Oct
9

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය වෙලා තියෙන්නේ යහපාලුවන් වගේ හොරු ආරක්ෂා කරන්න නම් නෙමෙයි, අන්න ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉමු කාගේ කාගෙත් රෙදි ලඟදීම ගැලවෙයි

 
439 Views
   
 

‘පැන්ඩෝරා පේපර්ස්වල සඳන් ශ්‍රී ලාංකිකයින්ගේ ගනුදෙනු ගැන පරීක්ෂණ පවත්වන්න ජනපතිගෙන් නියෝග’ පැන්ඩෝරා පේපර්ස් නමින් ප්‍රකට වුණු වත්කම් සටහන්වල නම් සඳහන් ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුලත වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හා දූ ෂණ විමර්ශන කොමිෂම් සභාවේ සභාපතිවරයාට නියෝග. (පුවතක්)

ඇත්තටම ජනාධිපතිතුමා මේ දීලා තියෙන නියෝගය අපි හදවතින්ම අගේ කරනවා. ඒකට හේතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වැරදෙන්න ප්‍රධානතම හේතුව තමයි එක එකා කරන වැරදිවලට තමන්ගේ නම අදාල කරගනිමින් විපක්ෂය විසින් ගහපු බොරු මඩවලට නිසි පිළිතුරු ලබා නො දී , දේශපාලනයේදි මේ වගේ මඩ ප්‍ර හා රවල් සාමාන්‍ය දෙයක් කියලා හිතපු නිසයි 2015දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පැරදිලා ගෙදර යන්න සිද්ද උනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එදා කටයුතු කරානම් මේ මඩ ප්‍ර හා ර වල්වලට නිසි පිළිතුරු ලබා දෙන්න විපක්ෂය විසින් එදා සමාජගත කරපු බොහෝ මඩවලට නිසි පිළිතුරු ලබා දීලා ජනතාව අතරේ ඇත්ත සමාජගත කරන්න තිබුනා.

2015දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පරාද කරන්න දියත් කරපු මෙහෙයුමේ පාට් ටූ එක තමයි දැන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. මහින්ද රාජපක්ෂ වගේ දැවැන්ත නායකයෙක්ව පවා ගෙදර යවන්න මේ බොරුවලට පුලුවන් උනානම් කො විඩ් වසංගත අස්සේ පීඩා විඳින මිනිසුන්ගේ ඔලුවලට දිගින් දිගටම එක එකේ බො රු ඇතුල් කරලා 2024දි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව ගෙදර යවන්න කටයුතු කරන එකත් මේ බො රුවලට මහා ලොකු දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දැන්වත් මේවට නිසි පිළිතුරු ලබා දෙන්න කටයුතු කිරීමනම් ගොඩාක් වටිනවා.

පැන්ඩෝරා පේපර්ස් වල නිරූපමාගේ නම තිබුනු ගමන් කට්ටිය උඩ දාගෙන ගහන්න ගත්තේ රාජපක්ස ආණ්ඩුවට. බලද්දි නිරූපමා කියන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ තියා පොහොට්ටුවේ වත් නැ ති කෙනෙක්. ඒ වගේම තිරු නඩේෂන් මේ මුදල් හම්බ කරලා තියෙන්නෙත් 1990 ඉඳන් 2000 කාලය ඇතුලත. එහෙම තියෙද්දිත් මේ කුණු ගොඩත් රාජපක්ෂලාගේ ඇඟේ දාලා මඩ ගහන්න හදන උන්ගේ රෙදි ගැලවෙන්නම මේ ගැන පරීක්ෂණයක් කරන්න පටන් ගත්තු එක ගොඩාක් වටිනවා. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හිටියා වගේ පාඩුවේ හිටියොත් වෙන්නේ ලොකු විනාශයක්.

පකිස්ථානයේ දේශපාලකයින්ගේ නම් පැන්ඩෝරා පේපර්ස්වල සඳහන් වෙලා තියෙනවා කියලා දැනගත්තම ඉම්රාන් ඛාන් කිව්වනේ වහාම පරීක්ෂණයක් කරන්න කියලා? ඉම්රාන් ඛාන් එහෙම කිව්වම ඉම්රාන්ව අපේ කට්ටිය කරේ තියාගෙන ඇවිදිනවා නේ “මෙන්න පට්ට නායකයෝ” කියලා? හැබැයි ඒ දේම අපේ රටේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්වම රාජපක්ෂලාට මඩ ගහන්න බලන් ඉන්න සෙට් එක ගෝඨාභය රාජපක්ෂව අගේ කරයිද? ලොවෙත් නෑ. කිරි ගහට ඇන්නා වගේ මන් අනාවැකියක් කියන්නම් “කෝ මේවාට පරීක්ෂණ” කියලා මෙච්චර දවසක් කෑ ගහපු තුප්පහි මඩ බලකාය අද ඉඳන් කියන්න ගන්නවා “ආපෝව් මුන්ගේ පරීක්ෂණ. ඔය පරීක්ෂණ හරියට හොරාගේ අම්මගෙන් පේන බැලුවා වගේ වැඩක්. අපිටනම් කිසිම විශ්වාසයක් නෑ මේ පරීක්ෂණවල් සාධාරණව සිදු වෙයි කියලා” මන් කියන එක බොරුනම් පොඩ්ඩක් ඉවසලාම බලන්නලා ඔය මඩ බලකාය ඔය කතාව කියන්නේ නැද්ද කියලා. මොකද මුන්ට අවශ්‍ය මොන විදියකින් හරි රාජපක්ෂ ආණ්ඩුවට මඩ ගහන්න විතරයි. එතනින් එහාට මුන්ට වැඩක් නෑ ඔය පරීක්ෂණවල් එහෙම. මුන් ආසම මේවා ගැන පරික්ෂණ පවත්වන්නේ නැතුව ඉන්නවාට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වගේ නොදැක්කා වගේ පාඩුවේ හිටියොත් විතරයි මුන්ගේ මඩ ව්‍යාපාරය දිගටම කරගෙන යන්න පුලුවන් වෙන්නේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අරමුණ හොඳින්ම දන්නා රටේ බහුතරයක් ජනතාව දන්නවා මේ ගැන සාධාරණ පරීක්ෂණයක් සිද්ද වේවි කියලා. අනික ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මේකෙන් පාඩුවක් වෙන්නේ නෑ නේ? තිරු නඩේෂන් ඔය කළු සල්ලි ටික හම්බ කරලා තියෙන්නේ ප්‍රේමදාසගේ පටන් චන්ද්‍රිකාගේ කාලේ දක්වා. එතකොට මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් සිද්ද කරලා තිරු නඩේෂන්ගේ කළු සල්ලිවලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් එක්කම එලියට එද්දි දේශපාලනිකව වාසිය ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මිසක් ඔය අනුරටවත් , සජිත්ටවත් නෙමෙයි.

පැනමා පේපර්ස් වලත් චම්පිකගේ කළු සල්ලි විද්‍යා අමරපාල ගාව තියෙනවා කියලා එලියට ආවම යහපාලනයෙන් කිව්වද පරීක්ෂණ පවත්වන්න කියලා? නෑ නේද? හැබැයි අද තත්වය ගොඩාක් වෙනස් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය වෙලා තියෙන්නේ යහපාලුවන් වගේ හොරු ආරක්ෂා කරන්න නම් නෙමෙයි. හොඳ හොඳ සෙල්ලම් එලිවන ජාමෙට කිව්වලුනේ? අන්න ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉමු කාගේ කාගෙත් රෙදි ලඟදීම ගැලවෙයි. (මොහමඩ් අක්රම්)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්