Dec
15

අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායකගේ නිවසේත් ගෑස් පිපිරීමක්

 
1107 Views
   
 

අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායක ටී. ඇම්. ධර්මසේන තෙන්නකෝන් මහතාගේ අනුරාධපුර දෙවන පියවර පරදේශයේ පිහිටි නිවසේ පෙරේදා (13) රාතරී ආහාර පිළියෙල කොට ගෑස් උඳුන නිවා සුළු මොහොතකට පසු එහි රෙගියුලේටරය අසලින් පුපුරා ගොස් ඇත. 

එදින රාතරී 7.45 ට පමණ ආහාර පිළියෙල කිරීමෙන් පසු විපක්ෂනායකවරයාගේ බිරිඳ ගෑස් ලිප නිවා විනාඩි දෙකකට පමණ පසු එකවරම පිටවූ ශබ්දයක් සමග එහි රෙගියුලේටරයේ කර මුලින් පුපුරා ගොස් තිබේ. 

මෙම සිද්ධියෙන් කිසිවකුටත් අනතුරක් සිදුවී නැත. ගෑස් සිලින්ඩරය පරීක්ෂා කිරීමේදී එම ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දු වීමක් දක්නට ලැබුණු බව විපක්ෂනායකවරයා පැවසීය. 

මේ පිළිබඳව අනුරාධපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්