May
9

නවක ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

 
1587 Views
   
 

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 1732 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට එක්ලක්ෂ 24,966 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින් 1,365 දෙනෙකු අද සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ එක්ලක්ෂ 4,463 ක් ලෙසයි.

මේ වනවිට රෝහල්ගතව කොරෝනා ආසාදිතයින් 17,985 ක් ප්‍රතිකාර ලබනවා.

ගෙවුණු දිනයේ කොරෝනා මරණ 22ත් වාර්තා වූ අතර ඉන් මරණ 7ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක්. මරණ 22 න් 19 කටම හේතුව වී තිබුනේ කොවිඩ් නියෝමෝනියා තත්ත්වයයි.

වාර්තා වූ නව මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 786ක් දක්වා ඉහළ ගියා.

මෙරට කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට පසුගිය වසරේ ඔක්තෝබර් 4 දක්වා මාස 7ක කාලය තුළ මෙරටින් වාර්තා වුණේ කොවිඩ් මරණ 13ක් පමණයි.

ඉන් අනතුරුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල ආශ්‍රිතව කොවිඩ් පොකුරු වාර්තා වීමෙන් පසු පසුගිය අප්‍රේල් 13 වැනිදා දක්වා මාස 6ක කාලයේදී කොවිඩ් මරණ 589 ක් වාර්තා වී තිබෙනවා.

නමුත්, අප්‍රේල් 14 වැනිදායින් පසු ආරම්භ වූ අලු‍ත් අවුරුදු කොවිඩ් පොකුරෙන් දින 25දී පමණක් කොරෝනා මරණ 184 ක් වාර්තා වීම විශේෂත්වයක්.

මේ අතර, බස් හිමියන් සහ සේවකයන් සඳහා ලබන සතිය තුල කොරෝනා එන්නත් ලබා නොදුනහොත් බස් ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවා.

එසේම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල මගින් ලබාදෙන සේවා තවදුරටත් තාවකාලිකව නතර කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් කියා සිටියා.

මේ අතර, එළැඹෙන බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරඟ සංචාරයේ මූලික සංචිතයට නම් කළ නවක ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා.

මෙන්න බලන්න තවත් ගොසිප්