May
31

චන්දිමාල් සහ පියුමි හංසමාලි අත්අඩංගුවට

 
2456 Views
   
 

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත් වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දෙදෙනා අද (31) දින අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර සිටියේ.

මෙම සාදය සඳහා 20ත් 25ක අතර පිරිසක් පැමිණ සිට ඇති බවටයි පොලිස් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත්තේ.

හෝටලයේ ආරක්‍ෂිත කැමරා පද්ධතිය දත්ත පරික්ෂා කරමිනි සාදය සඳහා පැමිණි අනෙක් පිරිස හඳුනා ගැනීම සඳහා කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්