Jun
1

සත්වඋද්‍යාන උග්‍ර ආහාර අර්බුධයකට මුහුණ දෙයි – සතුන්ට සිදු වී ඇති දේ මෙන්න

 
1150 Views
   
 

දෙහිවල සත්ව උද්‍යානය ඇතුළු අනෙකුත් සත්ව උද්‍යානවල සිටින සතුන් උග්‍ර ආහාර අර්බුදයකට ලක්ව තිබෙනවා.

ඒ, දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන්.

විදෙස් සංචාරකයන් පැමිණීම අඩු වීම, ඉන්ධන හිඟය වැනි හේතු නිසා දේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩු වීම සහ ආහාර ද්‍රව්‍යවල මිල සීඝ්‍රයෙන් ඉහළ යාම මෙලෙස මුල්‍ය ප්‍රතිපාදන නොමැතිවීමට හේතු වී ඇති බවයි සත්වඋද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම සත්ත්ව ආහාර සැපැයුම්කරුවන් සඳහා රුපියල් මිලියන 60කට අසන්න හිඟ මුදලක් ගෙවීමට තිබෙන බවද සඳහන්.

මෙම වසරේ ඉදිරි කාලය සඳහා සත්ව ආහාර වෙනුවෙන් රුපියල් මිලියන 120ක මුදලක් වැය වන බවද සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම, නඩු භාණ්ඩ වශයෙන් අධිකරණ භාරයේ සිටින අලින් සඳහා වසරකට රුපියල් මිලියන 45ක මුදලක් වැය වන බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර එම මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා පියවර ගැනීමට කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්‍ෂණ ඇමති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇති බවද සඳහන්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්