Aug
31

හේමාල් අයියාව කිස් කළා කියලා ගොඩාක් කෙල්ලෝ මට කතා කරලා බනිනවා ඉරිසියාවට – මනෝජා ප්‍රනාන්දු

 
10378 Views
   
 

අද වෙද්දී ලංකාවේ රංගන ශිල්පිනියන් අතර ලොකු තරගයක් ඇතිවෙලා තිබෙනවා කලාවට සම්බන්ද වන්න ටෙලිනාට්‍ය වගේම සිනමාවටත් රංගනයෙන් දායක වන්න. ඉතින් අද කියන්න හදන්නේ ඉතාම කෙටි කාලෙකින් කලාවට ඇවිත් ඉක්මනටම ප්‍රේක්ෂකයින් අතරට යන්න පුලුවන්වුනු කෙනෙක් තමයි මනෝජා ප්‍රනාන්දු කියන්නේ. ඉතින් නිස්සාර ගීතය නිසා ඇයට අදටත් ගැහැණු ළමයි බනිනවලු හේමාල් සමග සිපගත්තා කියලා. ඒ වගේම ඇගේ ජිවිතේ ගැනත් ඇය පසුගිය දවසක පිනිපලසට කියා තිබුනේ මෙන්න මෙහෙම කතාවක්. රන්දිකගෙ රහස් මම දන්නවා මගෙ රහස් රන්දික දන්නවා මිනිස්සු කොහොම හිතයිද කියලා මට අදාල නැ හැ. සිපගැනීමේ දර්ශනයක් වුණත් කරන්න මම ලෑස්තියි පොදු නාට්‍යයෙන් තමයි මම මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට ආවේ.

මම පොදු නාට්‍යයට දෙවැනියට සම්බන්ධ වුණාට ඒක තමයි මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට ආවේ. මුලින්ම පොදු නාට්‍යට සම්බන්ධ වෙන්නත් කැමැත්තකින් හිටියේ නෑ. ඒ ටෙලි නාට්‍ය කරන්න කැමැත්තකින් හිටියේ නැ ති නිසා. පොදු නාට්‍යයෙන් මට ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුණා. නාට්‍යයට සම්බන්ධ වුණාට පස්සේ මට හිතුණා ඒකට සම්බන්ධ වීම කොච්චර වටිනවද කියලා. පානාමංකඩ කියන්නේ මම සම්බන්ධ වුණ පළවෙනි නාට්‍යය. අද කාලේ තියෙන හොඳ නිර්මාණයක් එය. යශ් වීරසිංහ කියන මගේ යාළුවා තමයි මේ නාට්‍යයේ තිර පරීක්ෂණය ගැන මට කියන්නේ. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න කැමැත්තකින් හිටියේ නැ ති නිසා මම එයට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් හිටියේ නෑ. නමුත් සමන්ත අයියගේ පිටපතක් කියලා දැන ගත්තට පස්සේ මම තිර පරීක්ෂණයට සහභාගී වුණා. ඊට පස්සේ තමයි මාව පානාමංකඩ නාට්‍යයට තේරුණේ.

පුංචි කාලේ මම නර්තනය ප්‍රගුණ කළ කෙනෙක්. නර්තනය එක්ක රංගනයත් වැඩි දියුණු කරගන්න වුණා.උසස් අධ්‍යාපනයටත් විෂයක් ලෙස රංගනය හැදෑරුවා. ටිකෙන් ටික රංගනයට ආරාධනා ලැබෙද්දි මගේ ගමන රංගනය ඔස්සේ යන්න පටන් ගත්තා. පොඩි කාලේ මම ගොඩක් චිත්‍රපට බැලුවා. රංගනයට පුංචි කාලේ ආසාවක් තිබ්බට ටිකක් ලොකු වෙද්දි රංගනයට එන්න පොඩ්ඩක්වත් කැමැත්තෙන් හිටියේ නෑ. කොහොම වුණත් පුංචිම කාලේ හිතේ තැන්පත් වුණ ආසාව තමයි දැන් එළියට ඇවිත් තියෙන්නේ.දැන්නම් නිර්මාණයේ අධ්‍යක්ෂවරයා කවුද, පිටපත ලිව්වේ කවුද, කතාව මොකක්ද, නිර්මාණයේ ඉන්න නළු නිළියෝ කවුද කියන හැමදේම බලලා තමයි නිර්මාණයකට මම සම්බන්ධ වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ.

මතක රූප රචනය නිසා ගොඩක් ගැහැනු ළමයි මට බැණ්නා. ඒ හේමාල් අයියා එක්ක සිප ගන්න දර්ශන තියෙන නිසා. හේමාල් අයියට කැමැති ගෑනු ළමයි මට බණිද්දි මට කැමති පිරිමි ළමයි හේමාල් අයියට බැණලා තිබ්බා.මම ඕනම වැඩක් ගැන හොඳට හොයලා බලලා තමයි සම්බන්ධ වෙන්නේ. නළුවා කවුද කියන දේ මට අදාළ නෑ. මොකද මම කරන්නේ රංගනයක්. ඒ මගේ ඇත්ත ජීවිතය නෙමෙයි. ඒ නිසා නිර්මාණය හොඳ නම් මම එයට සම්බන්ධ වෙනවා. කියලා මනෝජා අවසාන වශයෙන් ප්‍රකාශ කර තිබුනා.

 

 

38

 

37

 

36

 

35

 

 

 

34

 

33

 

32

 

31

 

30

 

29

 

28

 

27

 

26

 

25

 

24

 

23

 

22

 

21

 

20

 

19

 

18

 

17

 

16

 

15

 

14

 

13

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්