Aug
28

නංගි ගෙදර ආවේ සුමානයකට සැරයක්, එක සතියක නංගි ගෙදර ආවේ තවත් පිරිමියෙක් එක්ක. මම ඒ හැම නාඩගමක් දිහාම බලාගෙන හිටියා

 
3269 Views
   
 

මාලතී තරුණය. හැඩකාරය. මාලතීගේ ජීවිතය බොහෝ හැලහැප්පීම් වලට ලක් වුවක් බව කිසිවෙකුට නො තේරේ. නමුදු ඇය බොහෝ නිදහස්ව නිරහංකාරව තම ජීවිතය ගැන කීවාය. තමන් විඳි අනන්ත අප්‍රමාණ දුක් කරදර කියා පෑවාය. මේ මාලතීගේ හෙළි කළ ජීවිත කතාවයි.

නංගිට ජිවිතේ ගැන ඉවසිල්ලක් තිබුණේ නැ හැ. ඒකයි මේ හැමදේටම මුල. හිරගෙදර සිටින තම නැගණිය පිළිබඳ ඇය සිතන්නේ එළෙසය. එක දිගට වැහැලා වැහැලා පායන කොට තමයි අම්මගෙ මුණේ ලස්සන හිනාවක් මතුවෙන්නේ. තාත්තගෙ මුහුණ කවදාවත් අපි දැකලා නැ හැ. අම්මා රස්සාව හැටියට කළේ වත්තේ රබර් කිරි කපන එක. වත්තේ මිනිස්සු අම්මා ගැන එක එක කතන්දර කිව්වා. ඒත් අම්මා කා එක්කවත් රණ්ඩු වෙන්න ගියේ නැ හැ. හැමදේම ඉවසගෙන හිටියා. පවුලේ හිටියේ නංගියි මමයි විතරයි. නංගි එයාට අවුරුදු පහළොව වෙනකොටම කොල්ලෙක් එක්ක ගියා. අම්මා එදා ඉකි ගහලා ඇඬුවා. මට මතක ඇති කාලෙක අම්මා ඒ විදිහට අඬලා නැ හැ. ඒත් නංගී ගිහිල්ලා මාස හයකට පස්සේ ගෙදර ආවේ දරුවෙකුත් ලැබෙන්න ඉන්දැද්දි. නංගී ගෙදර ආවේ ලැබෙන්න ඉන්න දරුවත් එක්ක. කෝ කෙල්ලේ උඹේ මිනිහා, හැන්දෑවේ කිරි එකතු කරලා ඇවිල්ලා පැදුරේ වාඩිවෙලා හිටිය අම්මා නංගීගෙන් ඇහුවේ බොහෝම හෙමින්.

නංගී කොස් ගහක් කඩාගෙන වැටුණා වගේ අම්මව බදාගෙන ඇඬුවා. අම්මා ගල් පිළිමය වගේ බලාගෙන හිටියා. පැය ගානක් ඒ විදිහට අම්මයි නංගියි ඉන්න ඇති. දැන් මාස කීයද? අම්මා ඇහුවේ හුඟාක් වෙලාවකට පස්සේ. මාස පහයි, හ්ම්…. දවස් ගෙවිලා ගියා. ඉන් පස්සේ අපේ ගෙදර ආයෙත් නංගිගේ හිනාව පැතිරුණා. ඒත් ඒ හිනාව ඉස්සර වගේ සැහැල්ලු එකක් නෙමෙයි. නංගිට ටික ටික දරුවා ලැබෙන්න ළං වෙනකොට අපිටත් වැඩ වැඩි වුණා. අම්මා එයාට පුළුවන්තාක් කල් වත්තේ කිරි කැපුවා. නංගිට දරුවා ලැබුණා. පුංචි රෝස පාට බෝනික්කියක් වගේ දුවක්. නංගීත් බොහොම ලස්සනයි. අම්මටයි මටයි ඉන් පස්සේ හරියට වැඩ වැඩි වුණා. අම්මා නැලවිලි ගී කියන්න වුණා. පුංචි දුව ටික ටික ලොකු වුණා. අම්මා අතපය රිදිල්ල වැඩිවෙලා සැරින් සැරේ බෙහෙත් ගන්න රෝහලට ගියා. අන්තිමට අම්මා වත්තේ කිරි කපන්න යන එක නතර කෙරුවා.

කවුද එතකොට ගෙදරට වියදම් කළේ? ඒක තමයි අපිට තිබුණ ලොකුම ප්‍රශ්නේ. අම්මට බෙහෙත්වලට වියදම් කරන්නයි. දරුවා හදන්නයි, තුන්දෙනෙක් ගේ කාලා බීලා ඉන්නයි. කොහෙන් කරන්නද? අන්තිමට මම තීරණය කළා වත්තේ කිරි කපන්න යන්න. අම්මයි නංගියි පුංචි දුවයි ගෙදර නතර කරලා මං වත්තේ වැඩට ගියා. නංගී කවදාවත් කැමති නැ හැ කිරි කපන්න යන්න. නමුත් අම්මා එන්න එන්නම ලෙඩ වුණා. අම්මා එක්තැන් වුණා. ඊට පස්සේ තමයි හැමදේම වුණේ. ඒ මොකක්ද? අම්මට හුඟාක් අමාරු වුණා. මං ගෙදර නතර වුණා. නංගී දරුවත් මට බාර දීලා රස්සාවකට යනවා කියලා ගමෙන් ගියා. ගමේම හිටපු කෙනෙක් තමයි නංගීට කොළඹ ගෙදරක රස්සාවක් හොයලා දුන්නේ. එතකොට දුගේ වයස අවුරුදු තුනයි. ලෙඩ ගානේ හිටපු අම්මා මැ රුණා. නංගිට මං අම්මගෙ ම රණය දන්නල යැව්වා. නංගි ගෙදර ආවා. අම්මගෙ හත් දවසේ දානේ දුන්නා. තුන්මාසෙත් දානේ දුන්නා. වත්තෙන් ලැබුණ ඉඩමේ තමයි අපි ගේ හදාගෙන හිටියේ. වත්තේ රස්සාවට නො ගිය නිසා අපිට ගෙදරින් යන්න වුණා.

අපි කොළඹ යමු අක්කේ?, නංගි අම්මගේ තුන්මාසේ දානෙට ගෙදර ආවාම යෝජනාවක් ගෙනවා. ගමේ දාලා යන්න බැ රි දෙයක් තිබුණේ නැ හැ. ඒ නිසා මං නංගි එක්ක යන්න කැමති වුණා, කොළඹ ඇවිත් කොහේද හිටියේ? අපි පුංචි කාමරයක් කුස්සි කෑල්ලක් එක්ක ගෙයක් හොයා ගත්තා. නංගි හැමෝටම කියලා තිබුණේ දරුවා මගේ කියලා. මං ඒක නිහඬවම විඳගත්තා. දරුවා අම්මේ කිව්වේ මට. නමුත් අපි හිටපු පරිසරය අමුතුයි. නංගි ගෙදර ආවේ සුමානයකට සැරයක්. එක සතියක නංගි ගෙදර ආවේ තවත් පිරිමියෙක් එක්ක. අක්කේ මේ මං බඳින්න ඉන්න කෙනා, නංගී මට ඒ මහත්තයව පෙන්නලා කිව්වා. එදා රෑ එගොල්ලෝ ගෙදර හිටියේ. දරුවයි මමයි මේ නාඩගම දිහා බලාගෙන හිටියා. පහුවදා උදේ පාන්දර මං තේ හදනකොට නංගි කුස්සියට ආවා.

ඔයා බැන්දම දරුවව ඔයා ළඟට ගන්නවද?, මං නංගිගෙන් ඇහුවා, අපෝ… එයාට මං කිව්වේ දුව අක්කගෙ කියලා, එතකොට දරුවා, මං ඒ ගැන පිළිවෙලක් කරන්නම්, ඒ කිව්වේ? කෑගහන්නේ නැතිව ඉන්නකෝ. මං හැමදේම විසඳන්නම්, නංගි එහෙම කියලා එදා දවල් ගෙදරින් ගියා. ඊට දවස් දෙකකට පස්සේ නංගී ගෙදර ආවේ ජෝඩුවක් එක්ක. මං නංගි දිහා බැලුවේ පුදුමයෙන්. මේ මගේ යාළුවෙක්. මෙයාලට දරුවෝ නැ හැ. අක්කට තනියම දරුවා හදාගන්න බැ හැ නේ අපි දුවව මෙයාලාට දෙමු. නංගී එහෙම කිව්වේ බොහෝම සැහැල්ලුවෙන්. ඒ දෙන්නා මං අඩද්දී දරුවා අරගෙන ගියා. මං හිත සනසගගත්තේ දරුවට අපිට වඩා හොඳ ජිවිතයක් ලැබේවි කියලා. ඊට පස්සේ ඔයා මොකද කළේ? මං දවස් ගානක් අඩ අඩා හිටියා. අන්තිමට මං හිත හදාගත්තා. මං ගාමන්ට් එකක රස්සාවට ගියා. එකේ තරුණයෙක් මා එක්ක යාළුවුණා. එයාගේ නම රුවන්. ගමක කෙනෙක්. මං මගේ ගැන නංගි ගැන අම්මා ගැන හැමදේම එයාට කිව්වා. මං හිතුවා එයා මාව දාලා යයි කියලා.

ඒත් එයා මාව දාලා ගියේ නැ හැ. එයාගේ අම්මා අක්කා නෑයෝ මාව බලන්න ආවා. ඒ හැමෝම මට කැමති වුණා. මං විවාහ වෙනවා කිව්වම නංගි මාව මඟ හැරියා. ඒත් මං මගේ මඟුල් ගේ එයාට කිව්වා. අතේ සතේ නැතිව කොළඹට ආව මට ලස්සන මනමාලියෙක් වෙන්න පුළුවන් වුණා. නංගි මාව මඟ හැරියා. මං රුවන්ගේ ගමේ නතර වුණා. රුවන් වගේම එයාගේ ගෙදර අයත් මට බොහෝම ආදරෙන් සැලකුවා. අපි ලස්සනට ජීවත් වුණා. එතකොට නංගි? එයා ගැන කිසිම ආරංචියක් නැතිව ගියා. අවුුරුද්කට විතර පස්සේ නංගි ලියුමක් එවලා තිබුණා. ඒ ලියුමේ තිබුණේ එයා ඉන්නේ හිරේ කියලා. මං රුවන්ට ලියුම පෙන්නුවා. මම හිතුවේ නැ හැ එයා නංගි බලන්න යයි කියලා. ඒත් රුවන් මාව නංගිව බලන්න එක්කගෙන ගියා. මාව දැකලා නංගි හොඳටෝම ඇඩුවා. එයා මි නී මැ රු ම ක ට සම්බන්ධවෙලා. තවත් අවුරුදු ගානක් හිරේ. අපි මොකද කරන්නේ කියලා මං රුවන්ගෙන් ඇහුවා. මොනවා කරන්නද පුළුවන් වේලාවට ඇවිල්ලා අපි නංගිව බලමු.

රුවන් මට නංගි බලන්න යන්න ඉඩ දුන්නා. එයා මං ගැන හරි විශ්වාසයෙන් ඉන්නේ. දැන් මං නංගිව බලන්න එනවා මාසයකට සැරයක්. මට දුක පුංචි දුව ගැන දුව නැ ති අඩුව තාම මට දැනෙනවා මං නංගිව බලන්න යන හැම වතාවකම එයා දුවව මතක් කරලා අඬනවා. මට මෙහෙම වුණේ දුවට දුන්න දුකට අක්කේ, නංගීගේ දුක මට තේරුණාට එයාට පිහිටක් වෙන්න මට බැ හැ, අපේ අම්මට හැමෝම හිනා වුණා. අම්මා නරක ගැහැනියක් හැටියට මිනිස්සු දැක්කේ. නංගිගේ ජිවිතෙත් ඒ වගෙයි. එත් අද මම ලස්සන ජීවිතයක් ගෙවනවා, කොච්චර සතුටින් හිටියත් නංගි ඉන්නේ හිර ගෙදර කියලා හිතෙන කොට මගෙ හිත වාවන්නේ නැ හැ. (උපුටාගැනීමකි)

මෙන්න බලන්න තවත් ගොසිප්