Mar
6

” මගේ ජීවිතේ හොඳම වයසේදී මම ගොඩක් දුක්වින්ද කෙනෙක්, ඒත් අද මම ලංකාවේ ලොකු තැනක ඉන්නවා” ජනප්‍රිය රංගන ශිල්පිනී රොෂානා ඔන්ඩච්චි

 
952 Views
   
 

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ඉන්න හැමෝම වගේ ආදරය කරන සුන්දර රංගන ශිල්පිනියක් තමයි රොෂානා ඔන්ඩච්චි කියල කියන්නේ. කාලයක් මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඇයව නිරන්තරයෙන් දැකගන්නට ලැබුණත් වර්තමානයේදීනම් ඇයව අපට වැඩිය දැකගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් එලෙස වර්තමානයේ ක්ෂේත්‍රය තුළින් වැඩිය දැකගන්නට නොලැබුනත් ඇගේ ජනප්‍රියත්වයේනම් කිසිම අඩුවක් වෙලා නැහැ

ඇත්තෙන්ම රොෂානා කියල කියන්නේ ජීවිතයේ බාධක, කම්කටොලු මැදින් යකඩ ගැහැනියක් ලෙසට ජීවිතය ජයගත්ත සොඳුරු කලා ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. කොහොමහරි ඉතින් කාලයෙන් කාලයට විවිධ චරිත හරහා අප අතරට පැමිණි රොෂානා ගැන කතා කරනවානම් ඇය පුංචි තිරයේ දඟකාර රංගන ශිල්පිනියක්

රොෂානා විවාහ වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානයක්කාර සමගයි. කොහොම වුනත් ඇගේ මේ විවාහය සාර්ථක වෙන්නේ නැහැ. ඒ විවාහයෙන් ඔවුන්ට දියණියක් හිටියත් පසුකාලීනව ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන් වෙනවා. කෙසේවෙතත් මේවෙද්දී රොෂානා ජීවත් වන්නේ ඇයගේ දියණිය වන මෙනාෂා නානායක්කාර සමගිනුයි. ඉතින් සිය විවාහයෙන් වෙන්වෙලා සිය දියණියත් සමගින් දිවි ගෙවන රොෂානා ඇය ගෙවන ජිවිතේ ගැන වගේම ආදරණිය දියණිය ගැන කියන්නේ මෙහෙම කතාවක්

”ඇත්තමයි මම යකඩ ගැහැනියක්. මොකද මගේ ජීවිතේ හොඳම වයසේදී මම ගොඩක් දුක්වින්ද කෙනෙක්. ඒත් අද මම ලංකාවේ ලොකු තැනක ඉන්නවා. හැබැයි ඒ සමාජයේ නරක විදියට ජීවත් වෙලා නෙමෙයි. මම හරි විදියට ජීවිතේ ගොඩනගා ගත්තා. ඒ ලොකු දුවකුත් හදාගෙන. ඇත්තටම මට අද ආඩම්බරයි මට ආඩම්බරයි ,මට මේ වගේ දුවෙක් ඉන්න එක ගැන. මගේ ලොකුම හයිය එයා. මගේ තනියට මගේ හැමදේටම ඉන්නේ මගේ දියණිය. ඉතින් අපි දැන් හොඳ ජිවිතයක් ගෙවනවා. මට ලොකු සතුටක් තියෙන්නේ මට මේ වගේ දියණියක් ලැබීම ගැන ” කියලයි

කෙසේවෙතත් සිය විවාහයෙන් වෙන්වෙලා මේ විදිහට දියණියත් සමගින් දිවිගෙවන රොෂානා රංගන කටයුතු වලටත් සම්බන්ධ වෙමින් කටයුතු කරන බව නොරහසක්. ඒ වගේම ඇගේ දියණිය මෙනාෂාට තවමත් සිය පියාගෙන් සැළකිලි ලැබෙන බවත් සඳහන් වෙනවා. කොහොම නමුත් කලකට ඉහතදී පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත් රොෂානා මේවෙද්දී සමාජ ජාලා මාධ්‍ය තුළත් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා තිබෙනවා

කොහොම නමුත් යම් යම් අවස්ථාවන් වලදී රොෂානා ඇගේ සමාජ මාධ්‍ය ගිනුමට සිය දියණිය මෙනාෂා සමගින් ලබාගත් ජායාරූප එක් කිරීමටයි කටයුතු කරන්නේ. ඒ වගේම තමයි ටික්ටොක් සමාජ ජාලය තුළද මෙනාෂා කාලයක් ජනප්‍රියත්වයට පත්ව සිටියා. ඉතින් මේ විදිහට සිය දියණියත් සමගින් ආදර්ශමත් ජීවිතයක් ගතකරන රොෂානාගේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථකත්වයට පත්වේවා කියල අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්