Aug
13

කො විඩ් ම ර් ද ණ වැඩපිළිවෙලෙන් හ මු දා ව ඉවත් කරනු

 
1586 Views
   
 

මේ දවස් ටිකේම විපක්ෂයෙන් දිගින් දිගටම කරන චෝදනාවක් නේ කො විඩ් ම ර් ද ණ වැඩපිළිවෙලෙන් හ මු දාව ඉවත් කරන්න කියලා? අපි පොඩ්ඩක්වත් හිතුවද ඇයි මෙයාලා මෙතනින් හ මු දාව ඉවත් කරන්න කියන්නේ කියලා? ඔය සදාකල් හ මු දාවට වෛර කරන රනිල් ඔහොම කිව්ව එකේනම් මට ලොකු ගැටලුවක් නෑ නමුත් රාජිත , ජවිපෙ නිලින්ද , චම්පික , සජිත්. ඒ මදිවට සජබ එකේ පිරිමි න(ර්)ස්. මේ හැමෝම කියන්නේ එකම දේනේ? කො විඩ් ම ර් ද ණ ක්‍රියාවලියෙන් හමුදාව ඉවත් කරන්න එච්චරයි. එහෙනම් මෙතන මොකක් හරි ලොකු අවුලක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? මටනම් හිතන්න දෙයක් නෑ නිකන් ෆිල්ම් එකක් බලනවා වගේ මැවිලා පේනවා මෙතන තියෙන අවුල මොකක්ද කියලා. එක දෙයක් කට්ටිය තේරුම් ගන්න ඕනි මෙතන හමුදාවේ අවුලක් නෑ , හිතුවාටත් වඩා අති සාර්ථකව හමුදාව වැඩේ කරනවා. අන්න ඒක තමයි මෙතන තියෙන ලොකුම අවුල. ඒ අවුල ලෙසටම දැනෙන්නේ අපිට නෙමෙයි විපක්ෂයට.

කට්ටියට මතක ඇති කො විඩ් එන්නත්කරණ වැඩපිළිවෙල සෞඛ්‍ය අංශය විසින් ඉතාමත්ම සාර්තකව කරගෙන යද්දි ඒ වැඩේ ක ඩා ක ප් පල් කරන්න රාජිතගේ ගෝලයන් හරහා වර්ජණයක් දියත් කරා? ඒ එක්කම පී.එච්.අයි මහත්තුරුත් වර්ජණයක් දියත් කරා? ඒ වෙද්දි රටේ ජනතාවට ලොකු බ ය ක් දැනුනේ නැ ද්ද සෞඛ්‍ය අංශයන් මේ විදියට වර්ජණය කරානම් මේ එන්නත්කරණයත් කරගන්න බැ රි වෙයි කියලා? ඇත්තම කිව්වොත් මටනම් ලොකු බ ය ක් දැනුනා. මොකද දැනට කොවිඩ් ම ර් ධ ණ ය කරන්න තියෙන හොඳම දේ තමයි එන්නත්කරණය ඒකටත් බාල්දිය පෙරලුනානම් අපි මොකද්ද කරන්නේ කියලා. මන් හිතනවා අපි මොන දේශපාලන මතයක හිටියත් රටේ සෑම පුරවැසියෙක්ටම මේ බ ය දැනෙන්න ඇති කියලා. අන්තිමට අපි කිසි කෙනෙක් හිතපු නැති විදියට එන්නත්කරණ වැඩපිළිවෙල හමුදාවට බාර දෙන්න ආණ්ඩුව ප්‍රමුඛ කොවිඩ් ම ර් ධ ණ කණ්ඩායම කටයුතු කරා. එතනින් පස්සේ අද වෙනකම් කිසිම ක ර ද ර ය ක් නැ තුව ලෝක වාර්ථා තියමින් එන්නත්කරණය සිද්ද කරන්නට අපේ රටට පුලුවන්කම ලැබුනා. ඊටපස්සේ දැක්කද ඔය සෞඛ්‍ය අංශයේ එකෙක් හරි කියනවා එන්නත්කරණ වැඩපිළිවෙලෙන් අපි ඉවත් වෙනවා , අපි වර්ජණය කරනවා කියලා? නෑ. ඒකට හේතුව තමයි සෞඛ්‍ය අංශයේ ඉන්න රාජිතගේ ගොට්ටන්ට තේරුනා දැන්නම් තමන් වර්ජණය කරත් නැතත් මේ වැඩේ හමුදාව ලව්වා ආණ්ඩුව දිගටම කරගෙන යනවා කියලා.

දැන් මෙතනදි අපි තේරුම්ගන්න ඕන දෙයක් තමයි සෞඛ්‍ය අංශයේ ඉන්න රාජිතගේ හෙංචයියෝ වර්ජණය කරේ තමන්ගේ අයිතාවාසිකම් වෙනුවෙන් නෙමෙයි කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල ක ඩා ක ප් පල් කරලා දාන්න කියලා. ඒ වැඩේ බාර දුන්නේ රාජිත සේනාරත්න කියන එකත් අපි අමතක කරන්න හොඳ නෑ.

සෞඛ්‍ය අංශයෙන් එදා වර්ජණය කරද්දි , එන්නත්කරණ වැඩපලිළිවලෙන් ඉවත් වෙද්දි හමුදාවේ සෞඛ්‍ය නිළධාරින් හරහා මේ වැඩේ දිගටම කරගන්න පුලුවන් උනේ කොවිඩ් කාර්යසාධක බලකායේ හමුදාපතිතුමත් එක් සාමාජිකයෙක් වෙලා හිටපු නිසයි. එතුමා ඔතන හිටපු නිසා තමයි එතුමාට පුලුවන් උනේ කල් ඇතුව තමන්ගේ හමුදාව මේ වැඩේට ලෑස්ති කරගන්න. එහෙම නැතිනම් මේ වැඩේ හමුදාව දම්මලා කරන්න සති ගානක් යන්න තිබුනා එහෙම උනානම් සෞඛ්‍ය අංශයන් කරන්න ඕන ජෝගි ටික කරලා ආණ්ඩුව දණ ගස්සලත් ඉවර ඇති.

විපක්ෂයට ඕන වෙලා තියෙන්නේ මොන විදියකින් හරි කොවිඩ් කාර්යසාධක බලකායෙන් හමුදාපතිතුමා ප්‍රමුඛ හමුදාව ඉවත් කරන්න , එහෙම කරොත් තමයි මොවුන්ට පුලුවන්කම ලැබන්නේ සෞඛ්‍ය අංශයේ ඉන්න රාජිතගේ ගොට්ටන්ගේ අතට එන්නත්කරණ වැඩපිළිවලේ පාලණය අරගන්න. ඊටපස්සේ මොවුන්ට පුලුවන්කම ලැබෙනවා ජෝගි පිට ජෝගි දාලා ආණ්ඩුව දණ ගස්සලා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කඩාකප්පල් කරලා දාන්න. ඔය වැඩේ 2024 වෙනකම් ඇදගෙන යන එක මහා ලොකු දෙයක් නෙමෙයි සෞඛ්‍ය අංශයට. ඊට පස්සේ 2024 මැතිවරණ වේදිකාවල්වල කියන්න පුලුවන් “ගෝඨාභය රාජපක්ෂට එන්නත් ටිකවත් හරියට දීගන්න බැරි උනා , අපි බලයට ඇවිත් මාසයක් ඇතුලත රටටම එන්නත් කරලා ඉවර කරනවා” කියලා. ඔය වගේ ගැලරි චූන් එකක් දීපුගමන් යතාර්තය නො ද න් න රටේ ජනතාව එකෙතන්ම කෙ ල ලා දානවා ඡන්ද ටික විපක්ෂයේ අපේක්ෂකයාට. මේ වැඩේ කරගන්න තමයි මොවුන් මේ තරම් කෙඳිරි ගගා කියවන්නේ මේ වැඩෙන් හමුදාව ඉවත් කරන්න කියලා.

අපි මොන බයිලා ගැහුවත් කොවිඩ් පැතිරන එක පාලණය කරන්න බෑ , මොකද විපක්ෂයේ උද්ඝෝශණයන්වලින් අඩුවක් නෑ වගේම රටේ ජනතාවත් කොවිඩ් පාලනය කරන්න කිසිම සහයෝගයක් ලබා දෙන්නේ නෑ. අන්න ඒ හේතුවන් නිසා තව මාසයක් දෙකක් යනකම් කොවිඩ් ආ සා ධි තයින් දවසින් දවස වැඩි වෙනවා , හැබැයි නොවැම්බර් අ වසන් වෙනවත් එක්කම මුලු රටටම කොවිඩ් එන්නත් ටික ලබා දීලා ඉවර කරන්න රජයට පලුවන්කම ලැබෙනවා. ඊටපස්සේ සති දෙකක් තුනක් විතර යද්දි සාමාන්‍ය පරිදි නිදහසේ ජීවත් වෙන්න රටේ සෑම කෙනෙක්ටම අවස්තාව උදා වෙනවා. විපක්ෂය දන්නවා මේ වැඩේ යන්නේ ඔතනට කියලා , එහෙම උනොත් අනිත් අවුරුදු 3 ඇතුලත රටේ දැවැන්ත සංවර්ධණයන් ක්‍රියාත්මක වෙනවා වගේම රටේ ආර්ථිකයත් ගොඩ දාගන්න පුලුවන් වෙනවා. ඊට පස්සේ 2024දි විපක්ෂයට මේ රටේ දේශපාලන අ නා ගතයක් ඉතුරු වෙයිද? ලොවෙත් නෑ.

අන්න ඒ නිසයි විපක්ෂයේ හැම කෙනෙක්ම එකාමෙන් එකට එකතුවෙලා කියන්නේ කොවිඩ් ම ර් ද ණ වැඩපිළිවෙලෙන් හමුදාව ඉවත් කරන්න කියලා. (මොහමඩ් අක්රම්)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්