Mar
9

” මම රංගනය ගායනය හා නර්තනය ගැන සබ්ජෙක්ට් තුනටම ආසයි ආදරෙයි” නාඩ්ගම්කාරයෝහි සරා සජිත ඇන්තනී

 
562 Views
   
 

මේ දිනවල මෙරට ජනයා අතර නිරන්තරයෙන් කතාබහට ළක්වන ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගත්තු චරිතයක් තමයි නාඩ්ගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ” සරා ” එහෙමත් නැතිනම් සජිත ඇන්තනී කියල කියන්නේ. ඇත්තෙන්ම කුඩා කාලයේදීම මෙරට කලා ක්ෂේත්‍රයට එක්වෙන ඔහුව මෙරට නොදන්න කෙනෙකු නැහැ. ඒ තරමට ඔහු මේවෙද්දී මෙරට ජනයා අතර ජනප්‍රියත්වයට පත්වෙලා තිබෙනවා

ඇත්ත වශයෙන්ම සජිත මේවෙද්දී මෙරට කලා ක්ෂේත්‍රය තුළ ගායකයෙක්, නිවේදකයෙක් වගේම අධ්‍යක්ෂක වරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ කොහොම වෙතත් අද අපි කතා කරන්න යන්නේ මේ ජනප්‍රිය චරිතය සමගිනුයි

ඇත්තටම සජිත කියන්නේ මේවෙද්දී මෙරට ජනප්‍රිය චරිතයක්. ඉතින් ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසි ආකාරය ගැන මතක් කළොත් ?

මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ සූරිය අරණ චිත්‍රපටයෙන්. ඊට පස්සේ තරුණ නළුවෙක් ලෙස මම එලියට ආවේ බොහිමියානුවා ටෙලි නාට්‍යයෙන්. මුලින්ම කියන්න ඕනේ ළමා නළුවෙක් ලෙස පැමිණිලා තරුණ නළුවෙක් වෙන තෙක් ක්ෂේත්‍රයේ රැඳී සිටිමේ කඩඉම ටිකක් අමාරු දෙයක්. ඒ වගේම කියන්න ඕනි මම රංගනය ගායනය හා නර්තනය ගැන සබ්ජෙක්ට් තුනටම ආසයි ආදරෙයි. නමුත් අධ්‍යක්ෂණය කියන්නේ විෂයන් තුනටම උඩින් තිබෙන මම ආසම දෙය කියලා කියන්න පුළුවන්

නාඩගම්කාරයෝහී සරා කියන චරිතය හරහා දැකගන්නට ලැබෙන ඔබේ රංගන කුසලතාවය නිසා බොහෝදෙනෙකු කියනවා ඔබ තුළින් ඔබේ පියා ජැක්සන් ඇන්තනී මහතාව දකිනවා කියල, ඉතින් ඒ ගැන ඔබට හිතන්නේ කොහොමද ?

සරලවම කිව්වොත් ඔය ප්‍රශ්නයට පිළිතුර ජානමය බලපෑමක් කියලා කියන්න පුළුවන්. අනිත් එක ජැක්සන් ඇන්තනී මගේ අප්පච්චි වීම මම සලකන්නෙ ආභරණයක් විදිහට නෙමෙයි. ඒක මට මාර පන්නරයක් මාර හයියක් කිව්වොත් තමා වඩාත් නිවැරදි. මාව මගේ අප්පච්චි වගේ දකින එකෙත් දෙපැත්තක් තියෙනවා

මොකද ඒක සුබවාදීව දකින පිරිසක් ඉන්නවා වගේම ඒක නරක ලෙස දකින පිරිසකුත් ඉන්නවා. දැන් මෙහෙමයි මගේ අප්පච්චි ජැක්සන් ඇන්තනි කියලා මට දක්ෂතාවයන් නැත්නම් රඟපාන්න දෙන්නෙ නෑනේ. Talent එක උපතින් ආවට වැඩක් නැහැ යම් දෙයක් කිරීමට නම් කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනෙ. කුසලතාවය අධ්‍යාපනය හා අභ්‍යාස කිරීම කියන මම ඒ කරුණු තුනම අනුගමනය කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්