Mar
5

රට අගාධයට ඇද දමන දුෂ්ට වර්ජන රැල්ල

 
1890 Views
   
 

ඊනියා වර්ජන ක්රියාවලිය මීට පෙර ද පෙබරවාරි හත්වනදා සිට එකොළොස් වනදා තෙක් පැවැත්විණි. සෞඛ්ය අමාත්යවරයා සමඟ සාකච්ඡා වට දෙකක් පමණ පැවැති බව ද අපට මතකය. අමාත්යවරයා ඇතැම් ඉල්ලීම් ඉටු කළ හැකි බව ද ප්රකාශයට පත් කර තිබිණි.

වෘත්තිය සමිති නායකයන් ක්රියා කරනුයේ ඉල්ලීම් දිනා ගැනීමට නොව වර්ජනය දිගටම පවත්වා ගැනීමට බව පැහැදිලිය. මේ වන විට වෘත්තිය සමිති නායකයන් සාහසික ප්රකාශ දෙකක් නිකුත් කර තිබේ. පළමුවැන්න කිසිදු දැනුම් දීමකින් තොරව හිටිහැටියේ වර්ජන ක්රියාත්මක කරන බවය. දෙවැන්න අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්රියාත්මක කරන බවය. පෙබරවාරි මාසයේ වර්ජනය නැවතුණේ හේතු දෙකක් නිසාය. පළමුවන හේතුව නම් මහජනයාගෙන් එල්ලවන්නට වූ දැඩි විරෝධයයි.

දෙවන හේතුව නම් අධිකරණයෙන් නිකුත් කළ වාරණ නියෝගයන්ය. මහජනයාගේ බදු මුදලින් පඩිකමින් මහජනයාටම එරෙහි වීමේ අයිතියක් කිසිදු රාජ්ය සේවකයකුට නැත. වර්ජනයට නායකත්වය දෙන එක් පුද්ගලයෙක් ගිය ආණ්ඩුවේ මන්ත්රීවරයෙකි. එහෙත් ඔහු මහජන ඡන්දයෙන් පත් වූවකු නොව එකල නායකයන්ගේ හෙංචයියකු ලෙස ක්රියා කිරීම නිසා ‘ලිස්ට් එකට’ පාර්ලිමේන්තුවට පත් කරන ලද තැනැත්තෙකි.

ආණ්ඩුවේ පරාජයත් සමඟ ඔහුට බොහෝ දේවල් අහිමි විය. ඒවා නැවත ලබා ගැනීමට නම් එජාප ආණ්ඩුවක් බලයට පත් කළ යුතුය. අනෙක් නායකයන්ගේ තත්ත්වය ද ඊට වෙනස් නැත. පසුගිය වසර දෙක පුරාවටම මේ වෘත්තිය සමිති නායකයන් ක්රියා කර ඇත්තේ රජයේ කොවිඩ් මර්දන වැඩසටහන් අසාර්ථක කරන ස්ථාවරයේ සිටය. ඔවුහු දිනපනතාම ප්රවෘත්ති සාකච්ඡා කැඳවමින් වැඩසටහන් විවේචනය කළහ.

අවසන් කාලය වන විට ඔවුන්ගේ විවේචන විහිළු බවට පත් විය. ආණ්ඩුව කොවිඩ් සටන ජයගත් අතර වෘත්තිය සමිති නායකයෝ වර්ජන හා විරෝධතා පටන් ගත්හ. දැන් ඒවා උත්සන්න කිරීම ඔවුන්ගේ ඉලක්කය වී ඇත. කුමන තත්ත්වයක් යටතේ වුව සෞඛ්ය ක්ෂේත්රයේ වෘත්තිය සමිති දාහතක් වර්ජනයට එක් වී සිටිති. වර්ජනයෙහි යෙදෙන මුළු සේවක සංඛ්යාව හතළිස් පන්දහසක් පමණ වන බව ද කියති.

රෝහල් සේවා මුළුමනින්ම කඩා වැටී නැතත් වර්ජනය සැලකිය යුතු බලපෑමක් සිදු කර තිබේ. සෞඛ්ය ක්ෂේත්රයේ හතළිස් පන්දහසක් රාජකාරි අත්හැර ඇතැයි කීම බරපතළ තත්ත්වයකි. රටේ ප්රධාන රෝහල් සියල්ලටම පාහේ එම බලපෑම ඇති බව හොඳ හැටි දැක ගත හැකිය. වෛද්යවරුන් රෝගීන් පරීක්ෂා කොට බෙහෙත් නියම කළ ද ඖෂධ දෙන්නට කෙනකු නැත; පරීක්ෂණ කරන්නට කෙනකු නැත. එය රෝගීන් කෙරෙහි තදින් බලපායි. රට මුහුණ දී ඇත්තේ අසීරු අවස්ථාවකටය. එය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

විදේශ විනිමය හිඟය, තෙල් ගැටලුව, විදුලිය කප්පාදුව, මහජනයා පීඩාවට පත් කරන ප්රධාන අර්බුද බවට පත් වී ඇත. මේවාට මුහුණ දෙමින් මහජන සහන ඒ අයුරින්ම පවත්වා ගැනීම සඳහා ආණ්ඩුව බලවත් පරිශ්රමයක යෙදී සිටී. මේ තත්ත්වය හදිසියේ නිර්මාණය වූවක් ද නොවේ. ඒ අනුව නිදහසින් පසු බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම ඊට වගකිව යුතුය. එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමට වඩා පොදු එකඟතා මත අර්බුදය ජය ගැනීමට පෙළ ගැසීම වඩාත් සාර්ථක උපායමාර්ගය වෙයි. එහෙත් එකී පොදු එකඟතාව දකින්නට නැත.

දේශපාලන පක්ෂ හා ව්යාපාර අර්බුදයට මුවා වී වාසි අත්කරගැනීමේ උත්සාහයක නිරතව සිටිති. වැඩ වර්ජන හා විරෝධතා ද එහිම ප්රතිඵලයක් බව කිව යුතුය. වර්ජනවලින් සිදු වන්නේ අර්බුදය තවත් උත්සන්න වීම පමණි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්