Oct
19

අයවැය පියවීම සඳහා මට රට රටවල් ගානේ හිඟා කන්න යන්න බෑ

 
830 Views
   
 

අය වැය දහයක් ඉදිරිපත් කළ හිටපු මුදල් ඇමති රොනී ද මැල් මහතා,සිය අවසන් අයවැය ලේඛනය, ඉදිරිපත් කිරීමෙන් පසු විපක්ෂයේ අසුන් ගත්තේය. මෑත කාලයේ ඉදිරිපත් කළ සෑම අයවැය ලේඛනයකම පාහේ පැවතියේ අයවැය හිඟයකි. එම හිඟය පියවීමට “අය” කොටසක් නොමැති බැවින් අප ඒ වෙනුවට ආදේශ කරන්නේ ණයයි. අයවැය කියැවීමේදී හිටපු සෑම මුදල් ඇමතිවරයාගේම ප්‍රකාශය වූයේ අපි ණය කළමනාකරණය කර ගැනීමට කටයුතු කරන බවයි . එසේම ණය කළමනාකරණය කිරීම සඳහා සෑම අයවැයකදීම යම් යම් යෝජනා ද ඉදිරිපත් කර ඇත. ඇත්ත වශයෙන්ම පැවැති කිසිම රජයක් එසේ ණය කළමනාකරණයක් කර තිබේද? එසේ ණය කළමනාකරණය කිරීමක් කළේ නම්, රටතුළ මෙවැනි ආර්ථික වටපිටාවක් නිර්මාණය වේද?

1978 න් පසු ජේ. ආර්. ජයවර්ධන රජය නව ආර්ථික උපාය මාර්ගවලට එළැඹීමෙන් පසු රටට අයවැය ලේඛනයක් මුල්වරට ඉදිරිපත් කරන ලද්දේ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතා විසිනි. එහිදී ඔහු පැවසුවේ “..අයවැය පියවීම සඳහා මට රට රටවල් ගානේ හිඟා කන්න යන්න බෑ..”යනුවෙනි. එදා රජය පැවසුවේ ද එකල ඒ වන විට පැවති විෂම ආර්ථික චක්‍රයෙන් බේරීමට නම්, නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කළ යුතු බවයි. එකී කේන්ද්‍රීය කාරණාව සෑම රජයක් යටතේදීම සාකච්ඡා වුවද කිසිවෙකු ප්‍රායෝගික ක්‍රියාවලිය තුළ එවැන්නක් සිදු කිරීමට කටයුතු කර නැ ත.
ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා රට තුළ නිෂ්පාදනය වැඩි කළ යුතු බවට, ප්‍රකාශ නිකුත් කළද ඒ කිසිවක් ප්‍රායෝගික ක්‍රියාවලියේ යෙදවූයේ නැත. ඒ වනවිටත් පැවැති බොහෝ දේශීය කර්මාන්ත විකුණා දැමීය.

අපනයන මූලික ආර්ථිකයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව පැවසුවද ඔහුගේ ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් මේ වනවිට සිදුව ඇත්තේ, අපනයන භාණ්ඩ වලට වඩා දෙගුණයක් වූ ආනයනික භාණ්ඩවල බර වැඩිවීමයි. එයින් නිර්මාණය වූ ආර්ථික අර්බුදය අද වනවිට නිමා නොවන තත්වයක් දක්වා වර්ධනය වී ඇත. වසර එකහමාරක් පුරා ගෙවී ගියේ කෝවිඩ් අර්බුදය සමග. ලෝකය පුරා ධනවත් රටවල් පවා, වසංගතය හමුවේ තම නිෂ්පාදන ආර්ථිකය පවත්වා ගෙන යාමට නොහැකිව විශාල ආර්ථික අර්බුදයක සිර වී සිටී. එහි අනිවාර්ය බලපෑම අපගේ ආර්ථිකය තුළද මේ වනවිට විශාල අර්බුද රැසක් නිර්මාණය කරමින් පවතින අතර, ලෝකය පුරාමත් සියලුම භාණ්ඩවල මිල ඉහළ ගොස් උද්ධමනකාරී තත්වය නිර්මාණය වී ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගේ රජයේ, එන්. එම්. පෙරේරා මුදල් අමාත්‍යවරයා විසින් 1978 වසරේදී ජේ. ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාට වෙත රට භාර දෙන විට, දළ දේශීය ආදායම 24%කි.

වසරෙන් වසර ක්‍රමානුකූලව වෙනස්වීම් වලට භාජනය වීමෙන් පසු 2013 වසර වෙද්දී එය 13% කි. 2019 අයවැය වනවිට 6% දක්වා පහත වැටී තිබුණි. දැන් එය පවතින්නේ දැන් 0% ත් 6% ත් අතරේ‍ය. පවතින මෙවැනි තත්වයක් තුළ, රටක් ඉදිරියට යාහැකිද අයවැය ලේඛනයේ මොන ගණන් හිලව් තැබුවද “අය” පාර්ශවයක් නොමැතිව “වැය” පාර්ශවය පමණක් පෙන්වා දෙන අතර, “අය” වෙනුවට පෙන්නුම් කළ හැක්කේ “ණය” පමණි. පවතින අර්බුදයේ ගැඹුර මෙම තත්වය අධ්‍යයනය කිරීමේදී තේරුම් ගැනීමට හැකිවේ. අපි ඉතාම ගැඹුරු ණය අර්බුදයක සිරවී සිටිමු. ලෝකය සමග අප සිරවී සිටින ණය ප්‍රමාණය තීව්‍රය. එක් මාසයක් හෝ ණය වාරික නොගෙවා සිටියොත් විශාල අර්බුදයකට රට පත්වන අතර, මෙම තත්වය යම් තරමකට ලිහිල් කිරීම සඳහා රජය ආනයන සීමා කළ අතර, රටතුළ ඇති දේශීය මුදල් පිටතට ගලා යාමද නතර කිරීමට කටයුතු කළේය.

1948 සිට 1978 දක්වා ආණ්ඩුවල යම් යම් වෙනස්විම් තිබුණද මූලික වශයෙන් අපේ ආර්ථික උපායමාර්ගය ලෙස පවත්වාගෙන ආවේ, ආනයනය ආදේශන ආර්ථික ක්‍රමවේදයයි. 1978 දී ජේ ආර් ජයවර්ධන රජයේ එම තත්වය වෙනස් කළේය. ආනයන ආදේශන ආර්ථිකය හෙවත් දේශීය නිෂ්පාදනය වැඩි වන ආකාරයේ ආනයන ආදේශන ආර්ථිකයක් මෙම කාලය පුරාම පවත්වාගෙන පැමිණි අතර, ලෝක ආර්ථික ප්‍රතිපත්ති ද යම් යම් විදිහට වෙනස් විය. නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයක් මේ වන විට ලෝකය පුරාම ක්‍රියාත්මක වන්නට පටන් ගත් අතර එහි බලපෑමද අපගේ ආර්ථික උපායමාර්ග වෙනස් කිරීමට බලපෑම් කරන කරන ලද අතර, එතෙක් පැවති සංවෘත ආර්ථිකය විවෘත ආර්ථිකයක් බවට පත්විය.

1978 බොහෝ කතාබහට ලක්වූ ආර්ථික ප්‍රතිසංස්කරණය ක්‍රියාවලිය තුළ රොනී ද මැල් මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ අයවැය දහයක් ඉදිරිපත් කරන ලදී. දසවන අවසන් අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු විපක්ෂයේ අසුන් ගත්තේය. විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු අයවැය 10ක් ඉදිරිපත් කළ මුදල් ඇමති වරයෙකු තමන් සිටි දක්ෂිණාංශික කඳවුරෙන් මෙපිට වාමාංශික කඳවුර වෙත පිල් මාරු කිරීම හා සම්පූර්ණ වෙනසකට භාජනය වීම, කතාබහට ලක්වූ මාතෘකාවක් විය. එසේ දක්ෂිණාංශික කඳවුරෙන් වාමාංශික කඳවුර වෙත පිල් මාරු කිරීම යනු මෙතෙක් කාලයක් ඔහු විසින් ගෙන එන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ තවදුරටත් රටේ ආර්ථිකය ක්‍රියාවේ යෙදවිය නොහැකි බවටවූ පූර්ව අනතුරු ඇඟවීමක් දැයි එදා දේශපාලන විශ්ලේෂකයන්ගේ කතාබහට ලක්විය. (තිරුවණී විජේසිංහ)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්