Mar
2

ගැම්මක් ඇතිව රට ඉදිරියට

 
438 Views
   
 

කොවිඩ් වසංගතයත් සමඟ ලෝකයේ ලොකු පොඩි සියලු රටවල් බලවත් ආර්ථික දුෂ්කරතාවකට මුහුණ දී සිටිති. කිසිදු රටක් එම අර්බුදයෙන් මිදී නැත. අමෙරිකාවේ සමාගම් විශාල ප්රමාණයක් වැසී ගියේය. එහි විරැකියාව ශීඝ්රයෙන් වර්ධනය වෙයි. ඉන්දියාවේ වාර්ෂික ආර්ථික වෘද්ධිය ඍණ මට්ටමට ඇද වැටිණි. චීනය වාර්ෂිකව උපයන ලාභය අඩු වී ඇත. අප්රිකානු රාජ්ය බොහොමයක සංවර්ධන වැඩ නැවතී ඇත.

ඇෆ්ගනිස්ථානයේ දරුවෝ ලක්ෂ ගණනක් හාමතයට මුහුණ දී සිටිති. ඒ අතින් බලන විට ශ්රී ලංකාව පසුවන්නේ වාසනාවන්ත තැනක යැයි කිව හැකිය. ආහාර අර්බුදයක් අපට නැත. කොවිඩ් වසංගතය ද පාලනය වෙමින් පවතී. ගෙවී ගිය වසර දෙක තුළ අප මුහුණ දුන් බරපතළ ගැටලු කිහිපයක් ඇත. වසංගතය ශීඝ්රයෙන් පැතිර යෑම පළමු අර්බුදය විය. විදේශ විනිමය හිඟය දෙවන ගැටලුව විය.

බඩු මිල ඉහළ යෑම හා බලශක්ති අර්බුදය අනෙක් ප්රශ්නය විය. ආණ්ඩුව කලබලයකින් තොරව මේවාට විසඳුම් දෙන බව පෙනෙයි. අපේ එන්නත්කරණ වැඩසටහන ලෝක පැසසුමට ලක් වී ඇති අතර, රට නව සාමාන්යකරණය යටතේ ක්රියාත්මක වී ඇත. සංචරණ සීමා නැත. ලොක්ඩවුන් නැත. විදේශ විනිමය හිඟයට එකින් එක විසඳුම් ඉදිරිපත් වී ඇත. රට රැකියා ප්රමාණය වැඩි වී ඇත. අපනයනය වර්ධනය වී ඇත. සංචාරක කර්මාන්තය සෙමෙන් යථා තත්ත්වයට පත්වන්නට පටන්ගෙන තිබේ.

විදේශ විනිමය හිඟය සම්බන්ධයෙන් විවිධ සංවාද පවතින අතර, ඊට බලපෑ ඇත්ත හේතු ගැන කිසිවකු කතා කරන බවක් පෙනෙන්න නැත. ගැටලුව අද ඊයේ ඇතිවූවක් නොවේ. විදේශ ණය ගැනීම් දීර්ඝ කාලයක සිට සිදුවන අතර, ඒවා ගෙවීම සඳහා වාර්ෂිකව වැය වන මුදල විශාලය. රට රැකියා වර්ධනයට හෝ සංචාරක කර්මාන්තයේ දියුණුවට හෝ පසුගිය ආණ්ඩුව සිදු කළ විශේෂ දෙයක් නැත. පාස්කු ප්රහාරය නිසා සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටිණි. ඊට යම් ආකාරයක විසඳුමක් ලැබෙන විට කොවිඩ් ලෝක වසංගතය පැතිර ගියේය. ඒ අනුව සංචාරක කර්මාන්තය යළිත් පිරිහීමට ලක් විය. බලවත් පරිශ්රමයකින් පසුව එම කර්මාන්තය යළි හිස ඔසවන්නට පටන්ගෙන තිබේ. පසුගිය කෙටි කාලය තුළ විදේශ සංචාරකයෝ හැත්තෑපන්දහසක් ශ්රී ලංකාවට පැමිණියහ.

ආණ්ඩුව විධිමත් ආකාරයෙන් ගැටලු විසඳාගෙන යන අතර, විවේචනවලට ද සම්පූර්ණ නිදහස දී ඇත. විවේචනවලට අනුව ආණ්ඩුව ගෙදර යා යුතුය. එහෙත් අද වන විට එම විවේචන ආපසු හරවා ගැනීමට හේතු සාධක නිර්මාණය වෙමින් පවතී. ආණ්ඩුවේ මාර්ග සංවර්ධනය දුටු මුස්ලිම් කාන්තාවක් කියා සිටියේ මේ ආණ්ඩුවට අල්ලා දෙවියන්ගේ රැකවරණය ලැබිය යුතු බවය. එම කාන්තාවගේ දරුවන් පාසල් ගියේ පයින්ය.

වාහනයක් ධාවනය කළ හැකි පාරක් ගමට නැත. පාර කපා කාපට් කර ඒවා ජනගත කිරීමට මාර්ග සංවර්ධන ඇමැති කටයුතු කරයි. කොවිඩ් වසංගතය නිසා රජයේ සංවර්ධන වැඩ නතර වී නැත. ලක්ෂයක් වැඩ ගමට නම් තවත් ව්යාපෘතියක් අනිද්දා ආරම්භ වෙයි. එහි මූලික ඉලක්කය ග්රාමීය ප්රදේශවල ජීවනෝපාය සංවර්ධනය කිරීමය. ජනාධිපතිවරයා කටයුතු කරන්නේ දැක්මක් ඇතිවය. ඒ අනුව කොවිඩ් මර්දනයට සේම ජාතික ආරක්ෂාව තර කිරීමට ද ආණ්ඩුවේ ප්රමුඛ අවධානය යොමු වී ඇත. කොවිඩ් පාලනය පළමු තැනට ගැනීම තාර්කික කාරණයකි. කොවිඩ් ව්යාප්ත වුවහොත් රට තුළ කිසිවක් කිරීමට ඉඩක් නැත.

ජන ජීවිතය ද කඩා වැටෙනු ඇත. අපගේ මූලික අභියෝගය කොවිඩ් සටන ජය ගැනීමය. සෙසු දේවල් තීරණය කළ හැක්කේ එහි සාර්ථකත්වය මතය. ජාතික ආරක්ෂාව තහවුරු කරනු යන්න මහජන ඉල්ලීමකි. පාස්කු ප්රහාරය වැනි අවාසනාවන්ත සිද්ධියක් යළි මතු වුවහොත් ආර්ථිකය යළිත් කඩා වැටෙනු ඇත. හැමදා නියං එක දා වැහි වලාවේ කියන ලෙස තව සාර්ථක ප්රතිඵල එකක්-දෙකක් ලැබෙන විට පොදු ජනයාගේ හැඟීම් වෙනස් වෙනු ඇත. එවිට ගැම්මක් ඇතිව රට ඉදිරියට යනු ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්