Dec
20

2021 ගෑස් පිපිරීම් 847යි මරණ 7යි – දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වාර්තාවෙන් හෙළි වෙයි

 
1599 Views
   
 

2021 වසරේ මේ දක්වා කාලය තුළ ගෑස් සිලින්ඩර් ආශ්රිත සිදුවීම් 847ක් වාර්තා වී ඇතැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කමිටුවේ සාමාජික බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

එම සිදුවීම් අතර ගෑස් සිලින්ඩරයට හානි වීම් 1ක්, අධික තාපය හේතුවෙන් වෙනත් ද්රව්යයකට හානි සිදුවීම් 3ක්, රේගියුලේටරයට හානි සිදුවීම් 15ක්, ගෑස් බටයට හානි වීම් 52ක්, ගෑස් කාන්දුවීම් 299ක් සහ ගෑස් ලිපෙහි මුහුණත වීදුරු කොටස බිඳී යාම් හා ගෑස් ලිප් පුපුරා යාම් 477ක් වන බව ඒ සම්බන්ධයෙන් සකසන ලද වාර්තාවක් මගින් ඔහු පෙන්වා දුන්නේ ය.

ඒ අතරින් සිදුවීම් 797ක් ලිට්රෝ ගෑස් සිලින්ඩර් ආශ්රිතව සිදු වී ඇති අතර ලාෆ්ස් ගෑස් සිලින්ඩර් ආශ්රිතව සිදුවී ඇති සිදුවීම් ගණන 50කි. ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ, මෙම වසරේ ගෑස් සිලින්ඩර් ආශ්රිතව සිදු වූ අනතුරුවලින් මරණ 7ක් සිදුවී ඇති බව ය.

මාර්තු 20 වන දා තලාතුඔය, මාර්තු 24 වන දා මරදාන, සැප්තැම්බර් 24 වන දා වැලිකඩ, සැප්තැම්බර් 15 වන දා කොට්ටාව, ඔක්තෝබර් 21 වන දා කඳපොළ, නොවැම්බර් 19 වන දා මාතලේ සහ දෙසැම්බර් 1 වන දා මහනුවර යන ප්රදේශවලින් එම මරණ වාර්තා වී තිබේ.

ඒ අතර තුවාල සිදුවීම් 16ක් සහ දේපළ හානි 18ක් වාර්තා වී ඇත. මෙම වසරේ නොවැම්බර් මාසය තුළ ලිට්රෝ සමාගම ගෑස් සිලින්ඩර් ලක්ෂ 28ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති අතර ඒ අතරින් ගෑස් සිලින්ඩර් 797ක් ආශ්රිතව සිදුවීම් වාර්තා වී ඇතැයි ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත.

එමෙන් ම, ලාෆ්ස් ගෑස් සමාගම එම මාසය තුළ වෙළෙඳපොළට නිකුත් කර ඇති සිලින්ඩර ගණන 280,000කි. එම සිලින්ඩර ආශ්රිතව සිදුවීම් 50ක් වාර්තා වී තිබේ.

සිය වාර්තාව මගින් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරට ත් පෙන්වා දෙන්නේ, ප්රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩර් හඳුනා ගැනීම සඳහා ලිට්රෝ සමාගම විසින් රතු පැහැති ලේබලය සහිතව සිලින්ඩර් නිකුත් කිරීම ආරම්භ කළ පසු වාර්තා වී ඇති සිදුවීම් ගණන 12ක් බව ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්