![](https://www.harigossipnews.lk/wp-content/uploads/2021/10/10-1.jpg)
දකුණු ආසියාවේ හොඳම අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගය බව ආසියා සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ආචාර්ය චෙන් චෙන් මහතා පවසයි. මහාමාර්ග අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ එම මහතා එසේ පවසා ඇත.මෙම සාකච්ඡාවට ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෙනරාල් කෙනජි ජොගයාමා මහතා ද එක් විය.
දිවයිනේ උතුර ,දකුණ,නැගෙනහිර හා බටහිර අධිවේගී මාර්ග ඔස්සේ සම්බන්ධ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අපේක්ෂාවක් ඇතිබව අමාත්‍ය ජොන්ස්ටන් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ,මාර්ග ආරක්ෂාව ,මාර්ග තදබදය කළමනාකරණය කිරීම ඇතුළු කරුණු රැසක් සම්භන්ධයෙන් අවදානය යොමු වී ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ ආරම්භ කල “ප්‍රමුඛතා මාර්ග ” වැඩසටහන ඉතාමත් සාර්ථක වී ඇති බව ආසියා සංවර්ධන බැංකුවේ නියෝජිතයන් මෙහිදී සඳහන් කර ඇත.මේ වනවිට බංග්ලාදේශය සහ ඉංදියාවේද ග්‍රාමීය මාර්ග සඳහා යොදාගන්නේ එම මොඩලය බව ආචාර්ය චෙන් චෙන් මහතා පවසා සිටී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම පැළ මිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතිය පිළිබඳව ආසියා සංවර්ධන බැංකුවේ ඇගයීමට සහ පැසසුමට ලක් වී ඇත. රටේ සංවර්ධනය පිළිබඳව මෙලෙස පැසසුමට ලක්වන්නේ වත්මන් නායකයාගේ ගමන් මග සාර්ථක නිසාම නොවේද ? “සාර්ථක නායකත්වය සියල්ල වෙනස් කරයි” (රෂිකා සඳමාලි හෙන්නායක)