Jul
15

” කණු මත ඉඳිවෙන පෑලියගොඩ අතුරුගිරිය මාර්ගයෙන් බැසිල් ගසා කාලා ” -ආචාරියා හර්ෂ ද සිල්වා-

 
2096 Views
   
 

මොකක්ද මේ කණු මත ඉඳිවෙන මාර්ගය..?
පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා කිලෝමීටර් 17.6 ක මාර්ග තදබදය අඩු කිරීමට ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක
( රුපියල් 32,000,000,000) වියදමින් චීන සමාගමකට ඉඳිකිරීමට අවසර ලබා දෙනවා

මේ ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ණය මුදලක් ද..?
නෑ මේක BOT එකක්

මොකක්ද මේ BOT කියන්නෙ..?
Build Operations Transfer ( ගොඩනැංවීම, පවත්වාගෙන යාම සහ පවරා දීම )

මේකෙන් සිද්ධ වෙන්නෙ කුමක්ද..?
චීනය විසින් එය නිපදවලා වසර 15 ක් එය පවත්වාගෙන ගිහිල්ලා වසර 15 කට පස්සෙ අපට පවරනවා.
මෙය වැරදි ක්‍රියාමාර්ගයක් ද..?

අපි ණයක් ගන්නෙත් නැත්නම් පාරේ වාහනවල තදබදයත් අඩු වෙනවානම් වසර 15 කින් අපට මේ පාර හිමිකාරිත්වයත් ලැබෙනවානම් මෙහි ඇති වැරැද්ද කුමක්ද..?

මෙය සරල උදාහරණයකින් පෙන්නනවානම්?
මට තියෙන හිස් ඉඩමක ගෙයක් නැති මට ආයෝජකයෙක් ගෙයක් හදලා දෙනවා මම ඒකට ඔහුට වසර 15 කට

කුලිය ගෙවනවා වසර 15 කින් ඔවුන් මට ගේ පවරනවා..
මේ වන විට අපේ රටේ ඩොලර් සංචිතය ඩොලර් බිලියන 4.6 යි. අපි තවත් ඩොලර් බිලියන 1.6 ක් අරගෙන තවත් ලෝකෙට ණය වෙනවාද..? BOT එහෙකට යනවා ද..?

මේ මාර්ගය නිසා ලැබෙන අනිකුත් ප්‍රතිලාභ මොනවාද..?
පෑලියගොඩ සිට බොරැල්ල, රාජගිරිය, බත්තරමුල්ල, තලවතුගොඩ, හෝකන්දර හරහා අතුරුගිරියට යන්න සාමාන්‍යයෙන් පැයකට වැඩිය යනවා. ඒක විනාඩි 15 න් යන්න තියෙනවා නම් කාලය, මහමග පිච්චෙන අනවශ්‍ය ඉන්ධන වියදම කොච්චර ඉතිරි වෙනවාද..? රැකියා අවස්ථා කොපමණ ඇති වෙනවාද..?

ඉතිං මේකෙන් චීනෙට ලාභයක් ලැබෙන්නෙ නැද්ද..?
අනිවාර්යෙන්ම ඔවුන්ට ලාභයක් ලැබෙනවා. ඒ අපි මාර්ගය පාවිච්චි කරනවාට ගෙවන කුලිය. ආයෝජකයෙක් කියන්නෙ පුන්‍ය සම්පාදන ආයතනයක් නෙවේ. මතක තබාගන්න දැනට ලෝකයෙ ඇති වටිනාකම දේ කාලය බව.

මාර්ග පද්ධතිය දියුණු වීම සහ මාර්ග තදබදය අඩූ වීම නව ආයෝජකයන්ට ආශිර්වාදයක්. කටුණායකින් අධි වේගයෙ පෑලියගොඩට ඇවිත් පැයක් විතර එතැන මාර්ග තදබදයට හිර වෙනවානම් ආයෝජකයන්ට ඇතිවන මානසික තත්වය කුමක්ද..?
ඉතිං මටනම් තේරෙන්නෙ නෑ බැසිල් කොහොමද මේකෙන් සල්ලි ගහන්නෙ කියලා.

නිලන්ත සත්සර ගමගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්