Oct
25

ජනපති ලේකම්ගේ ඉල්ලීම පරිදි සති අග අරුණ කතෘ පැය හතරහමාරක් CID යේ

 
734 Views
   
 

“ඉන්දියානු පොහොර වලට ගෙවන්න කෝටි 29ක් පෞද්ගලික ගිණුමකට” යන මැයෙන් ඊයේ (24) සති අග අරුණ පුවත්පතේ පළවූ ප්රධාන පුවත පිළිබඳව ඊයේ දිනයේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවූ එහි කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාගෙන් පැය හතරහමාරක කාලයක් මුළුල්ලේ ප්රශ්න කර තිබේ.

මෙයාකාරයෙන් ඉලේපෙරුම මහතාගෙන් සී.අයි.ඩීය ප්රශ්න කර ඇත්තේ එම පුවත පිළිබඳ සියලු පාර්ශව කැඳවා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා පොලිස්පති සී.ඩී වික්රමරත්න මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

එම පුවතට අදාළ මූලාශ්ර සපයා ගත් ආකාරය පිළිබඳවත් මහජන බැංකුවේ සභාපතිවරයා ඒ පිළිබඳව කර තිබූ ප්රකාශය පිළිබඳව පොලිස්පති වරයාගෙන් සී.අයි.ඩීය දිගින් දිගටම ප්රශ්න කර ඇතැයිද වාර්ථාවේ.

ඊට අමතරව එම පුවත ලියූ මාධ්යවේදී උදයජීව ඒකාන්ත මහතාගෙන්ද පැය දෙකක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රශ්න කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශයක් මූලාශ්ර කරගෙන අදාළ පුවත සැකසූ බවත් ඒ පිළිබඳව සියලු වගකීම් තමන් භාර ගන්නා බවත් අරුණ කතුවරයා සී.අයි.ඩීය හමුවේ පවසා ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්