Aug
13

ආණ්ඩුවට අවුරුද්දයි !

 
584 Views
   
 

ආණ්ඩුව බ ල ය ට පත් වී වසරක් ගෙවී ගියේය. එම කාලය දෙස ආපසු හැරී බලන විට පෙනී යන්නේ අතිශය අ භි යෝ ගාත්මක කාල පරිච්ඡේදයක් තුළ පවා යම් සාර්ථකත්වයක් සටහන් කර තැබීමට ආණ්ඩුව සමත් වී ඇති බවය. ගෙවී ගිය වසර පමණක් නොව, එළැඹෙන වසර කිහිපය ද ලෝකයට අ භි යෝ ගාත්මක වනු ඇත. අප දැන් මුහුණ දී සිටින්නේ මිනිසා ජීවිතය ඉල්ලා සටන් වදින කාලයකටය. එය වේදනාකාරීය. ලොව ප්‍රකට ධනපතියන්, බුද්ධිමතුන්, කලාකරුවන්, විශේෂඥයන් පමණක් නොව, දේශපාලකයන් පවා ඇසට නොපෙනෙන වයිරසයකට යටත්ව ජීවිතය හැර යනු දැක ගත හැකිය. මෙබඳු තත්ත්වයක් තුළ සමස්ත ලෝකය තිගැස්සී ඇත. සියල්ලන්ගේම බලාපොරොත්තු සැලසුම් හා ප්‍රාර්ථනා සුළ‍ඟේ ගසාගෙන යන තත්ත්වයක් දක්නට ලැබේ.

කො විඩ් වැ ළැ ක්වීම සඳහා යොදා ගත හැකි විද්‍යාත්මක උපාය මාර්ගය ලෙස සැලකෙන්නේ ප්‍රතිශක්තිකරණ එන්නත මහජනයාට දීමය. රටවල් කිහිපයක් එන්නත් නිෂ්පාදනය කරන අතර, සමස්ත ලෝකයේ අවධානය එම රටවල් වෙත යොමු වී ඇත. එන්නත් ගැනීම සඳහා අතිශය තරගකාරී තත්ත්වයක් පවතින අතර, දුප්පත් රටවල් මෙහිදී අසරණ වී ඇත. ධනවත් රටවල් එන්නතෙහි තුන් වන මාත්‍රාවක් ගැන කතා කරන අතර, දුප්පත් රටවලින් බොහොමයකට එන්නතෙහි පළමු මාත්‍රාව හෝ ලැබී නැ ත.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ රට තුළ ආර්ථික පිම්මක් ඇති කිරීමේ ශක්තිමත් සැලසුමක් සමඟය. කොවිඩ් ලෝක වසංගතය නිසා ආණ්ඩුවේ වැඩසටහන් සියල්ල ඉලක්ක කරා ගෙන යෑමට නො හැ කි විය.

කෘෂිකර්මය, අපනයන ක්ෂේත්‍රය, නව කර්මාන්ත ඇති කිරීම, මහා මාර්ග සංවර්ධනය යන ක්ෂේත්‍රවල නව පිබිදීමක් ඇති කිරීමට ආණ්ඩුව සමත් වී ඇත. වසංගත තත්ත්වය තුළ වුව කෘෂිකර්මය ඇද වැටී නැ ත. අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයක් දැක ගත හැකිය. නව කර්මාන්ත ගණනාවක් ආරම්භ කර ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන කර්මාන්ත කිහිපයක් මේ වන විට ද කාර්ය සාධනයෙහි යෙදී ඇත. කුණ්ඩසාලේ සේලයින් නිෂ්පාදන ආයතනය ඊට එක් නිදසුනකි. මාර්ග සංවර්ධනය ඉතා වේගයෙන් ඉදිරියට යයි. මාර්ග යනු සංවර්ධනයේ ප්‍රධාන ලක්ෂණයකි.

මේ හැරෙන්නට සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීමට උපාය මාර්ග ගණනාවක් ක්‍රියාත්මක වෙයි. සමස්තයක් ලෙස ගත් කල ආර්ථිකය ඉතා නරක තැනකට ඇඳ වැටී නැ ත. අර්බුදය හමුවේ වුව ආණ්ඩුව ආර්ථිකය හොඳින් හසුරවයි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට, අ ප රා ධ වැ ළැ ක් වීමට, මත් ජාවාරම පිටුදැකීමට, ළමා අයිතිවාසිකම් සුරැකීමට හා රැකියා සම්පාදනයට ආණ්ඩුව ගෙන ඇති පියවර ප්‍රසංශනීය වෙයි. මෑත කාලයේ කිසිදු ආණ්ඩුවක් ඉහත ක්ෂේත්‍රවල ප්‍රබෝධයක් ඇති කර තිබුණේ නැ ත.

යහපාලන ආණ්ඩුව යටතේ ජාතික ආ ර ක් ෂාව බ ල ව ත් ලෙස පිරිහීමට ලක් විය. ජනාධිපතිවරයාගේ උපදේශන මත ක්‍රියාත්මක වන කාබනික කෘෂිකර්මය වැඩසටහනට ලෝක අ ව ධානය යොමු වී ඇත. එය නි ර් භී ත පියවරක් බව ලෝක නායකයන්ගේ මතය වෙයි. කාබනික කෘෂිකර්මයේ සාර්ථක ප්‍රතිඵල නෙළා ගත හැක්කේ ඉදිරියටය. එය අපේ ජාතිය පණගන්වන වැඩසටහනක් ලෙස පවතිනු ඇත. විවිධ විවේචන හා විරෝධතා පැවතිය ද ආණ්ඩුව යථාර්ථවාදී ගමනක යෙදී සිටී.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්