Dec
31

යතුරුපැදි 40කට ගේම දුන්නු 79 සීයා අල්ලයි – හිරෙන් පැනලත් බයික් උස්සලා

 
1084 Views
   
 

මොෆෙඩ් වර්ගයේ යතුරුපැදි 40 කට ආසන්න සංඛ්යාවක් සොරාගත් 79 හැවිරිදි සැකකරුවකු සොරාගත් යතුරුපැදි 06 ක් සමඟ අත් අඩංගුවට ගැනීමට එප්පාවල පොලිස් නිලධාරීන් සමත් වී ඇත.

අත් අඩංගුවට පත් සැකකරු මින්නේරිය, දුම්රියපොළ හන්දිය පරදේශයේ පදිංචි 79 හැවිරිදි තිදරු පියකු බව එප්පාවල පොලිසිය පවසයි.

සැකකරු දිවයිනේ නම ගිය අපරාධකරුවකු බවත්, මීට පෙර යතුරුපැදි 17 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුට විභාග වන නඩු පවතින බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මේ අතර අවුරුදු 16 ක් සිරදඬුවම් නියම වී සිරදඬුවම් විඳිමින් සිටියදී සැකකරු පැනවිත් සැඟවී සිටිමින් මෙලෙස යතුරුපැදි සොරකම් කරමින් අලෙවි කර ඇතැයිද පොලීසිය පවසයි.

පසුගිය 25 දා එප්පාවල නගරයේ මොෆෙඩ් වර්ගයේ යතුරුපැදියක් සොරකම් කළ බවට එප්පාවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව එප්පාවල පොලිස් ස්ථානාධිපති, පො.ප. රෝහණ අධිකාරී මහතාගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයම්පති, පොලිස් සැරයන් (36940) ඉරුගල්, පොලිස් කොස්තාපල්වරුන් වන (67338) ජයසිංහ, (75833) දිනේෂ් යන නිලධාරීන් එප්පාවල නගරයේ වෙළෙඳසැල් කීපයක සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කර ඇත.

ඒ අවස්ථාවේදී සැකකරු යතුරුපැදියක් සොරාගෙන යන අයුරු දැක ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂා කර සැකකරු හඳුනා ගැනීමට පොලිසිය සමත්ව ඇත. නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්