May
4

සංචරණ සීමා හෝ රට වසා දැමීමේ තීරණය අද සවස වුනත් ගන්න පුලුවන්

 
1763 Views
   
 
පවතින කොවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තියත් සමඟ සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් ඒ ඒ අවස්ථාවන්ට සහ ප්‍රදේශවලට අනුව තීන්දු තීරණ ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ එළඹෙන තත්ත්වයන් හමුව සංචරණ සීමා හෝ රට වසා දැමීමේ තීරණය අද සවස වුවත් ගත හැකි බවයි.
කෙසේ වෙතත් පවතින තත්ත්වයන් අනුව සම්පූර්ණයෙන් රට වසා දැමීමේ අවශ්‍යතාවක් මේ වනවිටත් මතුව නොමැති බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.
Source Code :- gossip.hirufm.lk
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්