Mar
13

” මගේ කෙල්ලට දැන් මාස නවයයි ” ජනපති පුත් මනෝජ් රාජපක්ෂගේ බිරිඳ සෙව්වන්දි පුංචි දෝනීගේ උපන්දිනය දවසේ එක්කළ ආදරණීය සටහන

 
1118 Views
   
 

ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමග මෙරට ජනයාගේ අවධානය දිනාගත් යුවළක් බවට මනෝජ් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ පත්වුණා. ඊට හේතුව වෙන්නේ ඔවුන් දෙපල සිටින අලංකාර ඡායාරූප පෙලක් සහ මනෝජ් රාජපක්ෂ මහතා සතු නිහතමානීකමයි

ඇත්තෙන්ම සිය පියා මෙරට ජනාධිපතිවරයා වුවත් මේවෙනකම් දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධවී කටයුතු නොකරන කෙනෙක් තමයි මනෝජ් රාජපක්ෂ කියල කියන්නේ. ඉතින් ඔහු සතුව ඇති මේ නිහතමානීකම නිසාවෙන්ම මනෝජ් රාජපක්ෂ මහතාට මෙරට ජනයා ආදරය කරනවා

ඒ විතරක් නොවෙයි මනෝජ් රාජපක්ෂ මහතා වගේම ඔහුගේ බිරිද සෙව්වන්දි රාජපක්ෂත් මේවෙනකොට මෙරට ජනයාගේ ආදරය හිමිකර ගත් නිහතමානී චරිතයක්. ඒ බව නොරහසක්. කොහොම නමුත් මීට වසර කිහිපයකට පෙරදී විවාහවෙන මේ දෙපළගේ කැදැල්ල තවත් ලස්සන කරමින් මේවෙද්දී ඔවුන්ගේ පවුලට පුංචි දියණියකුත් එකතුවෙලා තිබෙනවා

කෙසේවෙතත් මේවෙද්දී මේ යුවළ සමාජ ජාලා මාධ්‍ය තුළත් ජනප්‍රියයි. ඉතින් විශේෂ අවස්ථාවන්හී ලබා ගන්නා ජායාරූප සමාජ ජාලා මාධ්‍යට එක් කරමින් ඒ සුන්දර අවස්ථාවන් මෙරට ජනයා අතර බෙදා ගැනීමටයි කටයුතු කරන්නේ. ඒ කොහොම වෙතත් මනෝජ් රාජපක්ෂ මහතාගේ බිරිඳ සෙව්වන්දි සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුම ඔස්සේ සිය පුංචි දියණියගේ ඉතාමත් හුරුබුහුටි ජායාරූප පෙළක් බෙදා හදාගෙන තිබෙනවා

එලෙස එක්කළ ජායාරූප සමගින් ඇය ඉතාමත් අපූරු සටහනක්ද එක්කොට තිබුණා. ඒ ඇගේ දියණියට මේවෙද්දී වයස මාස නවයක් බව කියමින්. ඉතින් මේ විදිහට සමාජ මාධ්‍යට එක්කළ ජායාරූප පෙළ අපි මේ විදිහට අරගෙන එනවා

ඒ වගේම මේ සුන්දර කැදැල්ලේ සතුට තව තවත් වැඩිවෙමින් මනෝජ් රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ බිරිඳ සෙව්වන්දි රාජපක්ෂගේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල අපිත් හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්