Aug
9

තුන්වෙනි මාත්‍රාවකට සුදානම් ද?

 
871 Views
   
 

කොවිඩ් එන්නතෙහි තෙවන මාත්‍රාවක් දීමට සූදානම් වන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශවෙත උපදෙස් දී ඇත. කොවිඩ් ව්‍යාප්තිය හා එහි ලෝක ප්‍රවණතා දෙස බලන විට තෙවන මාත්‍රාවක් කෙරෙහි දැන් සිට සූදානම් වීම ඉතා වැදගත්ය. ව සං ග ත යේ ව්‍යාප්තිය බෙහෙවින් අඩු මට්ටමක පැවැති රටවල් කිහිපයක නැවත ශී ඝ්‍ර ලෙස කොවිඩ් පැතිරෙන්නට පටන් ගෙන තිබේ. ඇතැම් රටවල එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් ද ආ සා ද න ය ට ලක්වී ඇත.

ඩෙල්ටා නම් වයිරස් ප්‍රභේදය රටවල් අනුහයක ව්‍යාප්තවී ඇති බව ද වාර්තා වෙයි. මේ අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව වැනි රටවල කොවිඩ් තත්ත්වයෙහි අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත. මේ සියල්ල සමාලෝචනය කරන විට කොවිඩ් එන්නතෙහි තෙවන මාත්‍රාවක් ගැන කල් තියා ම සූදානම් වීම හැම අතින්ම යහපත්ය.

අපේ එන්නත්කරණය සාර්ථකව ඉදිරියට යන බව පිළිගත යුතුය. මේ වන විටත් කොවිඩ් එන්නතෙන් කිසිදු මාත්‍රාවක් ජනතාවට දීමට නො හැ කි වූ රාජ්‍යයන් ගණනාවක් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ගැටලුව විසැඳීම සඳහා යම් මැදිහත්වීමක් සිදු කර ඇති මුත් එය මුළුමනින්ම සාර්ථක වී නැ ත. එන්නත් ගැනීම සඳහා අ ධි ක තරගයක් පවතී. මුදල් තිබුණ ද එන්නත් ගැනීම පහසු නැ ත. ශ්‍රී ලංකාව එන්නත් ගැනීම අතින් සාර්ථක වී ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීම නිසාය. විශේෂයෙන් ජනාධිපතිවරයා එන්නත් නිෂ්පාදනය කරන රටවල නායකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් අවසන් එන්නත් තොගය ගැනීමට ක්‍රියා කර ඇත. අපට ගැටලුවක්ව පැවැති ඇස්ට්‍රාසෙනිකා එන්නතෙහි දෙවන මාත්‍රාව ද මේ වන විට ලැබී ඇත. මෙය සතුටුදායක තත්ත්වයකි.

ඇස්ට්‍රාසෙනිකා එන්නතෙහි දෙවන මාත්‍රාව දීම සඳහා පැය විසිහතර තුළම ක්‍රියාත්මක මධ්‍යස්ථානයක් කොළඹ විහාර මහාදේවි උද්‍යානය තුළ ස්ථාපනය කර තිබේ. ජාතික හැඳුනුම්පත හා පළමු මාත්‍රාව ගත් සහතිකය ඉදිරිපත් කිරීමෙන් ඕනෑම කෙනකුට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා ගත හැකිය. මේ වන විට කුමන හෝ එන්නතක් ලබා ගත් පිරිස එක් කෝටි විසිලක්ෂයට ආසන්න වෙමින් සිටිති. නිතිපතාම දහස් ගණනකට එන්නත් දීම සිදු වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් දීමේ ප්‍රතිශතය 93%කි. මාතලේ දිස්ත්‍රික්කයේ 99%කට වැඩිය. කළුතර 85%ක් ලෙස ද, කොළඹ 84%ක් ලෙස ද සටහන් වී ඇත. රටේ වයස තිහට වැඩි පිරිසගෙන් 72%කට එන්නතෙහි පළමු මාත්‍රාව දී ඇති බව ද වාර්තා වී ඇත. රජයේ ඉලක්කය වී ඇත්තේ සැප්තැම්බරය අවසන් වීමට පෙර ජනගහනයෙන් 60%කට එන්නත් දීමය.

චීනයෙන් අපට මේ සඳහා එක්තරා ආදර්ශයක් ගත හැකිය. චීන ජනතාව දීර්ඝ කාලයක සිට මැ‍ලේරියාවෙන් පීඩාවට පත්ව සිටියහ. මැලේරියාව නිසා චීන ජනතාව මිලියන ගණනක් මි ය ගියහ. චීනයේ සෞඛ්‍ය අංශ මේ පිළිබඳ දීර්ඝ පර්යේෂණ පවත්වමින් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් මැලේරියාවට මුහුණ දුන්නේය. වරෙක එය යට යමින් ද , තව වරෙක උඩට මතුවෙමින් ද රෝගය පැවැතිණි. චීනයේ සෞඛ්‍ය අංශ නො න ව ත් වා ම සටන ගෙන ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස මැලේරියාවෙන් මුළුමනින්ම නිදහස් වීමට චීනයට හැකි විය. ලෝක සෞඛ්‍ය සංවිධානය ගිය මාසයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චීනය මැලේරියාවෙන් නිදහස් රටක් බවය. චීනය අන්තිම මැලේරියා රෝගියා සුවපත් කිරීම දක්වාම සටන් කළේය. ප්‍රතිඵලය සාර්ථක විය.

කොවිඩ් ම ර් ද න ය සඳහා වූ අපේ ස ට න ට පොදු ජනතාවගෙන් ලැබෙන සහයෝගය ගැන තෘප්තිමත් විය හැකි තත්ත්වයක් නැ ත. මේ වනවිට සමාජ දුරස්ථභාවය බොහෝ දෙනකුට අමතක වී ඇති බව පෙනෙන්නට තිබේ. මුව ආවරණ පැලඳීම ද නිසි අයුරින් සිදුවන්නේ නැ ත. ඇතැම් විරෝධතාවල දී පුද්ගලයෝ පොකුරු ගැසී කෑගසති. මේ අතර කොවිඩ් රෝගියකු සිටියහොත් සියලු දෙනාටම වයිරසය ආ සා ද න ය වීමට පුළුවන. ඉන්දියාවේ කොවිඩ් උත්සන්න වීමට එරට ගොවි විරෝධතාව ද හේතුවක් විය. වසංගත තත්ත්වයක් යටතේ ජනතාව හැසිරිය යුත්තේ කෙසේදැ’යි අමතක වීම කනගාටුවට කාරණයකි. සංචරණ සීමා ඉවත්කර ඇත්තේ ජනතාවට විනෝද වීමට නො වේ යැයි සෞඛ්‍ය බලධරයෙක් කියා ඇත්තේය. එය අපකාටත් හොඳ පාඩමකි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්