Feb
17

” එහෙම තාත්විකව රංගනයක යෙදෙන්න පුහුණුවක් නැතිව බැහැ ” ලංකාවේ කොල්ලන්ගේ අලුත්ම ක්‍රෂ් එක හේෂානි ලියදිපිට

 
660 Views
   
 

මේවෙනකොට ලාංකිකයන් අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි හෙශානි ලියදිපිට කියල කියන්නේ. කොහොම නමුත් ධරණී ටෙලිනාට්‍යයේ තරුමිණි කියන චරිතය තුළින් ලාංකීය ජනයා අතරට පැමිණි ඇය පිළිබඳ මේවෙද්දී මෙරට නොදන්න කෙනෙකු නැති තරම්. ඇත්තෙන්ම කෙටි කාලයකින් රටේම ජනප්‍රිය වෙන්න තරම් ඇය වාසනාවන්තියක් කිව්වොත් නිවැරදියි

කොහොමහරි ඉතින් සුරූපී වගේම දඟකාර හැඩකාර යුවතියක් වන ඇය ධරණී ටෙලි නාට්‍යයේ රඟදක්වන්නේ අහිංසක චරිතයක් නොවන බව ටෙලි නාට්‍යය නරඹන හැමෝම වගේ දන්නවා. මේ අතර කළා කටයුතු කරනම ගමන්ම ඇය අධ්‍යාපනය හදාරන බවයි අපට දැකගන්නට ලැබුණේ. ඇත්තෙන්ම ඇය දැනට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තෙවැනි වසරේ උපාදි අපේක්ෂිකාවක් වශයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. කොහොම නමුත් වර්තමානයේ ඇය ගැන වැඩියෙන්ම කතාකරන්නේ මේ කතාවේ හේෂානි විසින් රඟපාන විශේෂ වූ චරිතය නිසයි

කෙසේවෙතත් ධරණි ටෙලිනාට්‍යයේ අපව ඇයව දැකගන්නට ලැබෙන්නේ සාමාන්‍ය අහිංසක තරුණියකට වඩා එහා ගිය නිර්භීත කෙනෙක් විදිහටයි. ඉතින් මේ ටෙලි නිර්මාණය තුළින් බොහෝ දෙනෙකුගේ ආදරේ දිනාගත් හේශානි දැන්නම් පුංච් තිරයට නැතිවම බැරි කෙනෙකු බවට පත්ව තිබෙනවා. ඒ විතරක් නොවෙයි ඇය මේවෙනකොට සමාජ මාධ්‍ය තුළිත් සුවිශේෂ ලෙස කතාබහට ළක්වන චරිතයක් බවට පත්ව තිබෙනවා

කොහොම නමුත් ඇගේ මේ සටන් කිරීමේ අපූරු හැකියාව ගැන මේවෙනකොට ලංකාවේ හැමෝම අතර විශාල කතාබහක් ඇතිව තිබෙනවා. ඉතින් ඒ ගැන ඇයනම් කියන්නේ මෙහෙම කතාවක්

” මේ ටෙලිනාට්‍යයේ වැඩිපුරම තියෙන්නේ මාෂල් ආර්ට් වලින්. ඒක නිසා දෙරණ ආයතනය තුලින් අපිට ඒ අවශ්‍ය පුහුණුව ලබා දුන්නා. එහෙම පුහුණුවක් නැතිව තාත්විකව රංගනයක යෙදෙන්න බැහැ. හැම වෙලාවකම චරිතය වෙනුවෙන් කරන්න පුලුවන් හැම කපකිරිමක්ම කරලා උපරිම සාධාරණයක් කරනවා. සැබෑ ජිවිතේ වුනත් මෙහෙම දේවල් වලට මුහුණ දෙන්න සිද්ද වෙන කාන්තාවක් ඕනතරම් අපේ සමාජයේ ඉන්නවා. ඒවගේම කෙටි කාලයක් තුල මාව ජනප්‍රිය කරපු ප්‍රේක්ෂකයින්ටත් හදවතින්ම ස්තුති වන්ත වෙනවා.” කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්