Jun
30

මල්ලිලාට Love කරලා මල්ලි කෙනෙක්ම බැඳපු සුලෝචනා දැන් ගෙවන ජිවිතේ

 
7417 Views
   
 

ඇය නිතර නිතර දකින්න ලැබෙන නිළියක් නොවේ. ඉඳල හිටලා හොඳ නිර්මාණයකින් ඇය රසිකයන් අතරට එනවා. නිකිනි වැස්ස සිනමා පටය ඇයගේ හැරවුම් ලක්ෂ්‍ය වුණා. ඉතින් පසු ගිය දවස්වල තණමල්විල කොල්ලෙක් තුළ ඇය දයාබරිත අක්කා කෙනෙක්. නිතර නොදකින හැබැයි දකින විට අමතක නොවෙන්න රඟපාන සුලෝචනා වීරසිංහ ගැනයි මේ කියන්න් යන්නේ. ඇය පසු ගියදා ඇයගේ උපන්දිනය සමරා තිබුනාඉතින් උපන්දිනය දා ඇය අපුරු සටහනක් මුහුණු පොතට එකතු කර තිබුනා එම සටහන ඔබට පහතින් බලන්න පුළුවන්ඉපදීම සමරන්න ඕන ඇයි කියන එකට එක එක්කෙනාට වෙනස් විදිහේ හේතූ ඇති.සමහර අය ඉපදුන දවස අවුරුද්දක් ගානේ එක එක විදිහට උත්සවාකාරයෙන් සමරනවා. සමහර අයගේ උපන්දින සාදවලට ආරාධනා ලැබෙන එක තමන්ට විශාල තත්වයක් ලැබුණා සේ සලකන අයත් ඉන්නවා මන් හිතන්නේ.කොහොම උනත් ඒ ගැන දිගට කතා කරන්න හිතන්නේ නෑ. ලොකූ සාද ගන්න උනන්දු වෙන ගොඩක් අය කෙනෙක් වයස ඇහුවහම ( 25 වගේ පැනපු අය )ටිකක් මූණ වෙනස් වෙනවා. ඒකටත් ඉතින් විවිධ හේතු ඇති. මම ඉන්න art field එකේ මේ වයස හැන්ගිල්ල හොදටම තියෙනවා.ගෑනු පිරිමි දෙගොල්ලම. ඒකටත් ඉතින් හේතූ කීපයක්ම තියෙනවා. සමහර තැන්වලදී මේ වයස හැන්ගිල්ලට සාධාරණ හේතු තියෙනවා. ලංකාවේ වැඩ වල casting වලදී මේ Age කියන කාරණෙන් සමහර අයට සමහර වැඩවලදී අසාධාරණයක් වෙනවා.අපි හිතමු actress කෙනෙක් ඉන්නවා වයස 30ක. නිර්මාණයේ character එකට හොයන්නේ වයස 25 ක වගේ කෙනෙක් අර 30 කෙනාට 25 ක වගේ පෙනුමක් තිබුණත් එයාව cast වෙන්නේ නෑ.මේ වැඩේ ගොඩක් teledramas වලදී වෙනවා ඉතින් ඒකයි ගොඩක් අයගේ 25 න් වයස නතර වෙලා තියෙන්නේ.

මම මගේ ඇත්ත වයස කියනකොට මගේ වයසේ ඉන්න යාලුවෝ කියනවා ඇත්ත වයස කියන්න එපා බන්.අවුරුදු දෙක තුනක් අඩුවෙන් කියපන් කියලා.ඒකේ වැරැද්දක් නෑ ඇත්තටම මට ඇත්ත වයස පෙනුනට මගේ වයසේ සමහර උන්ට මට තරම් වයසක් පේන්නේ නෑ.ඉතින් මම අර යාලුවායි මායි එක වයසේ කියලා බැරි වෙලාවක්වත් AD කෙනෙක් ට වගේ කිව්වොත් ඌ director ට කියනවා එයත් සුලෝචනා ගේ වයසේ කියලා ඉතින් අර තරුණ චරිතේ වෙන අලුත් චූටී ලස්සන සුදුම සුදු ආදරේ හිතෙන නංගි actress කෙනෙක්ට හම්බෙනවා ඉතින් සාමාන්‍යයෙන් අපේ ටෙලි නාට්‍ය වල අසාමාන්‍ය තත්වේ ඕකයි ඉතින් මම ඇත්ත වයස කියලා ඔයාලා නොකීවා කියලා කිසිම අවුලක් නෑ හොදේ. පවතින්න නම් System එකට සෙට් වෙන්න වෙනවනේ නේද ඔන්න ඉතින් හතලිස් ඇදිරියට තව තුනයි ඈ. ඊට වඩා නෝටී 40 වලට කිට්ටුයි වගේ කිව්වාහම පොඩි කික් එකක් තියෙනවා වගේ නේ. කොහොම හරි තව පැයක් වගේ පහු උනාම වයසම 37 ක් වෙනවා ජීවිතේ බාගයක්ම ඔන්න මම නම් ජීවත්වෙලා ඉවරයි. ඔන්න ඉතින් කියන්න ලෑස්ති වෙන්න එපා පොඩි පොඩි මල්ලී ලා අම්මෝ ඔහොම හිටියට ඒක හෙන වයසයි බන් 37 ක් ලූ කියලා

ඔයාලට තව ජීවිතේ එහෙම්මමයි. අනික ඔයාල වගේ පොඩි පොඩි මල්ලී ලා නංගිලා කියන ඒ වගේ දේවල් වලට මම නම් චුට්ටක්වත් දුක් වෙන්නේ නෑ ඉස්කෝලේ යන කාලේ ඉදන් මට වැඩිපුර try කලේ මල්ලිලා තමයි. ජීවිතේ එක එක වයසවල්වලදි මට මල්ලිලා වෙන අයට මම ආදරේ කරලත් තියෙනවා මට බොරු වයසක් කියලා ආදරේ කරන්න ගත්තු වයසින් බාල කෙනෙක් තමයි බැදලත් ඉන්නේ ( මම ඉතින් ඇන්ජලිනා ජොලී වගේ අයගෙන් තමයි ආදර්ශේ ගත්තේ ඊට පස්සේ ඔන්න ප්‍රියංකාත් අපිව කොපි කලා.හැබැයි මම ඊටත් වඩා කැමතියි ප්‍රංශ ජනාධිපති ගේ චොයිස් එකට 37 නිකම්ම වයස යාමක් නෙවෙයි මටනම් ඉගෙන ගත්තා ඒ කිව්වේ විභාග පාස් කලා love කලා,campus ගියා,ආය ආය ලව් කලා උපාධික් ගත්තා ලව් කලා..බූට් කෑවා.ආදරේ කලා රග පෑවා සම්මානපිට සම්මාන ගත්තා බූට් තිබ්බා ඉගෙන ගත්තා වාහනයක් ගත්තා පශ්චාත් උපාධියක් ගත්තා.ආදරේ කලා බැන්දා රස්සාවකට ගියා දරුවෙක් හැදුවා ආයෙමත් බූට් කෑවා ගස් කීපෙකුත් හිටවලා තියෙන්නේ තව ඉතුරු වෙලා තියෙන්නේ පොතක් ලියන්න විතරයි එතකොටලුනේ මිනිහෙක් සම්පූර්ණ වෙනවා කියන්නේ අනේ ඉතින් සම්පූර්ණ වීම ගැන නම් ලොකුවට දේවල් කියන්න මම දන්නේ නෑ කොහොම උනත් සතුටට හිනා වෙලා දුකට පෙරලි පෙරලි අඩලා වැටි වැටි නැගිටලා කන්න තියෙද්දි කාලා නැතිඋනාම පිරිමහගෙන කෙනෙකුට කරන්න පුලුවන් පොඩි හෝ උදව්වක් කරලා,කතා කරන්න පුලුවන් තැන්වලදි ( බැරි තැනුත් තියෙනවා ) මම වෙනුවෙන් හා වෙනත් අය වෙනුවෙන්ද අවංකව කෙලින් කතා කරලා කාටවත් වදයක් නොවී ජීවත් වෙන්න උත්සාහ කරපු ගෑනු සතෙක් තවත් ඉතින් මං ලග ඇති ගුණ සුවදත්,නුගුණත් තියෙනවා.

කොහොම උනත් birthday එක කියලා මට සුභ පතන්න හිතා ගෙන ඉන්න අයට කියන්නේ නිකම්ම නිකන් උපන් දින සුභ පැතුම් නම් එපා. මගේ උපත උලෙළක් වගේ වෙන්න ඇති මගේ අම්මාට තාත්තාට ඊට පස්සේනම් මගේ උපත ගැන ඒ තරම් ප්‍රීති ප්‍රමෝදයක් ඇත්තෙක් ඉන්නවා නම් තේරෙන වයසට එන මගේ දැරුවා විය හැකියි සමහරවිට මම නොදන්නවා උනාට තවත් අය ඇති.සමාවෙන්න මම කියන්නේ ඒ තරම්ම සතුටක් ගැන දුකකුත් නැති සතුටකුත් නැති දැනීමක් විදලා තියෙනවද ? ඒක මට මේ ලගදි ඉදන් ටික ටික දැනෙන්න ගත්ත දෙයක් ඇත්තටම ඒක ජීවිතේ ගැන අංශු මාත්‍ර අවබෝධයක්..ඒක පවතින්නේ නෑ ක්ෂනයි ඒත් ඒක පුදුම නිදහස් මොහොතක් පිරෙන සුවයක් ඉතින් ඒ යන එන මා තුල දීර්ඝව රදා පවතින්නේ නැති කිසිවක්ම මම මගේ කියා නොදැනී දුකක්ද සතුටක්ද නැති නිවෙන සැනහෙන පාවෙන නිදහස සොයා ගන්න මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ..ඒ දැනීම ගන්න ඔයාලත් try කරන්න තවනම් එක ආත්මෙකින් වගේ මේක ගොඩ දා ගන්න ඕන යාලුවනේ මේ උපත දුන් අම්මා ට තාත්තාට වගේම ජීවිතය අංශු මාත්‍රයකින් තේරුම් ගන්න ජීවිතයට ආව ගිය හැමෝටම ස්තුතියි.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්