දිවයිනේ පාසල් 7,926 ක ප්‍රාථමික අංශයේ ද රුවන් 1,081,927 ක් සඳහා දිවා ආහාරය ලබාදීමේ අරමුණින් පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උළෙලක් බේරුවලදී 2021.10.17 දින ආරම්භ කරන ලදී. කාන්තා හා ළමා සංවර්ධන , පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය එය ක්‍රියාත්මක කරයි. මීට වැයකෙරෙන මුදල රුපියල් මිලියන 1,170 කි.මේ යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 301 ක සිසුන් 41,679 ක් සඳහා ප්රතිලාභ හිමිවේ. එය සංකේතවත් කරමින් බේරුවල කොට්ඨාසය පාසල් 29 ක විදුහල්පතිවරුනට හා සිසු ද රු දැ රියන්ට පෝෂණ මල්ල සංකේතාත්මකව අද (2021/10/17) දින පිරිනැමිණි.ඒ බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීය.
මෙයට සමගාමිව දිවයිනේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන වෙත පරිඝණක 700 ක් ලබාදීමේ ජාතික වැඩසටහන අනුව , බේරුවල ජයන්ති ළමා නිවාසය යටතේ පරිඝණක මධ්‍යස්ථානයක්ද විවෘත කෙරිණි .ඒ බස්නාහිර පළාතේ සමාරම්භක වැඩසටහන ලෙසිනි. බේරුවල පාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධව ස්ථාපනය කෙරුණු ළමා ඒකකය විවෘත කිරීම , පෙර පාසල් සඳහා මූල්‍යමය ප්‍රතිපාදන සැපයීම, ගැබිනි මව්වරුන්ට උපකරණ ලබාදීම වැනි වැඩසටහන් කීපයක් ද මීට සමගාමීව පැවැත්විණ.
ලෝකයේ රටක්, සමාජයක්, පුරවැසියෙක් ලෙස සාර්ථකව ඉදිරියට යෑමට නම් නිසි අන්නෝන්‍ය සහයෝගිතාවයක් සහ පුළුල් අවබෝධයක් තිබිය යුතුය .එකිනෙකාගේ අවශ්‍යයතාවයන් පිළිබඳ සූක්ෂම හඳුනාගැනීමේ හැකියාවක් තිබිය යුතුය.එසේ වුවහොත් ගමක් , නගරයක්, රටක් ලෙස ඉදිරියටම යා හැකිය. වත්මන් රජය සහ අමාත්‍යාංශ යටතේ , අමාත්‍යවරුන් විසින් කරගෙන යන්නා වූ මෙවැනි වැදගත් කටයුතු වෙනුවෙන් හදපිරි ස්තූතිය පුද කර සිටිමු.
(රෂිකා සඳමාලි හෙන්නාය)