Feb
23

ගිහිගෙයින් නික්ම ගිය රටක් ආදරය කරන ජනප්‍රිය නිළි නයෝමි තක්ෂිලා පැවිදි දිවියට ?

 
2573 Views
   
 

නයෝමි තක්ෂිලා කියල කියන්නේ මේවෙද්දී මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් සුන්දර රංගන ශිල්පිනියක්. ඇත්තෙන්ම ඇය ජනප්‍රියම නිළිය ලෙසින් සම්මාන දිනාගත් චරිතයක්. කොහොම නමුත් විවිධ චරිත ඔස්සේ දැකගන්න ලැබෙන ඇය වර්තමානයේ සිටින දක්ෂ චරිතාංග නිලියක් ලෙස අපට හදුන්වන්න පුලුවනි. මේ අතර පුංචි තිරයේ ආදරණිය නිහතමානී චරිතයක් හැටියට මේවෙද්දී ඇයට ලාංකිකයන් විශාල පිරිසකගේ ආදරය වගේම ආකර්ෂණය හිමිව තිබෙනවා. ඒ බව නොරහසක්

කොහොමහරි ඉතින් වර්තමානයේ ඇය පිළිබඳ සමාජයේ විශාල කතාබහක් ඇතිව තිබෙනවා. ඉතින් අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ එලෙස වර්තමානයේ ඇය පිළිබඳ බොහෝදෙනෙකු කතාකිරීමට පටන්ගෙන තිබෙන හේතුව පිළිබඳව වගේම ඇගේ ජිවිතයේ අලුත්ම තොරතුරු පිළිබඳවයි. කොහොම නමුත් පහුගිය දවසක මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ඇගේ වර්තමාන ජීවිතය ගැන වගේම ඇගේ කලා ජීවිතය ගැන අදහස් දක්වලා තිබුනේ මෙලෙසයි

” මගේ ජිවිතේ වැඩියෙන්ම සතුටු වුන දවස තමයි රංගනය වෙනුවෙන් සම්මානයක් අතට ලැබුන දවස. ඕනෑම කෙනෙක් නිලියක් නළුවෙක් විදියට ක්ෂේත්‍රය ඇවිත් ටික කාලයක් යද්දී සම්මානයක් ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් මේ තරම් ඉක්මනට මාව සම්මාන උළෙලකට නිර්දේශ වෙලා සම්මානයක් ලැබේවි කියලා හිතුවේ නැහැ. මන් රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍ය කිහිපයක්ම දැනටත් විකාශය වෙනවා. ඒ අතරින් නීල පබළු ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් ලැබිලා තියනවා. රංගන ශිල්පිනියක් විදියට අගයික්මක් ලැබෙන එක අපිට ලොකු ශක්තියක්.” කියලයි

කෙසේවෙතත් වර්තමානයේ නයෝමි පිළිබඳ සමාජයේ විශාල කතාබහක් ඇතිව තිබෙනවා. ඊට හේතුව වෙන්නේ ඇගේ සුවිශේෂ ජායාරූප කිහිපයක් සමාජ ජාලා මාධ්‍ය තුළ සීඝ්‍රයෙන් හුවමාරු වීමයි. ඇත්තෙන්ම ඇගේ මේ ජායාරූප දකින හැමෝම වගේ කියන්නේ ඇය ගිහිගෙය කලකිරී පැවිදි දිවියට ඇතුළත් වෙලා කියලයි. ඉතින් මේ විදිහට සමාජ ජාලා මාධ්‍ය තුළ හුවමාරුවන ජායාරූප ගැන අදහස් දක්වමින් ඇය කියන්නේ. ඇත්තටම එහෙම දෙයක් නැහැ මේක උත්පලවන්නා 2 නිර්මාණය වෙනුවෙන් කරපු දෙයක්. කොහොම වුනත් මේ වගේ අබියෝගත්මක චරිතයක් ලැබීමත් ලොකු භාග්‍යයක් කියලයි ඇය කියන්නේ

කොහොමහරි ඉතින් පුංචි කාලයේදිනම් නයෝමි කියලා තිබෙනවාලු හින්දි නිලියක් වෙන්න ආසයි කියලා. ඒ වගේම උසස්පෙළ කරන්න අනුරාධපුර ස්වර්ණපාලි බාලකා විද්‍යාලයට ගියාට පස්සෙ නාට්‍ය හා රංගකලාව හදාරන්න ඇයට අවස්ථාව ලැබිල තිබෙනවා. ඒ කොහොම උනත් මේ දිනවල අපට මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය සිය රංගන දායකත්වය ලබාදෙන ටෙලිනාට්‍ය හයක් විතර විකාශය වෙනවා. ඉතින් ඒ නිර්මාණ ඔක්කෝටම කාලය වෙන්කර ගනිමින් තමයි ඇය මේ උත්පලවන්නා නර්මාණයටත් සිය දායකත්වය ලබා දෙන්නේ

ඉතින් මේ ආකාරයට අපේ කලා ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන ඇයට මේ නිර්මාණය හොඳින් කරන්න හැකිවෙන්න කියල අපිත් ඇයට හදවතින්ම සුභ පතනවා. ඒ වගේම ඇගේ බලාපොරොත්තුවක් තමයි ජනප්‍රියම නිළිය වුනා වගේම කවදාහරි හොඳම නිළිය විදියටත් සම්මානයක් ගන්න එක. ඉතින් ඇගේ මේ බලාපොරොත්තුවත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල අපි ඇයට හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්