Nov
19

පාට පක්ෂ භේදයකින් තොරව ජනතා ආදරය දිනූ ජන මූල නායක දෙපළ

 
1518 Views
   
 

දේශපාලකයන්ගේ උපන් දින හෝ පදවි ප්රාප්ති හෝ ජාතික අවස්ථා ලෙස හුවා දැක්වීමට අපගේ කැමැත්තක් නැත. එහෙත් රටේත්, ජාතියේත් සාධනීය වෙනසක් සඳහා දැක්මක් ඇතිව ක්රියාකරන ජනතාවගේ නායකයන්ගේ කුමන හෝ විශේෂ අවස්ථාවක් විවරණය කරන්නට අප පසුබට වන්නේ නැත.

හේතුව, එය මනුෂ්යත්වයේ ලක්ෂණයක් වන බැවින්ය. අගමැති මහින්ද රාජපක්ෂ මේ රටේ කිසිවකුට අමතක කළ නොහැකිය. එලෙසම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද කිසිවකුට අමතක කළ නොහැකිය. ඉහත සහෝදරයන් දෙදෙනා නොවන්නට මේ රටේ කිසිවකුට නිදහසේ හුස්මක් ගැනීමට ඉඩක් ලැබෙන්නේ නැත.

2009ට පෙර ශ්රී ලංකාව හැඳින්වූයේ නිරන්තරයෙන් බෝම්බ පුපුරා යන සිවිල් යුද්ධයක් සහිත අවදානම්සහගත රාජ්යයක් හැටියටය. විදේශීය ආයෝජන නැවතිණි. සංචාරක කර්මාන්තය නැවතිණි. රට ඉදිරියට යනු වෙනුවට පසුපසට ගමන් කරන්නට විය. එකම විසඳුම වූයේ බෙදුම්වාදී ත්රස්තවාදයට ජයග්රහණය භාරදී රට දෙකඩ කිරීමය.

ලොව බලවත් රාජ්යයන්ගේ සහයෝගය ද ඇතිව ත්රස්තවාදය ක්රියාත්මක විය. ත්රස්තවාදයට එරෙහි වන සියල්ලන්ටම අත්වූ ඉරණම වූයේ මරණයයි. මරණයට නොබියව මුහුණදී ත්රස්තවාදය පරාජය කළ වීරයන් දෙදෙනකු හැටියට ඉහත සහෝදරයන් හඳුන්වා දීමෙහි කිසිදු වරදක් නැත.

දකුණු ආසියානු රාජ්යයක් ලෙස හඳුන්වනු ලබන ඇෆ්ගනිස්ථානය තුළ මෑත කාලයේ ජාතික වීරයන් බිහි වූයේ නැත. එහි දේශපාලන නායකත්වය ත්රස්තවාදය ඉදිරියේ පරාජයට පත් විය. අමෙරිකාවේ සහයෝගය ලැබුණ ද ත්රස්තවාදය පරාජය කිරීමට ඇෆ්ගන් නායකයන්ට හැකි වූයේ නැත. මූලධර්මවාදී ත්රස්ත කල්ලි අද ඒ රට පාලනය කරති. ජාත්යන්තර ආධාර නැවතී ඇත. විදේශීය ආයෝජන, සංචාරක කර්මාන්තය නැවතී ඇත. ඇෆ්ගන් ජාතිකයෝ රටින් පිටවීමට තියුණු තරගයක යෙදී සිටිති. ඍත ඍතුව පැමිණ ඇති අතර, විශාල පිරිසකට කුසගින්නේ මිය යන්නට සිදුවනු ඇතැයි කියති.

ශ්රී ලංකාව එබඳු ව්යසනයකින් බේරා ගත් යුග පුරුෂයන් සිහිකිරීම වරදක් ද? මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය ඊයේට යෙදී තිබිණි. දිවයින පුරා ඒ වෙනුවෙන් විවිධ පින්කම් සංවිධාන කර තිබිණි. එයින් පෙනී යන්නේ කෘතගුණවේදී ජනතාවක් අපට ඇති බවය. බෞද්ධ සංස්කෘතියේ පෝෂණය ලබන අපට කළගුණ අමතක කළ නොහැකිය. ඔහු හැඳින්විය හැක්කේ රටේ ජීවමාන පරිණත දේශපාලකයා හැටියටය. වීදි සටන්වලින් දේශපාලනය මුවහත් කරගත් ඔහු ස්වකීය දේශපාලන දර්ශනය ඔස්සේ ලෝකය තුළ නමක් තැබූ නායකයෙකි.

තමන්ගේම උපායමාර්ග ඔස්සේ ත්රස්තවාදය පරාජය කළ ඔහු දේශපාලනය ඔස්සේ ජනතාවගේ දේශජ හැඟීම අවදි කළේය. දේශීයත්වය ඔස්සේ රටේ සංවර්ධනය උපරිම තලයකට ගෙන ආවේය. දෙවරක් ජනාධිපති පදවිය දැරූ මහින්ද රාජපක්ෂ රටේ වාර්ෂික ආර්ථික වෘද්ධිය 12.2% දක්වා ඉහළට නැංවූයේය. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හැඳින්විය හැක්කේ මහින්ද දේශපාලන දැක්මේ නූතන පියවර හැටියටය. අපේ ඉතිහාසය තුළ සහෝදරයන්ගේ දේශපාලනයේ සාර්ථකත්වය සටහන් වූ අවස්ථා ගණනාවක් තිබේ.

නිදහසින් පසු රටේ දේශපාලනයේ සහෝදරත්වය සටහන් වන්නේ මේ කාලවකවානුව තුළ යැයි කිව හැකිය. ගෝඨාභයගේ දේශපාලන ගමන් මඟ හෙළිපෙහෙළි කළ මහින්ද රාජපක්ෂ අද ඔහුගේ රාජ්ය පාලනයට සහයෝගය දක්වන ප්රධාන භූමිකාව යැයි කිව හැකිය. වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වී වසර දෙකකි. එම කාලපරිච්ඡේදය සමස්ත ලෝකයටම අතිශය දුෂ්කර හා ඛේදනීය අත්දැකීම් හිමිකරදී ඇත.

ඒ කොවිඩ් ලෝක වසංගතය නිසාය. වත්මන් ජනාධිපතිවරයා හැඳින්විය හැක්කේ ජාතියේ අනාගත අභියෝග කලින්ම හඳුනාගෙන ඒ සඳහා දැක්මක් ඇතිව ක්රියා කරන ප්රතිපත්තිගරුක නායකයකු හැටියටය. ලෝක අභියෝගය හමුවේ ඔහුගේ ප්රමුඛ අවධානය යොමු වූයේ කොවිඩ් මර්දනය කෙරෙහිය.

එම වැඩපිළිවෙළ සාර්ථක බව ලෝක සෞඛ්ය සංවිධානය පවා පිළිගෙන තිබේ. ඔහුගේ දෙවන අවධානය හිමිවී ඇත්තේ සුරක්ෂිත ආහාර නිෂ්පාදනයක් කෙරෙහිය. හරිත කෘෂිකර්මය එහි ප්රධාන අංගයකි. ශ්රී ලංකාවේ කාබනික වගා ව්යාපෘතිය ලෝක ආහාර සංවිධානයේ ඇගයුමට ලක් වී ඇත.

යුරෝපීය රටවල් ගණනාවක් ඊට සහාය දැක්වීමට ඉදිරිපත්වී සිටිති. රටේ නායකයා අනාගත පරම්පරාවේ විශ්වාසය දිනා ගත් තැනැත්තකු විය යුතුය. ඔහු බොහෝ දේවල් සැලසුම් කරන්නේ අනාගත පරම්පරාවේ සුබසිද්ධිය සලකා ගෙනය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්