Oct
20

තරුණ ජවයට නව ශක්තියක්

 
399 Views
   
 

ලබන වසරේ සිට සෑම ගමකින්ම නව ව්‍යවසායකු බිහිකිරීමේ සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි . තිරුක්කෝවිල් උදයසූරියම් ක්‍රීඩා සමාජයට අයත් වොලිබෝල් ක්‍රීඩාංගනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වන විට අප ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංගතය සමග ඉතාමත් අපහසු කාලසීමාවක් පසුකරමින් සිටී. ක්‍රීඩාවට , රැකියාවට, සහ ආර්ථික වශයෙන් යන සෑම අංශයකින්ම ඉතා දුෂ්කර කාලයකට මුහුණ දෙන මේ මොහොතේ රටක් ලෙස තරුණ පරපුර එක්වී ගම සහ රට ගොඩනැගීමේ නායකත්වයක් බිහිකිරීමෙන් මෙම දුෂ්කර කාලසීමාවෙන් ඉක්මනින් මිදිය හැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මේ අනුව ලබන වසරේ ( 2022) තරුණ පරපුර අලලා ඔවුන්ගේ ව්‍යවසායකත්වය දියුණු කිරීම සඳහා සුවිශේෂී වැඩ සටහනක් ක්‍රියාත්මක වේ.එම නව ව්‍යවසායකයා හට අන්තර්ජාලය හරහා ලංකාවේ දැනට පවතින වෙළෙඳ ව්‍යාපාර සමග එක්ව ඔවුන්ගේ නිශ්පාදන ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වේ. එසේම ජාත්‍යන්තරය ජය ගත හැකි සැගව ඇති දක්ෂ ක්‍රීඩකයන් සොයා ඔවුන්ගේ දස්කම් ලෝකය වෙත විදහා පෑමට ද අවස්ථාව සැලසීමට බලාපොරොත්තු වන බවත්, නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගත් බීච් වොලිබෝල් ක්‍රීඩාව සඳහාද විශේෂ අවස්ථාවක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටී.

මේ සමගම පොතුවිල් ,විස්කි පොයින්ට්හි නිවාස අහිමි පිරිස් වෙනුවෙන් නව නිවාස ගොඩනැගීමට රුපියල් ලක්ෂ 10 බැගින් පිරිනැමීමද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදුවිය.නිවාස සංවර්ධන අධිකාරිය හරහා එක ක්‍රියාත්මක වේ. මේ අනුව කොළඹට එනම්, බස්නාහිරට පමණක් නොව, සංවර්ධනය මුළු රටටම එක හා සමානාත්මකව විහිදී යන ආකාරය විනිවිද දකින අවස්ථාවක් ලෙස මෙය උකහා ගත හැක. ගම දියුණු කිරීමෙන් නගරය සහ රට සංවර්ධනය කරා යන ගමනට එය මහත් ශක්තියක් වේවි.තරුණ ව්‍යවසායකත්වය ගමින් ගමට විහිදී යාමත් සමග ඒ හරහා ඔවුන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය වීමෙන්, ජාත්‍යන්තරය ජය ගැනීමේ නව තරුණ ජවයක් ගොඩනැගෙනු ඇත.එය රටේ පවතින ආර්ථික විශමතාවයට සහ රැකියා නොමැති බොහෝ තරුණ පිරිස් සඳහා මහත් අස්වැසල්ලක් වනු ඇත.
“තරුණ ජවයෙන් රට නගමු” (රෂිකා සඳමාලි හෙන්නායක)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්