිංහවංශ – 2021.10.03 දින වන විට වැඩිම පිරිසක් නැරඹු ගීත අතර සිවු වන තැන හිමි වෙලා තියෙන්නේ උමාරියා සිංහවංශ ගැයූ මන්ද පමා ගීතය. මේ ගීතය ලියන්නේ මනුරංග විජේසේකර වන අතර සංගීතවත් කරන්නේ DimRaaw Productions වෙතින්. මන්ද පමා ගීතය අන්තර්ජාලයට මුදාහැර තියෙන්නේ 2020 ජුලි 03 උමාරියාගේ යූ-ටියුබ් නාළිකාව මඟින්. ඒ අනුව 2021.10.03 දින වන විට මන්ද පමා ගීතය නැරඹුම් වාර මිලියන 22ක් (22,162,929) පසු කර තිබෙනවා.

අනුෂා රණසිංහ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්