Feb
17

” මනෝ මාමා හැමදාමත් මට කියපු දෙයක් තමයි එක චරිතයක් කළ පමණින් ඔබ නළුවෙක් වෙන්නේ නෑ කියන එක ” ජනප්‍රිය නළු කෝකිල පවන්ගේ

 
866 Views
   
 

වර්තමානයේ මෙරට ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත්වෙමින් බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනාගෙන තිබෙන ටෙලිනාට්‍යයක් තමයි ” නාඩ්ගම්කාරයෝ ” කියල කියන්නේ. මේ ටෙලි නිර්මාණය තුළ මාලන්ගේ චරිතය කියල කියන්නේ අදටත් ප්‍රේක්ෂක රසික ආදරය නොඅඩුව ලැබෙන චරිතයක්. ඉතින් මේ මාලන් කියන චරිතයට සිය රංගන දායකත්වය ලබා දෙන්නේ කෝකිල පවන් කියන සොඳුරු රංගන ශිල්පියා විසිනුයි. ඇත්තෙන්ම ඔහු මෙම චරිතයට අපූරු සාධාරණත්වයක් ඉටු කරනවා කිව්වොත් නිවැරදියි

කොහොම නමුත් ඔහු කලාවට පිවිසෙන ආකාරය ගැන කතා කරනවානම් ඔහු කලාවට පිවිසෙන්නේ ස්වර්ණවාහිනී නාලිකාව හරහා විකාශය වූ හපන් පැදුර ළමා වැඩසටහන ඔස්සේයි. ඇත්තෙන්ම එලෙස කුඩා කාලයේදීම සිය රංගන දිවිය ආරම්භ කළ ඔහු තමන්ගේම කියල අනන්‍යතාවක් ගොඩනගා ගෙන අවසානයි. කොහොමහරි ඉතින් පිලියන්දල මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ඔහු ජයලත් මනෝරත්නයන්ගේ ගුරුහරුකම් මැද තල මල පිපිලා වේදිකා නාට්‍යයට සිය රංගන දායකත්වය ලබාදීමට අවස්ථාව හිමිකර ගන්නවා

එලෙස මෙම නිර්මාණයට එක්වෙන ඔහු වසර හතරකට වැඩි කාලයක් මේ නාට්‍ය ලංකාව පුරාම රඟ දක්වලා තිබෙනවා. ඒ අතරතුර කෝකිලගේ ජීවිතයේ සැලකිය යුතු වෙනසක් සිදුවෙනවා. ඇත්තෙන්ම ඒ ඔහුගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඔහු ඒ සොඳුරු අවස්ථාව පිළිබඳ අදහස් දැක්වුවේ මෙලෙසයි

“මම හිතන්නේ ඒ අවස්තාව ලැබෙන කොට මට අවුරුදු දහයක් විතර ඇති. සෝමේ මාමා ට වගේම රේණුකා නැන්දාට එහි පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ. සිරි රජ සිරි චිත්‍රපටිය ට මම ජන කලා කේන්ද්‍රය ට තේරීමේ පරීක්ෂණයට යද්දි මගේ වයස ළමයි පන්දහක් විතර හිටියා. ඒ අතරින් දාහක් තේරුවා ඔය විදිහට සම්මුඛ පරීක්ෂණ වට කීපයකටම මුහුණ දීලා තමයි අන්තිම ළමයි තුන්දෙනා අතරට මම ආවේ” යනුවෙනුයි

කෙසේවෙතත් කෝකිල මුලින්ම පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ ආනන්ද අබේනායක මහත්මයාගේ ” උණුසුම ” ටෙලිනාට්‍යය හරහායි. ඉන් අනතුරුව ඔහු සඳ දෝනි ,සිහින සමාගම ,සිදූ,දාම් වැනි නිර්මාණ රැසකටම සිය රංගන දායකත්වය ලබාදෙනවා. කොහොමහරි මේ දිනවල කෝකිල ගත කරන්නේ ඔහුගේ ජීවිතයේ සුන්දරම කාල වකවානුව තමයි. ඉතින් ඒ පිළිබඳව ඔහු පසුගිය දිනක පුවත්පතකට කියල තිබුනේ මෙලෙසයි

“නාඩගම් කාරයෝ නාට්‍යයටත් ඒකෙ මගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ඒත් මං කවදාවත් ආඩම්බර වෙන්නේ නැහැ. මොකද මනෝ මාමා හැමදාමත් මට කියපු දෙයක් තමයි එක චරිතයක් කළ පමණින් ඔබ රංගන ශිල්පියෙක් වෙන්නේ නැහැ නළුවෙක් නෙවෙයි කියන දේ. අනික අපි නිරූපණය කරන චරිතය ද සාර්ථක හෝ අසාර්ථක බව දකින්න ආදරණීය ප්‍රේක්ෂකයා හැම වෙලාවෙම ඔවුන්ගෙන් ලැබෙන හොඳ හෝ නරක ප්‍රතිචාර අපිට ලොකු ශක්තියක්”

ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඔහු ඉදිරියේදී චරිතාංග නළුවෙක් හැටියට ක්ෂේත්රය තුළ කැපී පෙනෙන්න ආසාවෙන් ඉන්නවා කියලයි කියන්නේ. කොහොම නමුත් කෝකිලගේ මේ සියලු බලාපොරොත්තු එයාකාරයෙන්ම ඉෂ්ට වේවා කියල අපිත් ඔහුට හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්