Mar
7

” මම මගේ ටාගට් කම්ප්ලීට් කළා, මට කතා කියන අය තාම එක තැන” සුරූපී ගුවන් සේවිකා දිනිති වල්ගමගේ

 
7839 Views
   
 

මේ දිනවල ලාංකිකයන් හැමෝගෙම කතාබහට ළක්වන චරිතයක් බවට ජනප්‍රිය රංගන ශිල්පිනී දිනිති වල්ගමගේ පත්ව තිබෙනවා. ඊට හේතුව වනුයේ පසුගිය දිනක ඇය එක්තරා වැඩසටහනකට සහභාගිවී නිවේදකයා හමුවේ ප්‍රකාශ කරන යම් යම් ප්‍රකාශයන් කිහිපයකි. කොහොම නමුත් දිනිති කියන්නේ ශ්‍රී ලංකා ගුවන් සේවයත් එක්ක එකතුවෙලා ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කරන කෙනෙක්. ඇගේ ප්‍රධානම රැකියාව වෙන්නේ එයයි

ඒ වගේම ඇය මෙරට කලා ක්ෂේත්‍රය තුළත් මේවෙද්දී රංගන ශිල්පිනියක ලෙසින් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. කොහොම නමුත් ස්වර්ණවාහිනියේ විකාශය වුනු හාර කෝටිය ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසි ඇය සිල්ලර සමනල්ලු කෝටිපතියෝ වැනි ටෙලි නාට්‍ය රැසකින් දැකගන්නට ලැබුණා. කෙසේවෙතත් අද අපි කතා කරන්න යන්නේ මේ සුන්දර චරිතය ගැනයි

ඇත්තටම දිනිති ඔබ ජනප්‍රියයි කියල හිතනවාද ?

මට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. මම මුලින්ම කෝටිපතියෝ ටෙලිනාට්‍ය රඟපාද්දී ඒකේ අභිෂේකා කියන චරිතයට පවා හොද ප්‍රතිචාර ලැබුනා. ඉතින් මම හිතනවා මම ගොඩක් අය දන්න අදුනන චරිතයක් කියලා. මගේ ගමන් මඟ ආරම්භ වෙන්නේ හාර කෝටිය කියන ටෙලි නාට්‍යයෙන්. එදා රංගනයට පිවිසුන මම අද බොහෝ දුරක් ඇවිල්ලා තියෙනවා

දිනිති කියල කියන්නේ මේවෙද්දී මෙරට ජනයාගේ ආදරය නොමදව ලැබෙන චරිතයක්. ඉතින් ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද ?

ඇත්තම කියනවනම් මම මගේ බලාපොරොත්තු හැම එකක්ම මේ වෙද්දි සැබෑ කරගෙන ඉවරයි. මම මගේ දෙමව්පියන්ගේ පවා බලාපොරොත්තු ඉෂ්ට කරපු කෙනෙක්. මම කලාවට පය තියලා මාස පහෙන් රයිගම් සම්මාන උලෙළට නිර්දේශ වුණා. මට අමුතුවෙන් ලගා කරගන්න ඕන කියලා බලාපොරොත්තු නෑ. කවුරු මොනවා කිවුවත් මම මගේ ටාගට් කම්ප්ලීට් කළා, මට කතා කියන අය තාම එක තැන

ඔබ කලාව තෝරා ගන්නේ වෘත්තීය හැටියට නෙවෙයි නේද ?

මම ශ්‍රී ලංකා එයාලයින් ගුවන් සේවයේ සේවය කරනවා. ඒ ගුවන් සේවිකාවක් විදිහට. මම මගේ තනි කැමැත්තට තමයි ගුවන සේවිකාවක් වුනේ. එයාලා කවුරුත් මේ සේවයට මම එනවට කැමති වුණේ නැහැ

මේ විදිහට මෙරට ජනප්‍රිය ඔබ පාසල් යන කාලයේ වේදිකා රංගන ශිල්පිනියක්ද ?

ගාල්ල කලාපයේ පැවති වේදිකා නාට්‍ය කිහිපයකම මම රඟපෑවා. මම ශේක්ෂ්පියර් කියන වේදිකා නාට්‍යයේ රඟපෑවා. ඒ වගේම මට ඒ කාලේ සම්මාන කිහිපයකුත් ලැබුණා. සමස්ත ලංකා තරග වලිනුත් මම ජයග්‍රහණය කරලා තියෙනවා

කෙසේවෙතත් පහුගිය දවසක ඇය එක්තරා වැඩසටහනකට සහභාගි වෙමින් නිවේදිකයා අහන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී තිබුණා. එලෙස අදහස් දක්වපු ඇය පිලිතුරු දෙන ආකාරය නිසාම නිවේදකයා අහනවා මම ප්‍රශ්න අහන එක වදයක්ද කියල. එහීදී ඇය පිළිතුරු ලබා දෙමින් කියන්නේ ඒ මගේ හැටි, මම ටිකක් පණ්ඩිතයි කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්