Dec
21

බොදු බල සේනාවට Facebook තහනම් – මෙරට තවත් සංවිධාන දෙකකුත් ඒ අතරට

 
1668 Views
   
 

ෆේස්බුක් සමාජ මාධ්ය ජාලය මගින් වාර්ෂිකව යාවත්කාලීන කරන තහනම් ලයිස්තුවට බොදුබල සේනා සංවිධානය ඇතුළු මෙරට සංවිධාන තුනක් ඇතුළත් කර තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානය හා සිංහලයේ ජාතික බලමුළුව එසේ තහනම් කර තිබෙන සෙසු සංවිධාන දෙක වෙයි.

මුස්ලිම් අන්තවාදී සංවිධාන එකතු වී තම සංවිධානය ත්රස්ත සංවිධානයක් බවට පත්කර ඇති බවත් මේ සම්බන්ධයෙන් තමන් වහන්සේ ඉදිරියේදී නීතිමය රැකවරණය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

ෆේස්බුක් මාධ්ය ජාලය මගින් වාර්ෂිකව යාවත්කාලීන කරන්න තහනම් ලැයිස්තුවට බොදුබල සේනා සංවිධානය ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් උන්වහන්සේගේ අදහස කුමක්ද යන්න පිළිබඳව කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිනුයි උන්වහන්සේ එසේ පැවසුවේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්