Jul
5

සූර්ය බල තාක්ෂණය පිළිබඳ NAITA ආයතනයෙන් නව පාඨමාලාවක්

 
2198 Views
   
 

වර්තමාන වෘත්තීය පුහුණු ක්‍ෂේත්‍රය සඳහා අලුතින්ම එකතු වූ පාඨමාලාවන් අතර තවත් සුවි‍ශේෂි පාඨමාලාවක් මෙන් ම 100%ක් දෙස් විදෙස් රැකියා සුරක්ෂිත භාවයකින් යුතු පාඨමාලාවක් වන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා තාක්ෂණ ශිල්පී පාඨමාලාවක් (Solar Photovoltaic Systems Technician) ආරම්භ කිර‍ිමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) කටයුතු කර තිබේ.

අ.පො. ස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව විශය සමග සම්මාන 03ක් සහිතව සමත් වූවන්ට මෙම පාඨමාලාව සඳහා අයදුම් කළ හැකිය. එසේම දැනටමත් සූර්ය බල තාක්ෂණ ක්ෂේත්‍රයේ පූර්ණ කාලීන නිපුණ ශිල්පියෙකු නම් අදාළ ශිල්පියාගේ සේවා කාලය වසර 4කට වැඩි නම් NVQ 4 පාඨමාලාව සඳහා ද අදාළ ශිල්පියාගේ සේවා කාලය වසර 1.5 කට වැඩි නම් NVQ 3 පාඨමාලාව සඳහා ද අයදුම් කළ හැකිය. පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට 0719652655 අංකයට නම, වයස, ලිපිනය, දිස්ත්‍රික්කය, දුරකථන අංකය සහ උසස් පෙළ ප්‍රතිඵල සඳහන් කර Whatsapp පණිවිඩයක් යොමු කළ යුතුය. මෙම පාඨමාලාව නොමිලේ පැවැත්වෙන අතර එය ජූලි මාසය තුළ ආරම්භ කිරිමට නියමිතය. වැඩිදුර තොරතුරු 0714553821 අංකයට ඇමතීමෙන් ලබා ගත හැකිය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්