Feb
23

” දවසක විවාහ වෙනවා නම් ඒ කෙනා මේ වගේ වෙන්න ඕනේ කියලා ඇඳුනු රූපයක් මට තිබුණා” ජනප්‍රිය නිළි තිසුරි යුවනිකා

 
613 Views
   
 

මේවෙද්දී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් නවක පරපුරේ රංගන ශිල්පිනියක් තමයි තිසුරි යුවනිකා කියල කියන්නේ. ඇත්තෙන්ම ඇගේ මවත් ඇය වගේම අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇය තමයි සුසන්තා චන්ද්‍රමාලි. කෙසේවෙතත් සිය මවගෙන් ලද ආභාෂයත් සමගින් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන තිසුරි පසුගිය දිනක හිරුත් සමගින් එක්වෙලා ඇගේ රංගන කටයුතු පිළිබඳව වගේම ඇගේ පෞද්ගලික කටයුතු පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා

ඉතින් එලෙස අදහස් දක්වපු ඇය එහිදී කියල තිබුනේ මේ දවස්වල මම ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු කරනවා කියලයි. ඒ වගේම ඊට අමතරව පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගත කරනවා කියලයි ඇය එහිදී කියල තිබුනේ. ඉතින් මේ ආකාරයට අදහස් දක්වපු ඇය එහිදී චරිතයක් තුළ රංගන දායකත්වය ලබා දීමේදී තමන් ඒ චරිතය ඇතුළේ යමක් කරන්නට තියෙන්නට ඕනේ කියන කාරණාව, අධ්‍යක්ෂවරයා සහ අනිකුත් රංගන ශිල්පීන් කවුද, දර්ශන තලය කොහෙද වගේ බලන පොදු කාරණා කිහිපයක් පිළිබඳ සාකච්ඡා කරන බවයි කියන්නේ

මේ අතර ඇය කියන්නේ මේ දවස්වල කොවීඩ් තත්ත්වය පිළිබඳ තමන් වැඩියෙන් සැලකිලිමත් වෙනවා කියලයි. ඒ වගේම ඇගෙන් එහිදී ක්ෂේත්‍රය තුළ ළඟින්ම ඇසුරු කරන්නේ කවුරුන්ද කියල අසනවිට ඇය ඊට පිළිතුරු ලබාදෙමින් කියන්නේ හොඳම යහළුවෝ ලෙස හැමෝම එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කරන නිසාවෙන් හැමෝමත් එක්ක හොඳින් වැඩ කරනවා කියලයි. ඒ විතරක් නොවෙයි රංගන ශිල්පිනියක වුණේ නැත්නම් ඇතැම් විට තමන් ගුවන් සේවිකාවක් වෙන්න තිබුණා කියලයි ඇය කියන්නේ. නමුත් තමන් රංගන ශිල්පිනියක් වගේ වාසනාවන්ත කටයුත්තක නියැළී සිටීම සම්බන්ධයෙන් සතුටු වන බවයි ඇය එහිදී කියා සිටියේ

ඉතින් මේ අවස්ථාවේදී ඇයට යොමුකරන තවත් පැනයක් වෙන්නේ ඇගේ සැමියාගේ වෘත්තිය සහ ඇගේ වෘත්තිය සම්බන්ධයෙන් කිසිඳු අවස්තාවක ගැටලු ඇතිවෙලා තියනවා ද කියන පැනය. ඉතින් ඊට පිළිතුරු ලබා දෙමින් තිසුරි කියන්නේ දෙදෙනාගේ රැකියාවන් නිසා කිසිම අවස්ථාවක ගැටලුවක් ඇතිවෙන්නේ නැහැයි කියලයි. ඒ වගේම ඔහු නාවික නිලධාරියෙක් විදියට තමයි කටයුතු කරන්නේ කියන ඇය කියන්නේ ලංකාවෙන් පිට බොහෝවිට වැඩකටයුතු සිදුවෙන නිසාවෙන් සහ ඔවුන් දෙදෙනා අතර තේරුම් ගැනීමේ පහසුවක් වන නිසාවෙන් ජීවිතය ගත කරන්නට පහසුයි කියලයි. එපමණක් නොවෙයි ඇගේ කලා කටයුතුවලට ඔහුගෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා කියලයි ඇය කියන්නේ

කොහොම නමුත් තමන් මෙතෙක් රංගන කටයුතු වලින් දායක වෙලා තිබෙන්නේ වයසට වඩා මුහුකුරා ගියපු චරිත ස්වභාවයන් බව කියන ඇය කියන්නේ ඉදිරිපත් කරපු හැම රංගනයකට ම කැමතියි කියලයි. ඒ විතරක් නොවෙයි සිය මවත් ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නිසාවෙන් ඇගෙනුත් තමන්ට විශාල සහයෝගයක් ලැබෙනවා කියලයි ඇය එහිදී කියන්නේ. ඒ වගේම ඇගේ මව සුසන්තා මහත්මිය පසුගිය දවස් වල අසනීප තත්ත්වයේ තමයි හිටියේ. ඉතින් ඒ ගැන අදහස් දක්වමින් මේ වන විටත් ඇය සුවයෙන් පසුවෙන බවයි ඇය කියා සිටියේ

ඉතින් ඒ විදිහට අදහස් දක්වපු ඇය එහිදී සිය ආදරණීය සැමියා පිළිබඳවත් අදහස් දැක්වීමට අමතක කරන්නේ නැහැ. ඉතින් සිය සැමියා පිළිබඳ ව ඇය දක්වන අදහස තමයි මේ. “දවසක විවාහ වෙනවා නම් ඒ කෙනා මේ වගේ වෙන්න ඕනේ කියලා ඇඳුනු රූපයක් මට තිබුණා. ඉතින් ඒ රූපය ම තමයි මගේ සැමියාට තිබෙන්නේ. කාලයක් ආදරේ කිරලා මම විවාහ වෙන්නේ මගේ පළමු පෙම්වතා එක්කමයි. සුරාජ් මට යෝජනාවක් අරන් එද්දිත් මම හිටියේ ස්ථිර තීරණක. ඒ අපි සම්බන්ධයක් පටන් ගන්නවානම් විවාහ විය යුතුයි කියන තැන. කොහොමත් මම ඔහුව පොඩි කාලේ ඉඳන්ම දන්නවා. ඒ නිසා අපට ජීවිතේ තවත් ලේසි වුණා” යනුවෙනුයි එහිදී ඇය සදහන් කර සිටියේ

කොහොම උනත් තිසුරි කියල කියන්නේ රංගන ශිල්පිනියක් හැටියට ක්ෂේත්‍රය තුළ තමන්ගේ නම බොහොම පරිස්සමෙන් රඳවාගෙන ඉන්න නිහතමානී චරිතයක්. ඇත්තෙන්ම ඇය සිය රංගන දායකත්වය ලබාදෙන නිර්මාණ තුළින් ඒ බව මනාව ඔප්පු වෙනවා. ඒ කොහොම උනත් සිය මවගේ අසනීප තත්ත්වයත් එක්ක ඇයටත් උදව් කරගෙන කලා නිර්මාණවලටත් සම්බන්ධ වෙමින් මේ වන විට කටයුතු කරන බවයි එහිදී සදහන් කර සිටියේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්