Nov
17

කෝටි ගණනින් ණය ගන්න පම්පෝරි ගැහුවට මේ ආණ්ඩුවට ණය දෙන්නෙ කවුද?

 
1023 Views
   
 

2022දී රජයේ ආදායම රු. කෝටි 222,100ක් බලාපොරොත්තු වන නමුත් වියදම කෝටි 524,500ක් බව ත් ණය ගෙවීම කෝටි 153,100ක් බව ත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙයි.

“රටේ ආදායම මෙන් එකහමාරක තරම් වියදම් හිඟයක් තිබෙන අතර මේ හිඟය පියවන්නේ කොහොම ද? රු. කෝටි 320,000ක් ණය ගන්න යෝජනා කිරීම හා ඒ  ණය අරගෙන පියවනවා කිව්  නමුත්  ණය දෙන්නේ කවු ද?” යන ප්‍රශ්නවලට ආණ්ඩුව  පිළිතුරු දිය යුතු  බවත්  ඒ මහතා අවධාරණය කරයි.

“මේ වසරට වඩා 2022දී මුළු ආදායම කෝටි 71,800ක් වැඩිපුර බලාපොරොත්තු වන බව ආණ්ඩුව පැවසුව ත් මෙම  යෝජනාවලින් ලැබෙන්නේ කෝටි 33,100ක් සම ඉතිරි කෝටි 40,000කට ආසන්න ප්‍රමාණය සොයාගන්නේ කොහෙන් ද?” යන්න හෙතෙම වැඩිදුරටත් ප්‍රශ්න කළේ ය.

මහජනතාව මුහුණ දෙන අර්බුද ලබන වසරේ තවත් උග්‍ර වන අතර අඩු තරමින් ගොවි ජනතාව පොහොර ප්‍රශ්නයට හෝ  විසඳුමක් දීමට අයවැයෙන් අසමත් වූ බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්