Aug
27

සීනි මිල අඩු කරන්න බෑ, සහල් හිඟයකුත් ඇතිවන ලකුණු

 
1790 Views
   
 

සීනි මිල අඩු කළ නො හැකි බව ආනයනකරුවන් පවසනවා. ඔවුන් පවසන්නේ මේ මොහොතේ තමන් සතුව පවතින්නේ සති දෙකකට හෝ තුනකට ප්‍රමාණවත් සීනි තොග පමණක් බවයි. යම් හෙයකින් ආනයනය සඳහා රජය අවසර ලබා නො දුනහොත් රට තුළ සීනි හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

මෙරට සීනි මිල පිළිබඳව මේ වනවිට ඇතිව තිබෙන්නේ දැඩි සංවාදයක්. සති කිහිපයක් තුළ සීනි කිලෝවක් රුපියල් 100 කට වැඩි මිලකින් ඉහළ යාම ඊට හේතුවයි. මෙම තත්ත්වය මත සීනි යොදා ගනිමින් සිදුකරන ආහාර නිෂ්පාදනවල මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ද සංවාදයක් මතුව තිබෙනවා. ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ තේ කෝප්පයක මිල රුපියල් 25ක් දක්වා ඉහළ නැංවීමට සිදුවන බවයි. මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාවයෙන් රටතුල නිෂ්පාදනය කරනු ලබන්නේ දුඹුරු සීනි ලෙස සියයට 20ක ප්‍රතිශතයක් පමණයි.

ඉතිරි සියල්ල බ්‍රසීලයෙන් හෝ ඉන්දියාවෙන් ආනයනය කෙරෙනවා. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී සීනි බද්ද රුපියල් 50 සිට ශත 25 ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කළ අතර එහිදී ද දැඩි සංවාදයක් ඇතිවුණා. කෙසේ වෙතත්, පසුව වෙළඳපොල තුල සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ත් 110 අතර මිලක් දක්වා පහත ගියා. අද වනවිට සීනි කිලෝවක තොග මිල දැක්වෙන්නේ රුපියල් 210කට ආසන්න මිලකටයි. වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ මෙරටට ආනයනය කළ සීනි තොගයක් වරායේ රඳවා ඇති බවයි.

එය සතොස හරහා ලබාදෙන බව ද ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න පවසන්නේ සති 3 කින් පවතින සීනි තොග අවසන් වන බවයි. එසේම, පාරිභෝගික සේවා අධිකාරිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අතරමැදි වී ගබඩා තුල ඊයේ සිදුකළ වැටලීමත් සමග දිස්ත්‍රික්කය තුල සහල් ප්‍රවාහනය සදහා වාරණ පනවා ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයිනගේ සංගමය පවසනවා. සහල් නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකිරිම සදහා අවශ්‍ය වී තොග මෝල් වෙත නො ලැබෙන බවයි ඔවුන් සදහන් කළේ. මේ හේතුවෙන් ඉදිරියේදී වෙළඳපොළ තුල සහල් හිඟයක් නිර්මාණය විය හැකි බවයි එම සංගමයේ සභාපති ඩබ්.ඩී.කේ.මුදිත් පෙරේරා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්