Jul
22

කිරි පිටි ආනයනය සීමා කෙරේ

 
1484 Views
   
 

ඩොලර් හිඟය ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් කිරිපිටි ආනයනයද සීමා කිරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

ඒ අනුව කිරිපිටි ආනයනය සියයට 70 කින් පහළ දැමීමටයි කිරිපිටි සමාගම් පියවර ගෙන තිබෙන්නේ.

මෙරට දෛනික කිරිපිටි පරිභෝජනය ටොන් 200ක් පමණ වන අතර එය මසකට ටොන් 6,500 ත් 8,000 ත් අතර ප්‍රමාණයක පවතිනවා.

ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම ඩොලරයේ අගය ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් කිරිපිටි
ආනයනකරුවන් මීට පෙර අවස්ථා කිහිපයකදී රජයෙන් ඉල්ලා තිබුණ් කිරිපිටි මිල ඉහළ දමන ලෙසටයි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය මත කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුව ඇති බව, කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පැවසුවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්