Feb
23

සියලු වෙලුම් පාර්ලිමේන්තුවට

 
243 Views
   
 

පාස්කු ප්රහාරය සම්භන්ධයෙන් සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ මෙතෙක් පාර්ලිමේන්තුවට භාර නොදී තිබූ සියලුම වෙලුම් අද දිනයේදී පාර්ලිමේන්තුව හමුවට ලබා දී තිබේ.

ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කරන්නේ ජනාධිපති නීති අධ්යක්ෂවරයා වන හරිගුප්තා රෝහණධීර මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද (2022.02.22) දින මෙම වෙලුම් භාර දෙනු ලැබීය.

පසුගිය වසරේ අප්රේල් 08 වනදා (2021.04.08) වනදා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදී තිබුණද නීතිමය හේතූන් මත මෙතෙක් ඒ හා සබැඳි සාක්ෂි සටහන් සහ සළකුණු අනාවරණය කර නොතිබිණි.

කෙසේ වෙතත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කර ගත් කරුණු ජනතාව අතරට සංනිවේදනය විය යුතු බැවින් සහ පාර්ලිමේන්තු මන්ත්රී වරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අදාල වෙලුම් පාර්ලිමේන්තුවට භාර දුන් බව ජනාධිපති මාධ්ය අංශය වැඩිදුරටත් ප්රකාශ කරයි.

මෙන්න බලන්න තවත් ගොසිප්