Oct
30

“දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්නේ නෑ” ඇමති විමල් බැසිල්ට එරෙහිව කට අරියි

 
1691 Views
   
 

කෙරවලපිටිය යුදගනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමට රජය එකඟතාවකට පැමිණීමට විරෝධය පළ කරමින් කැබිනට් ඇමතිවරුන් තිදෙනෙකු ඊයේ (29) සම්මන්ත්රණයක් පැවැත්වීය.

ජනතා හිතවාදී හෙටක් වෙනුවෙන් මහජන සභාව නමින් පිටකෝට්ටේ සෝලීස් ශාලාවේදී මෙම සමුළුවට රජයට සම්බන්ධ නායකයෝ 11 දෙනෙකු සහභාගී විය. ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11ක නායකයන් එක්වී සමුළුවක් පැවැත්වූ පළමු අවස්ථාවද මෙයයි.

එම සමුළුවේ ප්රධාන මාතෘකාව වී තිබුණේ යුදගනවි බලාගාරය ගිවිසුම සම්බන්ධවයි. කර්මාන්ත අමාත්ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක ජලසම්පාදන අමාත්ය වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල යන මහත්වරුන් මෙම සමුළුවේ මුලසුන හෙබවීය.

මීට අමතරව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්ය අමාත්ය දයාසිරි ජයසේකර, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අතුරලිය රතන හිමි, ටිරාන් අලස්, ලංකා සමසමාජ පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස විතාරණ, ගෙවිඳු කුමාරතුංග, ජාතික පක්ෂයේ නායක හිටපු අමාත්ය ඒ.එල්.එම් අතාවුල්ලා ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් විශේෂඥ වෛද්ය ජී. වීරසිංහ මහතා ඇතුළු පිරිසක්ද මෙම සම්මන්ත්රණය සඳහා සහභාගී විය.

රාජ්ය අමාත්ය ජයන්ත සමරවීර, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ ප්රේමනාත් දොලවත්ත යන මහත්වරු ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් පැවසුවේ සිය අමාත්ය ධුර අහිමි වුවද රටට අහිතකර ගිවිසුම් අහෝසි කරන තුරු සටන අත් නොහරින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්ය විමල් වීරවංශ මහතා ප්රකාශ කළේ යුදගනවි එල්.එන්.ජී බලාගාර ගිවිසුම රහසිගතව සම්මත වූ ගිවිසුමක් බවත් කැබිනට් මණ්ඩලයේ එය නිසි ලෙස සාකච්ඡා නොකළ බවත් ය.

අනෙකුත් අමාත්යවරුන් ගේ පූර්ව අනුදැනුමකින් තොරව හෝ සාකච්ඡාවකින් තොරව මුදල් අමාත්යවරයා විසින් මෙම කැබිනට් පත්රිකාව ඉදිරිපත් කර රහසේම අනුමැතිය ලබාගෙන ඇති බවයි විමල් වීරවංශ මහතා පැවසුවේ.

ඔවුන්ගේ මෙම විරෝධය රජයට හෝ පුනර්ජනනීය බලශක්තියට රෙහිව නොවන බවයි අමාත්ය වීරවංශ මහතා ස4ඳහන් කළේ.

කෙසේ නමුත් මෙම සමුළුව ආරම්භ වීමට පෙර සහභාගි වූ පක්ෂ නායකයින් සහ ජනාධිපතිවරයා හා අග්රාමාත්යවරයා අතර හමුවක් පවත්වා තිබෙනවා.

යුදගනවි ගිවිසුම සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන ලෙසටයි එහිදී ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ට දැනුම්දී ඇත්තේ.

ඊයේ පැවැත්වූ සම්මන්ත්රණය අතරතුර දී අමාත්ය විමල් වීරවංශ මහතා කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්