Feb
9

” ශලනි කියල කියන්නේ ගොඩාක් හොඳ ගෑනු ළමයෙක් කිසිම කෙනෙක් එයාව ප්‍රතික්ෂේප කරයි කියලා මම නම් හිතන්නෙ නැහැ ” සචින් ලියනගේ

 
2767 Views
   
 

මේ දිනවල ලාංකීය තරුණ පරම්පරාව අතර අතිශය ජනප්‍රියත්වයට පත් කඩවසම් වගේම දක්ෂ රංගන ශිල්පියෙකු තමයි සචින් ලියනගේ කියල කියන්නේ. ඇත්තෙන්ම ඔහු සතුව ඇති කඩවසම් පෙනුම නිසාම ඔහු ලංකාවේ තරුණියන් බොහෝදෙනෙකුගේ සිහින කුමාරයා බවට පත්ව තිබෙනවා. කොහොම නමුත් වර්තමානයේ විකාශය කෙරෙන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය ඔස්සේ ඔහු මෙරට ප්‍රේක්ෂකයන් අතර පැමිණ සිටිනවා. තුන්කොන් ප්‍රේම කතාවක් ලෙසින් දිග හැරෙන මෙම ටෙලි නාට්‍යයේ සිටින එක් යුවලක් තමයි නිර්වාන් සහ ස්නේහා කියල කියන්නේ

කොහොමහරි ඉතින් නිර්වාන් සහ ස්නේහා කියන මේ චරිත සදහා සිය රංගන දායකත්වය ලබා දෙන්නේ සචින් සහ ශලනි කියන ජනප්‍රිය රංගන ශිල්පීන් යුවළයි. ඇත්තෙන්ම මොවුන් දෙදෙනා සතුව තිබෙන පුදුමාකාර රංගන හැකියාව නිසාවෙන්ම පසුගිය කාලයේ දෙදෙනා අතර ආදර සම්බන්ධයක් තිබෙන බවට කටකතාවන් රැසක් හුවමාරු වෙන්න පටන් ගත්තා. ඉතින් අද අපි ඔහුත් සමගින් කතා කරන්න යන්නේ ඔහුගේ වර්තමාන ජීවිතය ගැන වගේම ඔහු පිළිබඳ මේ දිනවල හුවමාරු වෙන කටකතාවන් ගැනයි

ඇත්තටම ටෙලි නාට්‍යයේ වගේම සැබෑ ජීවිතයේදීත් ඔබ දෙදෙනා අතර ආදර සම්බන්ධයක් තිබෙනවාද ?

ශලනි කියල කියන්නේ ගොඩාක් හොඳ ගෑනු ළමයෙක්.මට මේ ක්ෂේත්‍රයේ ඉන්න හොඳම යාළුවත් එයා තමයි. ඇත්තටම එයා ගොඩක් දක්ෂයි. එයා ළඟ හැකියාවන් ගොඩක් තියෙනවා. කිසිම කෙනෙක් එයාව ප්‍රතික්ෂේප කරයි කියලා මම නම් හිතන්නෙ නැහැ .මම දකින විදියට එයා ගොඩක් ශක්තිමත් ගෑනු ළමයෙක්. අපි දෙන්න අතර කිසිම ආදර සම්බන්ධයක් නෑ අපි දෙන්නා හොඳ යාලුවෝ විතරයි

මේවෙනකොට සචිත් කියල කියන්නේ ලංකාව ඇතුළේ ජනප්‍රිය චරිතයක්. ඉතින් මේ ජනප්‍රියත්වයත් සමගම ඔබට දේශපාලනයට එන්න අවස්ථාවක් ලැබුණොත් මොකද කරන්නේ ?

ලංකාවේ දේශපාලනය තුළ මම දකින ලොකුම වැරැද්ද තමයි, දේශපාලනයට ගියාට පසුව තමන් ආවේ කුමන කාර්යයක් සඳහාද කියන දේ අමතක කරන එක. කිසිම අවබෝධයක් නැතුව තමයි ඔවුන් වැඩ කරන්නේ. මම මම ඉපදුනු ඉපදුණු දේශයට ලොකු සේවයක් කරන ඉතාමත් කැමති හැබැයි ඒකට දේශපාලන වලට පැමිණෙන ඕනමයි කියලා දෙයක් නැහැ. අපිට පුළුවන් ආකාරයෙන් සමාජ සත්කාර වල පවා නියැළෙනවා. ඒ වුණාට අපි ඒ ගැන ලොකුවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරන්නේත් නැහැ

මේවෙද්දී කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස ලොකු ගමනක් යන ඔබව යම් දිනෙක කලාවෙන් ප්‍රතික්ෂේප වුනොත් ?

මාව කවමදාකවත් ප්‍රතික්ෂේප වෙයි කියලා නම් මම හිතන්නේ නැහැ. මොකද මම වරදක් නොකරන නිසා. මට ලැබෙන නිර්මාණයක් මම මට පුළුවන් උපරිමේටම කරනවා. ඒ වගේම මම බාර ගන්න හැම නිර්මාණයක්ම බාර ගන්න කලින් ගොඩක් හොඳට කල්පනා කරලා බලනවා. යම් කිසි දවසක මම කලාවෙන් ප්‍රතික්ෂේප වුනොත් මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. මොකද මම ඊට උපරිම සාධාරණයක් කරපු නිසා. හැබැයි එහෙම වුනොත් ඒ ගැන පසුතැවෙමින් ඉන්නැතුව වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක් සොයා ගන්න මම යනවා

ඇත්තටම ඔබට දවසක ඔබ නොකරපු වරදකට දඬුවම් ලබන්න සිදුවුවහොත් ඔබ මොකද කරන්නේ

මම නොකරපු වරදකින් කාට හරි හොඳක් යහපතක් සිදුවෙනවා නම් මම ඒ වැරැද්ද බාරගන්නවා.හැබැයි ඒ දඬුවම නිසා මට හරි මගේ පවුලේ කෙනෙක්ට හරි දඬුවම් විඳින්න සිදු වුනොත් මම අනිවාර්යෙන්ම ඒ වෙනුවෙන් සටන් කරනවා.මොකද මමත් මම කීයටවත් කැමති නැහැ මම නිසා වත් වෙන කිසිවක් නිසා මගේ පවුලේ අයට වැරැද්දක් වෙනවට

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්