Feb
25

ජනප්‍රිය නිළි සචිනි අයේන්ද්‍රා සිය දියණියගේ උපන්දිනය උපන්දිනය සමරමින් ඇයට දුන්න අපූරු සප්‍රයිස් එක

 
5224 Views
   
 

සචිනි අයේන්ද්‍රා කියලා කියන්නේ මේවෙද්දී මෙරට ජනයාගේ ආකර්ෂණය හිමිකරගෙන ඉන්න ජනප්‍රිය වගේම සුන්දර රංගන ශිල්පිනියක්. ඇත්තෙන්ම පුංචි තිරය තුළ වගේම රිදී තිරය තුලත් ජනප්‍රිය චරිත ගණනාවක් නිරූපණය කළ ඇයව අපට මෙරට නිර්මාණ කිහිපයක් ඔස්සේ දැකගන්නට ලැබුණා. කොහොම නමුත් හාට් එෆ් එම් වැනි චිත්‍රපට හරහා ඇය ඇගේ රංගන හැකියාවන් පෙන්නුම් කළ අතර ඇගේ රංගනයන් සදහා හිමිවූයේ ඉහළ ජනතා ප්‍රතිචාරයකි

කෙසේවෙතත් පසුගිය දිනක ඇය ඇගේ දියණියගේ උපන්දිනය සැමරීමට කටයුතු කර තිබුණු අතර මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප කිහිපයක් සමාජ ජාලා මාධ්‍යට එක්කර තිබුණා. එලෙස ඇය සමාජ ජාලා වෙත යොමු කළ ඡායාරූප මෙරට බොහෝදෙනෙකුගේ කතාබහට ළක්ව තිබුණා. ඉතින් අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ ඇයත් සමගිනුයි

ඇත්තටම සචිනි කියල කියන්නේ රංගනයට වගේම නිරූපණයටත් සම්බන්ධ කෙනෙක්. ඉතින් සචිනි කියන්නේ යම් තැනකට යන්න ලෑස්ති වෙන්න ගොඩක් වෙලා ගන්න කෙනෙක්ද කිව්වොත් ?

ඇත්තටම ඉස්සර නම් මම එහෙම නැහැ. දැන් ඉතින් ලෝකෙ දියුණු වෙලානේ තියෙන්නේ. අනික තැනකට යද්දී පොඩ්ඩක් පිලිවෙලට යන්නත් ඕනිනේ. ඒ නිසා තමයි මට යම් වැඩකට ලෑස්ති වෙන්න ටිකක් වෙලා යන්නේ

මේවෙනකොට අපේ කලා ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු ගමනක් යන චරිතයක් තමයි ඔබ ඉතින් ඔබ මේ ක්ෂේත්‍රය ඇතුලේ සතුටින් ජීවත් වන කෙනෙක්ද ?

ඇත්තටම ඔව් මම ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්. මොකද මම දැන් මේ ක්ෂේත්‍රය ඇතුළෙ මගේ නමක් හදාගෙන ඉවරයි. අනික අපි කරන වැඩේ හොඳට කළොත් මේ ක්ෂේත්‍රය තුළ හොඳ ගමනක් යන්න පුළුවන්. අපි මහන්සි වෙලා වැඩ කලොත් මේ ක්ෂේත්‍රය ඇතුලේ සල්ලි හොයන්න අපිට පුලුවන්

ඒ කියන්නේ මේ ක්ෂේත්‍රය ඇතුලේ සල්ලි හොයන්න ගොඩාක් අමාරු නැහැ නේද ?

ඒක මෙහෙමයි. අපි හරියට මේ ⁣ක්ෂේත්‍රය ඇතුලේ ඉන්නවනම් ඇත්තටම අපිට හොද ගමනක් යන්න පුළුවන්. මම දකින විදිහ ඒකයි.මම වුනත් මුදල් හම්බකරන්නේ එහෙමයි

ඔබට ඔබගේ දුව ගැන මොකද හිතෙන්නේ

‘ඇත්තටම එයා ගොඩක් දක්ෂ ළමයෙක් මට ආඩම්බර වෙන්න පුළුවන් අම්මා කෙනෙක් විදියට ඒ වගේ දුවක් හැදුව එකට. එයා Rubik’s Cube විසඳන්න ගොඩක්ම දක්ෂයි

කොහොමහරි ඉතින් රටම ආදරේ කරන ජනප්‍රිය නිලි සචිනි අයේන්ද්‍රාගේ සුන්දර දියණියගේ උපන්දිනය පසුගිය දිනට යෙදී තිබුණු අතර දියණියගේ උපන්දිනයට ලාංකිකයන් රැසක් සුභපැතුම් එක්කර තිබුණා. ඉතින් මේ විදිහට සිය උපන්දිනය සැමරූ නිලි සචිනි අයේන්ද්‍රාගේ දියණියගේ උපන්දිනයට අපිත් සුභපැතුම් ඒකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්